Skip to main content

ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ MD කරන පිස්සු වැඩ...

මමත් අද (21) ගියා හර්ෂණ එක්ක පොත් ගන්න. ගන්නමයි ගියේ :)

කෙලින්ම ගියේ Expographics එකට, බලද්දි මම කලින් සතියේ එයාලගේ කොටුවේ තියෙන කඩේ දැක්ක පරණ පොත්මයි තිබ්බේ. GNU/Linux වලට අදාල පොත් වගයක් හොයමින් හිටියේ.

අන්තිමට එකක් යන්තම් සෙට් උනා..
හර්ෂණ ගන්නේ මොනවද කියලා දන්නවනේ. ;-) හික්
එයාට ග්නූ අරහන්..

මම වගේම එයත් එකයි ගත්තේ
මොකද අපි දෙන්නම අවශ්‍ය පොත් අන්තරෙන් බාගන්නවා කියලා තොරපු පොත් 2ක් විතර අත ඇරියා මොකද ඒවා පැරණි පිටපත්. වැඩි ගානක් දීලා පරණ නිකුතුව ගන්නේ මොකට ද?

ඇත්තටම මම ඉංදියාවේ ඉදලා එද්දි ගෙනාපු පොතක් ?(එකම වෙළුම) මෙහෙ පට්ට ගණන්..
මෙයාලා මේ ප්‍රදර්ශන කියලා වසර අවසානයේ ඉතිරිවෙන පොත් දීලා දානවා..
IT පොත් තියෙනවා දැන් පරණම වෙච්ච. නමුත් කළමණාකරනය, ගණිතය, විද්‍යාව සහ අනෙකුත් විශයන් සඳහා තියරිය වෙනස් නොවෙන නිසා එයාලට තියාගෙන විකුණන්න පුලුවන්.

කලාව සහ සාහිත්‍ය පොත් නම් ඉතින් අලුත් වෙනවා. :)


ඊට පස්සේ ලෝවැඩසඟරාව හොයන්න ගියා.
මට අවශ්‍ය උනේ ලෝවැඩසඟරාව පොත් 20ක් 30ක් ගන්න පොඩි ළමයින්ට දෙන්න.

MD ගුණසේන සමාගමෙන් සෙල් එකක් දාලා තිබ්බා ...
(අර MD බීම තිබ්බ තැන ඉස්සරහා, H කොටසේ)

අපෝ පව්!
පොත් හැම තැනම ඇදුම් දාලා වගේ..
මිනිස් ඇද ඇද බලනවා.. මට ගිය වැඩෙත් එපා උනා..
මට නම් තරහත් ගියා. වෙලාවට කැමර එක ගෙනිච්චේ නැත්තේ..
එහෙම උනා නම් පිංතුරෙත් එක්කම දානවා.

මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා.. එයා කිවා අනිත් ලොකු එකට යන්න කියලා පාර පේනනුවා


මට අවශ්‍ය උන උත්තරය ඒක නෙමේ.
මම 2 වෙනි පාරටත් ඇහුවා පස්සේ ඇයි පොත් පිළිවෙලට තියන්න බැරිද කියලා.

එත් කලින් උත්තරේමයි. පස්සේ මම ඇහුවා මම කියන අදහස තෙරෙනවද? පව් නේද පොත්වලට ඔහොම සලකන්න කියලා.

පස්සේ කිවා ඔව් තේරුනා කියලා.
ලොක්කො කියන දේ එපැයි පොඩි අය කරන්න.

පස්සේ අනිත් තැනටත් ගියා එතන නම් හොදට තිබ්බා..

Comments

  1. අපිට පොත් උනාට එම් ඩී ට ඒව වෙළඳ භාණ්ඩ විතරයි. ලොවැඩසඟරව නම් ආණ්ඩුවෙන් ගහන එකක් තිබ්බ ඒකනම් ලාබයි. මට හරියටම මතක නැහැ එක මුද්‍රණය කරන්නෙ රජයේ මුද්‍රණය නීතිගත සංස්ථාවද, අධ්‍යාපන දෙපාර්තුමේන්තුවද කියල. කොහොම උනත් මේපාර පොත් නම් හරිම ගනන්.

    ReplyDelete
  2. ඔව් මමත් හෙව්වා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමෙන්තුවේ එක. එයාලගේ වෙළඳ කුටියක් තිබ්බේ නැ. බෞද්ධ ප්‍රකාශන එකෙත් ගාන වැඩියි. මොකද නිකන්ම කඩ කාරයට දෙනවට වඩා මගේ අත ඇති මුදලට උපරිම පොත් ගාණන් ගත්තම වැඩි දෙනෙකුට දෙන්න පුලුවන්. කඩකාරයව පොසත් කරවනවටා වඩා වැඩිපුර එක පොඩි එකෙක් හරි ඉගෙන ගනියි.

    ඇත්තටම MD එකෙන් වත් බෞද්ධ ප්‍රකාශන එකෙන් වත් ගත්තේ නැ.

    ReplyDelete
  3. Thank you for your response towards my blog post about Dialog Internet.

    Sewing Book මැහුම් පොත
    මිල : 1490 + Vat
    වේගය : 7.2Mbps
    It is also 3G in covered areas. Modem
    can be carry in your pocket.

    ReplyDelete
  4. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන පොත් ගන්න හොඳ තැනක් තමයි මරදානේ ඇස්. ගොඩගේ පොත් සාප්පුව. එහි බිම් මහලේ ඔබ ඇතුළු වූවාට පසු ඔබේ වම් පසට වෙන්න දිග රාක්කයක මෙම පොත් අහුරා තිබෙනවා. මිළ ගොඩාක් අඩුයි. සමහර පොත්වල මිළ රුපියල් 100 කටත් අඩුයි.

    ඔබ හොයන පොත මෙතැන නැති නම් බත්තරමුල්ල-පන්නිපිටිය පාරේ පැලවත්ත හන්දියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ තිබෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවිහලෙන් ලබා ගන්නත් පුළුවන්.

    පසුගිය සෑම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවි කුටියක් තිබුණා. මෙවරත් තියෙන්න ඕනේ. ඔබට එය මඟ හැරුණාද දන්නේ නැහැ. එහෙම නැතිනම් මීට සතියකට පමණ පෙර කමල් අද්දරආරච්චි සංචිධානය කළ පොත් ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ කුටියක් තිබුණු නිසා මේ ප්‍රදර්ශනයට සහභාගි නොවනවාද දන්නෙත් නැහැ.

    කොහොම නමුත් පසුගිය අවුරුදුවලදී අ.ප්‍ර.දෙ. කුටිය ඇතුළට යන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ. මොකද ඒ තරම් සෙනඟ. විශේෂයෙන්ම ඈත පළාත්වල පාසල් ගුරුවරු මේ කුටියට එනවාමයි පොත් ගන්න. ඔවුන් ගන්නේ පොත් තොග ගණන්! ඉතින් අපි වගේ පොත් කිහිපයක් පමණක් ගන්න යන අයට මේ අලෙවි කුටිය (සෙනඟ නිසාම) එතරම් ප්‍රසන්න අත්දැකීමක් නොවේ.

    ReplyDelete
  5. අනේ මන්ද, මම මොනව කරන්නද

    මම ග්නූ/ ලිනක්ස් පොත් කියෙවූව කියල ලොකු වාසියක් නෑනෙ. ඒ නිසා ඉතින් මට මයික්‍රෝසොෆ්ට් පිහිටයි.

    ReplyDelete
  6. හෙටවත් යන්න ඕනෙ, ගන්න නෙමේ බලන්න.
    ණයක් අයදුම් කළා. තවම ලැබුනේ නැ.
    ලැබුණහම ගන්නවා.

    ReplyDelete
  7. අනේ මන්දා මට නම් හිතෙන්නෙ මේගොල්ලො ඔක්කොම සාහිත්‍ය මාසය කියල ඒක පරන කුනුගොඩවල් විකුනගන්න වෙලෙඳ මාසයක් කොරගෙන වගෙයි. දැන් බොහොමයක් දින, මාස වෙන් වෙලා තියෙන්නෙ වානිජ පරමාර්ථ මුදුන් පමුනුවා ගැනීම විනා මහජනතාවටවත් සමාජයටත් යහපතක් කිරීමේ අරමුනින් නොවේ කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...