Skip to main content

Posts

රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි. දැන් කාලේ ගොඩක් නගරවල තිබෙන දැන් වීම් නම් අසවල් පන්සලේ රන්වැට සඳහා පිංවතුන් ආධාර කරන ලෙසයි. නැත්නම් ආසියාවේ දිගම/විශාලම පිළිමයට ආදාර දෙන ලෙසයි. (මේ වගේ එකක් දුම්රියෙන් යන විට මග්ගොන හරියෙත් තියෙනවා) ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද? විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ? ගසේ ආරක්‍ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ. තෘෂ්ණාව නැති කරන්න කියලා හැම පෝය දිනකදීම යකඩ කටින් කියවන අපේ ගමේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය ලගදි හොරු අරන්. :D මම හිතන්නේ බුදුන් දෙසු දහමේ සිට අපේ හාමුදුරුවෝ හොරාට මෛත්‍රි කරන්න ඇති නේද? පිස්සුද මේ හාමුදුරුවෝ පන්සල වටේ තාප්පය ගහන්න ගිහින් අල්ලපු වැටේ මනුස්සයට විරුද්ධව පොලිසි ගියා.. (මා දන්න කාලයක සිට ඒ ගෙදර වැසියන් යන්න එන්න ගියේ ඒ පාරෙන්...) දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ.. ඔය කියන හොරා ආවෙත් තාප්පේ ගැහුවම හැබැයි. හරි නම් පන්සල් වලින් ගිහියන්ගේ අපහසුකම් වලට සහනයක් දෙන්න ඔනා. දැන්...

2008 අ.පො.ස. (සා.පෙළ) IT විශය සඳහා ඔබත් වංචාකරුවෙක් ද?

පසුගිය වසරේ පැවැත් වූ 2008 අ.පො.ස. (සා.පෙළ) තොරතුරු තාක්‍ෂණ වියට අදාලව ලකුණු 25 වෙන්කර තිබුනේ පළමු වාරයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබු තොරතුරු තාක්‍ෂණ ව්‍යපෘතියක් සඳහායි. එම ව්‍යපෘතියට අදාල උපදෙස් පත්‍රීකාවලට අනුව එය නිසිසේ සැලසුම් කර තිබුණි. මෙම ව්‍යපෘතිය සඳහා යෝජනා පළමු වාරයේ තුන්වන සතිය වන විට විශය භාර ගුරුවරයාට ලබා දියයුතූ බව අදාල උපදෙස් වල මැනවින් සටහන් වී තිබුණි. නමුත් බහුතරයක් තොරතුරු තාක්‍ෂණ විශය භාර ගුරුවරු මෙම ව්‍යපෘතිය පිළිබඳව සිසුන් දැනුවත් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ වීම අතිශය කනගාටුදායක සිද්ධියකි. විභාගය අතලගට ආවම කව්ද මේවගේ ව්‍යපෘති කරන්න යන්නෙ? එක්කෝ කලින් අවුරුද්දේ කළ කෙනෙක්ගේ එක ඉල්ලන් පෙන්වනවා,... හැබැයි මෙකෙදි විභාග දෙපාර්තුමෙන්තුවට ලකුණු යවන්නේ අදාල විශය භාර ගුරුවරයා වීම ද සිසුන්ගේ සැනසුමට කාරනයක් විය. ඉතින් මෙන්න සිද්ධිය: මෙවර තොරතුරු තාක්‍ෂණ විෂයට A සාමාර්තයක් ගත් කිහිපදෙනෙක්ගෙන් විමසූ විට ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් ලබා දී නොමැත. එසේ නම් පිළිතුරු පත්‍රයට ලැබෙන ලකුණු 75න් 75ම ඔවුන් ලබාගෙන ඇත. එක් ලකුණක් හෝ අඩු වුවා නම් B එකක් ලැබිය යුතුයි. ඇත්තටම ඒකද උනේ? A සාමාර්...

දෙවසරක අතීතය....

මීට වසර දෙකකට පෙර එනම් 2007 අප්‍රේල් මස 11 දින Red Hat සමාගම යටතේ දේශියකරණයට එක් වුයේ ඊට පෙර එම සමාගමේ සිංහල වෙනුවෙන් කටයුතු කළ මා මිත්‍ර ටිරෝන් වෙනත් අංශයකට යොමු විමෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීමටයි. ඉතින් මේ කතා සියල්ල ඇරඹීමට පළමුව කිව යුතු එක් දෙයක් ඇත. එනම් දැනට සිටින බොහෝමයක් සහ එවකට සිටි සියළු සිංහල යුනිකෝඩ් ලැදි මිතුරන් මුණගැසුනාක් මෙන් ටිරෝන් හමු වුයෙ සිංහල යුනිකෝඩ් සමූහය හරාහායි. පුෂ්පකුමාර සහෝදරයාගේ ඇරයුමින් සිංහල යුනිකෝඩ් සමුහයට එක් වුයේ එය භාවිතා කරන්නට ආරම්භ කර දින කිහිපයකට පසුවයි. ඉතින් ඇරඹූ තැන තවමත් මතකයේ තිබෙන බව සිංහල යුනිකෝඩ් සමූහයේ මිතුරන්ට සතුටින් දන්වා සිටිමි. කෙසේ වෙතත් අදාල අරමුණු වලින් ඉවතට ගමන් කෙරුණු එම සමූහයෙන් නොදන්වාම වසර කිහිපයකට පෙර ඉවත් විය. දැනට සක්‍රීයව සිටින සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයද බිහිවුයේ එම සමූහයෙ සිටි මිතුරන් පිරිසකගෙනි. මා මෙහිදි දේශීයකරණය ලෙස දක්වන පදයේ අංශ දෙකක් ඇත. එනම් පරිගණකයේ සිංහල පිහිටුවීම පළමු සහ වැදගත් අංගයයි. අනෙක පරිගණකයේ අවශ්‍ය මෘදුකාංග/යෙදුම් සිංහලින් සැකසීම දෙවැනි කොටසයි. පළමු අංගය සඳහා අනුරාධ රත්නවීරන් විසින් මහත් කැපකිරී...