Skip to main content

මරණයට විසුළු කළ මිනිසෙක්

අද දිනමිණ පුවත් පතේ මෙම විත්තිය දාන්නේ මගේ බ්ලොග් එකට සෙනග ගෙන්වා ගැනීමට නොව, හුදෙක් එම පුවත කියවිමෙන් ඇතිවු කණගාටුව නිසයි.

සාමාන්‍යන් දිනමිණ නොබලන එක්කෙනෙක් හරි මෙය අද කියවයි.

රචනය ඉරෝෂිණී දීපිකා සහ සෙයාරු සඳහා සමන්ත වීරසිරි

මෙන්න කතාව............

නෙත නිඳිවැරුව ද ඔහුට කම් නැත. අව් කාෂ්ටකේ දැවෙමින් හිස කකියන තුරු මුර කපොළු ළඟ සිටිය ද ඉන් විඩාවක් නැත. යුද මෙහෙයුම්වල නිරත වුව ද කිසිදු බියක් නැත.

තම ජීවිතයට වඩා ලක්ෂ ගණනක ජීවිත ආරක්ෂා කිරීම පමණක් ඔහු සිතේ ඉපැදුණු එකම බලාපොරොත්තුව විය. දුක් කම්කටොළු සියල්ල එක සිතින් බාරගෙන, දිවි පරදුවට තබා, අප වෙනුවෙන් කැප වූ ඔහු කොඩිතුවක්කු ආරච්චිගේ අජිත් නම් වෙයි.

මේ අපූර්ව මිනිසා අපට මුණගැසුනේ මෝදර රොක් හවුස් කඳවුරු භූමියේ දී ය. ඒ අභීත මිනිසාගේ විචක්ෂණශීලී බව නිසා ම, වෙන්නට ගිය මහා විනාශයක් පවා වළක්වා ගැනීමට හැකිවිය. මේ ඔහුගේ ඒ කථාවේ කටු සටහනකි.

"මං ජීවත් වෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. ඉගෙන ගත්තෙ බදුරලිය කඹුරාවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ අපොස (සා/පෙළ) දක්වා විතරයි. ඔන්න ඔය කාලෙ තමයි රටේ භීෂණය පැතිරිලා තිබුණෙ.

ඒ කාලෙ සිදුවුණු සිදුවීම් ගැන හිතේ පොඩි කලකිරීමක් ඇතිවුණා. රට, ජාතිය ආරක්ෂා කර ගැනීම මවු බිම වෙනුවෙන්කළ හැකි එකම සත්කාරය කියලා හිතලා හමුදාවට බැඳෙන්න තීරණය කළා.

සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණේ මාත් එක්ක හතර දෙනයි. අද වෙනකොට ජීවතුන් අතර ඉන්නෙ අපි හතර දෙනාගෙන් මං විතරයි"

ඔහු අද ජීවත්ව සිටින්නේ මරණය හා ජීවිතය අතර පැවැති ද්වන්ධ සටනකින් අනතුරුව යැයි කීම නිවැරැදිය.

"මං හමුදා පුහුණුව ලැබුවෙ අනුරාධපුරේ පුහුණු කඳවුරෙන්. ඊට පස්සෙ වැලිඔය, වව්නියාව, මඩකළපුව වැනි ප‍්‍රදේශවල කි‍්‍රයාන්විතයේ සේවය කළා. 1994 දී ජනාධිපති ආරක්ෂක අංශයට බැඳුනා. ඊට පස්සේ යාපනයේ සේවය කළා.

මේ අතරෙදි හමුදා සේවයේ හිටිය මගේ මල්ලි අලිමංකඩ සටනින් මරණයට පත්වුණා. මං පලාලි ඉදලා එයාගෙ අවසන් කටයුතුවලට ගෙදර ආවා. අවසන් කටයුතුවලින් පස්සෙ දවසක මං ගෙදර ළඟ කඩේකට ගිහින් හිටියා.

ඒ වෙලාවෙ එක් පුද්ගලයෙක් ඒ කඩේට ඇවිත් තේ එකක් බීලා, රු.100ක් මුදලාලිට දුන්නා. ඒත් ඉතිරි සල්ලි ගත්තෙ නෑ. ඒක දැකපු මට මේ තැනැත්තා ගැන සැක හිතුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් දෙන්නෙක් ඔය සිද්ධිය දැක්කා. මේ පුද්ගලයා මංකොල්ලකාරයෙක් විය හැකියැයි ඒ අය කිව්වා. මං එයා පස්සෙන් එළවගෙන ගිහින් ඇඟේ එල්ලිලා බදා ගත්තා.

එයාගෙ ඇඟේ බෝම්බයක් බැඳගෙන ඉන්න බව දැක්කෙ ඒ වෙලාවෙයි. ඒක පුපුරවා ගත්තොත් මහා විනාශයක් වෙන්න පුළුවන් බව මට වැටහුණා.

