Skip to main content

දැයට කිරුල ප්‍රදර්ශනයේදි නිදහස් සහ විවෘත මෘදුකාංග සඳහා උණුසුම් ප්‍රතිචාර!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.

 
ICTA ආයතනයෙන් තෑග්ගක්..

මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණි.
පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි නියුතු කොටස් මෙම වැඩසටහන සමඟ එක් විය.

මෙම වැඩසටහන අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ.




ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්...

පාසැල් දරුවන් සඳහා පාසැල් පොත් බෑග්, පෑන් වැනි තිලිණ මෙන්ම කෙටි සංග්‍රහයක් ලබා දීම ද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. එමෙන්ම හන්තාන ලිනක්ස් 15.5 DVD තැටි නොමිලේ බෙදා දීමද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි.

දිනකට වැඩසටහන් 3 ක් පමණ කළ හැකි යැයි මුලින් සැලසුම් කළ ද, එක් වැඩසටහනක් අවසන් වෙත්ම තවත් වැඩසටහනක් ඇරඹීමට සිදු වුයේ පසල් සිසුන් සහ ප්‍රදර්ශනයට පැමිණි දෙමාපියන්ගේ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ හදුන්වා දුන් වැඩසටහන් සඳහා තිබූ උනන්දුව නිසා වෙනි.



ගණිතමය ගැටලු ඇසුරෙන් නිමවා ඇති TuxMath ක්‍රීඩාවෙන් ජයගත් පාසල් සිසුන් දෙදෙනෙක්..

තවද, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාවද තම ප්‍රදර්ශනය කුටිය හරහා දෙවන වරටත් නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දීම මුළු ප්‍රදර්ශන කාලය පුරාම සිදු කරන ලදි.
දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා එක් වීමට මූලික අවදියේදි සහාය දුන් බන්දුල රණතුංග මහතාටත්, තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයටත්, මෙම සියලු කාර්යයන් සාරථක කර ගැනීම උදෙසා උරදුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්‍රිය, මහේෂ් කූරගම, මලිත්, කසුන්, ප්‍රියන්ක සහ හන්තාන කණ්ඩායමට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු කරමින් හන්තාන ලිනක්ස් කණ්ඩායමෙ සහායට එක් වූ සුජිත් ජයසූරිය මිතුරාටත් හන්තාන ප්‍රජාවේ නොමද ස්තුතිය පිරි නැමේ.




පැණයකට පිළිතුරු සොයමින්..


රැයක් දවාලක් නොමැතිව නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් සඳහා අති විශාල ඉරිසක් එක් ව සිටි අයුරු

Comments

  1. මලයා ...
    මගෙ ලඟ අමතර කොම්පීතරයක් තිබෙනවා.. දැනට තියෙන්නෙ win xp sp 3
    එහි රැම් එක 512x2 තිබෙයි.
    ප්‍රොසෙසර් එක 1.78 ගිගාහර්ට්ස් ය...
    මට මේකට අත්හදාබැලීමටත් එක්ක හන්තාන ලිනක්ස් දා ගන්න ආසයි.
    එය නිවැරදි ව කර ගන්නේ කොහොමද ...?

    ReplyDelete
  2. ඔබ පවසන පරිදි ඔබේ පරිගණකයට හන්තාන 15 ද ස්ථාපනය කළ හැක.
    හාර්ඩ් ඩිස්ක් එකෙ ඉඩ ඇත්නම් වින්ඩොස් XP සමඟ ස්ථාපනය කළ හැක.
    ඔබට අදාල ගැටලු හන්තාන පරිශීලක සමූහයෙන් විමසන්න.
    http://groups.google.com/group/hanthana-community

    ReplyDelete
  3. fedora live sd eka run karala ok nam hanthana dagannza.

    ReplyDelete
  4. true. you can try it if you already have a Fedora copy.

    but there is no point is downloading both Fedora LiveCD and Hanthana.
    Hanthana also comes as a LiveDVD.

    ReplyDelete
  5. ජයවේවා ලිනක්ස්!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක