Skip to main content

දෙවසරක අතීතය....

මීට වසර දෙකකට පෙර එනම් 2007 අප්‍රේල් මස 11 දින Red Hat සමාගම යටතේ දේශියකරණයට එක් වුයේ ඊට පෙර එම සමාගමේ සිංහල වෙනුවෙන් කටයුතු කළ මා මිත්‍ර ටිරෝන් වෙනත් අංශයකට යොමු විමෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීමටයි.

ඉතින් මේ කතා සියල්ල ඇරඹීමට පළමුව කිව යුතු එක් දෙයක් ඇත. එනම් දැනට සිටින බොහෝමයක් සහ එවකට සිටි සියළු සිංහල යුනිකෝඩ් ලැදි මිතුරන් මුණගැසුනාක් මෙන් ටිරෝන් හමු වුයෙ සිංහල යුනිකෝඩ් සමූහය හරාහායි. පුෂ්පකුමාර සහෝදරයාගේ ඇරයුමින් සිංහල යුනිකෝඩ් සමුහයට එක් වුයේ එය භාවිතා කරන්නට ආරම්භ කර දින කිහිපයකට පසුවයි. ඉතින් ඇරඹූ තැන තවමත් මතකයේ තිබෙන බව සිංහල යුනිකෝඩ් සමූහයේ මිතුරන්ට සතුටින් දන්වා සිටිමි.

කෙසේ වෙතත් අදාල අරමුණු වලින් ඉවතට ගමන් කෙරුණු එම සමූහයෙන් නොදන්වාම වසර කිහිපයකට පෙර ඉවත් විය.

දැනට සක්‍රීයව සිටින සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයද බිහිවුයේ එම සමූහයෙ සිටි මිතුරන් පිරිසකගෙනි.


මා මෙහිදි දේශීයකරණය ලෙස දක්වන පදයේ අංශ දෙකක් ඇත. එනම් පරිගණකයේ සිංහල පිහිටුවීම පළමු සහ වැදගත් අංගයයි. අනෙක පරිගණකයේ අවශ්‍ය මෘදුකාංග/යෙදුම් සිංහලින් සැකසීම දෙවැනි කොටසයි.

පළමු අංගය සඳහා අනුරාධ රත්නවීරන් විසින් මහත් කැපකිරීමකින් යුතුව එම කටයුතු නිම කිරීම විශේෂත්වයකි. එමෙන්ම මෙරටින් බැහැරව සිටියත් හර්ෂුලද තවමත් මෙම කාර්‍යයන්ට උරදෙන සමාජිකයෙකි. එමෙන්ම Red Hat සහ Fedora පද්ධති ගත්කළ එයට අදාල මූලික දොස් සැකසීම සඳහා ටිරොන් සමඟ සංජීව එක්ව තිබෙන අයුරු එවකට දෝස් පිරික්සුම් වැඩ සටහන් වලදි මා bug report වලින් දුටුවෙමි.

ඉතින් මේ ලංකා ලිනක්ස් මිතුරන්ගේ දායකතචයෙන් පෙරකි කටයුතු නොකෙරුනා නම් අද මේ ලිය ලියන්නෙත් වින්ඩෝස් මත සිට විය හැක. :)

මෙලෙස සැමගේම දායකත්වය හේතුකොටගෙන ලිනක්ස් පද්ධති තුළ අනෙකුත් පද්ධති වලට පළමුව සිංහල දිස්වීම විශේෂත්වයකි. ඇත්තටම ලිනක්ස් පද්ධති තවමත් වින්ඩෝස් වලට වඩා ඉදිරියෙන් සිංහල සඳහා සත්කාර කරන අතර. එමඟින් මොනවට පැහැදිලි වන්නේ ලංකාවේ ඇල්මැරුණු තාක්‍ෂණික සංවර්ධනයයි.

ලංකාවේ සිංහල යුනිකෝඩ් සඳහා කටයුතු පටන්ගෙන වසර 10කට වඩා ඉක්ම ගොස් ඇතත් තවමත් මේ ගැන දන්නේ අතලොස්සකි. පසුගිය කාලයේ පලාත්පාන ආයතන වලට ඉක්ටා සහ පලාත්පාලන දෙපාර්තුමෙන්තුව සමඟ කෙරුණු වැඩ සටහ්න තුළදි හමුවු 1000ක් පමණ දෙනාගෙන් සිංහල යුනොකෝඩ් ගැන දැන සිටියේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයෙන් පැමිණි දෙතුන් දෙනෙකු පමණි.

නමුත් වසර 10 කියන්නේ වෙන රටකට චන්ද්‍රිකාවක් නිපදවා කක්‍ෂගත කීරීමට හැකි කාළ සීමාවකි.

[කතාව පාරෙන් ඉවතට ගියා ඔන්න ආයෙත් කතාවට :) ]

2007 ඇරඹි මෙම කටයුතු වලදි අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු දෙදෙනෙකු ඇත. එනම් හර්ෂණ වීරසිංහ සහ ශ්‍රීශානු ලොකුපතිරගේ. එමෙන්ම මෙම කාලය තුළ සහාය දුන් අයගේ නම් කියනවා නම් වෙනම සටහනක් තැබිය යුතුවේ. ඔව්, නම් මතක නැති අයත් උදව් කර තිබෙනවා.