මං ඒ පුද්ගලයගේ අත්, කකුල් හිර කරලා හෙල්ලෙන්න බැරි වෙන්න බදා ගත්තා පැය භාගයක් යනකං ඒ විදිහට හිටියා. ඒත් කවුරුත් ළං වුණේ නෑ. ඈතට වෙලා ඉඳන් වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන හිටියා.

ඊට පස්සෙ මගෙ අතින් එයාව ගිලිහුණා. ඒත් එක්කම මේ පුද්ගලයා දිව්වා. පොලීසියට දැන්වුවහම ඒ අය ආවා. ඒ කෙනා උද්‍යානය පැත්තට දිව්වා.

ඒ පුද්ගලයව ලුහුබඳීමින් ගිහින් පොලිසිය අහසට වෙඩි තිබ්බා. ඒත් එක්කම කොටි ත‍්‍රස්තවාදියා ශරීරයේ බැඳගෙන සිටි බෝම්බය පුපුරවා ගත්තා. ඒ අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා මිය ගියා. මට බරපතළ තුවාල සිදු වුණා.

මාව කොළඹ මහ රෝහලට ඇතුළත් කළා. ඒ වනතෙක් මට සිහිය තිබුණා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිහිය නැතිව ගියා. ඒ විදිහට මං සති දෙකක් ඉඳලා.

ඊට පස්සේ මාස හතරක් වීදුරු පෙට්ටියක දාලා ඉඳලා. හුඟක් අය හිතලා තියෙන්නෙ මා මැරෙයි කියලා. ඒත් එලොව ගිහින් මෙලොව ආව වගේ මට සනීප වුණා.

මගෙ කකුල්වල, බෙල්ලෙ, ඇඟේ , ඔළුවෙ හැම තැනම යකඩ බෝල ගිහින් තිබිලා. එයින් කිහිපයක් ශරීරයෙන් ඉවත් කළා. ඒත් තව කිහිපයක් ඇඟ ඇතුළෙ තියෙනවා.

ඒවා ඉවත් කරන්න අපහසු මට්ටමකයි තියෙන්නෙ. මේ හේතුව නිසා ම මං හරි අපහසුතාවෙන් ජීවත් වෙන්නෙ. ඒත් මං මුහුණ පෑ මේ තත්ත්වය ගැන සොයා බලන්න අද වෙනකොට කවුරුත් නෑ.

මේ බෝම්බය අගමැතිතුමා ඉලක්ක කරගෙන ගෙනා එකක් බව ඒ දවස්වල දැන ගන්න ලැබුණා. මං අඳුරන මැති ඇමැතිවරු හිටියා.

ඒත් මං මරණයත්, ජීවිතයත් අතර සටන් වදිද්දී හෝ එයින් පස්සෙත් කවුරුත් බැලුවෙ නෑ. මං කළ ශ්‍රේෂ්ඨ කි‍්‍රයාව ඇගයීමකට ලක්වුණේ නෑ. ඒකෙ වාසි ප‍්‍රයෝජන වෙන වෙන අය ගත්තා.

"පුළුවන් කාලෙ කළා. අදත් මේ වගේ කවුරු හරි හම්බ වුණොත් මං අතාරින්නෙ නෑ. මේ රටේ මිනිස්සු කී දෙනෙක් ත‍්‍රස්තවාදීන් නිසා මැරිලා තියෙනවද? මං මැරෙන්න බය නෑ.

මං බය වුණානම්, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් එක්ක පැය භාගයක් විතර පොර බදන්නෙ නෑනෙ"

--------------------------------------------------------------------------------------------------------

අපි සුරතල් සතුන් මල් ආදිය ගැන විද්‍යුත් තැපැල් වටේ යැව්වත් මෙවැන්නක් තවකෙකුට කියනවා අඩුයි නේද?

Comments

  1. ඇත්තමයි හරිම සංවේදනීය කතාවක්. මටත් ගොඩාක් පුද්ගලයන්ගෙන් ලැබෙන්නෙ ඔයවිදියට එවන මල්, සත්තු අරුන් මුන් තමයි, ඒවාත් එක එක ගෘප් වලින් යවන හුදු විනෝදයක් බවට පත්වෙලා, මෙලෝ වැඩක් නැති එවන් රූප අන්තර්ජාලයේ ඕනෑවට වඩා සොයාගත හැකියි. එවන් ලිපිනම් මා විවෘත කිරීමකින් තොරවම මකා දමනවා, නැත්නම් ස්පෑම් ගනයට ඇතුලත් කරනවා. ඒත් මෙවැනි අනුවේදනීය කතාවක් එවන්නෙ බොහොම කලාතුරකින්.

    ReplyDelete
  2. හරිම සංවේදියි.මෙවගේ විරවරයො තවත් ඉන්නවා කවුරැත් කථා නොකරන.
    මෙ වගේ සටහනක් එක් කලාට ඩනිෂ්කට බොහොම පිං.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...