කල්ප, නිලක්ෂ, මලින්ත, ප්‍රසාන්, සූ, වරුණ, කාලිංග, බුද්ධික, චාමර, වසන්ත, ආනන්දවර්ධන, ධම්මික, ඉශාන්, ආසිරි, SUG මිතුරන් සහ මැතකදි SBU හරහා අදුනාගත් මිතුරන්......
( නම් නම් තියෙනවා ලියන්න මතකත් නැ ;))

ඇත්තටම මෙම සටහන ලියන්න සිතුවේ, තෙවන වසරට මෙවැනි සටහනක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති හෙයිනි. වසර දෙකක කාළය තුළ අවසන් වසර ගෙවි ගියේ මෙතෙක් කළ සියලු කටයුතු වලින් ලැබුණු ආත්මතෘප්තිය බිංදුවට බස්සමිණි. දැන් මේ වැඩ වලිවන ඉවත් වීමට කාලය පැමිණ ඇත. :)

අවසාන වශයෙන් කිව හැක්කේ ලංකාවේ ප්‍රජා සහබාගිත්වයෙන් යුතු තාක්ෂණික කටයුතු 100% සාර්ථක නොවන්නේ ලංකීකයන්ට උරුම වී ඇති විශේෂ ගතිගුණ නිසවෙනි. විශේෂයෙන් රාජ්‍ය අංශය බලන්නේ අවංකව හෝ වංකව අදාල කටයුත්තක නියැලෙන්නකු යොදවා තමාගේ ලැයිස්තුවට එය එක් කරගැනීමයි.

එමෙන්ම පුද්ගලික අංශයද රාජ්‍ය අංශයේ රුචි අරුචි දන්නා නිසා ලැබෙන මුදල් වෙනුවෙන් කුමක් හෝ සිදු කරයි.

අපේ රටේ පොඩි දෙයක් වුවද මහ ඉහලින් පෙන්නා කයිවාරු ගැසුවද එය නිසි තැනට/පුද්ගලයින්ට භාවිතයට නොලැබීම ඉතා කනාටුදායකයි.

ලංකාවට තවමත් දේශියකරණය ලොකු දෙයක් උනත් බටහිර රටවලට සහ අග්නිදිග ආසියානු රටවලට මෙය අරුමයක් නොවේ. එමරටවල Red Hat සමාගමේ පරිවර්තකයින් සිදු කරන්නේ අදාල අධ්‍යාපනික පාඨමාල තම බසට හැරවීම මිස මුහුණත් ටින්කරින් කිරීමක් නොවේ.

පසුගිය දෙවසරක කාළය තුළ Gnome, Fedora විශේෂිත කොටස්, Debian installer, Firefox, Fennec, Sunbird, Chatzilla, SeaMonkey, Thunderburd හී toolkit, OpenOffice, KDE සහ Mozilla මෘදුකාංග ලබා ගැනිමේ සිංහල පිටු... වැනි පද්ධති සඳහා මුහුණත සිංහලකරණය ඇරඹූ අතර ඉන් කිහිපයක් දැනටම භාවිතය සඳහා නිකුත් වී ඇති අතර ඉතිරි කොටස් අනාගතයේ නිකුත් වීමට නියමිතයි.

මෙන්න මා විසින් පරිගණකය සිංහලකරණය ගැන සිළුමිණට ලියු ලිපියක්..

එමෙන්ම මෙම කිසිදු ව්‍යපෘතියක් හුදෙක් නමට ලියාපදිංචි කර තබා නැති බවද කිසිදු ඒකාධිකාරයක් රදාවා ගැණීමක් සඳහා උත්සාහ නොකළ බවද දන්වා සිටිමි.

එකම අරමුණ වුයේ සිංහල මුහුණත සමඟ ලිනක්ස් තැටියක් නිර්මාණය කිරීමයි. එහි තාක්‍ෂණික කටයුතු මීට වසරකට පෙර නිම වූ අතර. Fedora 8 පදනම් කරගෙන ප්‍රථම Sinhala LiveCD තැටිය නිර්මාණය කළෙමි.

ඉතින් මෙම කටයුතු සඳහා හිමිකම ඇත්තේ අදාල ව්‍යපෘතියට බැවින් එම ව්‍යපෘති වෙත පැමිණ දායකත්වය දක්වන ලෙසට දන්වා සිටින්නේ මෙම කටයුතු ඇරඹීමට කිසිදු සමූහයකින් හෝ පුද්ගලයකුගෙන් විශේෂිත අවසරයක් අවශ්‍ය නොවන නිසා වෙනි.

ප්‍රජා ව්‍යපෘති යනු කිසවකුගේ හෝ කිසියම් ආයතනයක තනි අයිතියක් හෝ එය එවැනි තැනත්තකුට හෝ ආයනතයකට පාළනය කළ හැක්කක් නොවේ. එලෙස සිදුකරයි නම් හෝ සිදුවේ නම් එම ව්‍යාපෘතිය තවදුරටත් සක්‍රීය නොවනු ඇත.

ඉතින් පසුගිය කාලය පුරාවට සිදුවූ අතපසු වීම් හෝ කුමණ හෝ ආකාරයකින් හිත්තැවීමක් ඔබට සිදුවුවා නම් සමාවන්න . එමෙන්ම මගේ කටයුතු ආශ්‍රිතව සිදු වූ සිදුවිම් පිළිබඳව සටහන් තබා ඇත්ත කතාකර අපහසුතාවයට පත්වූ සහෝදර බ්ලොග් කරුවන්ටද මගේ කණගාටුව පළකරමි.

ස්තුතියි!!

Comments

  1. හ්ම් හ්ම්

    හ්ම් හ්ම්

    හ්ම් හ්ම්....

    ;-)

    ReplyDelete
  2. me article ekata hethuwak thiyenawada? Mata hithenawa thiyenawa kiyala.

    ReplyDelete
  3. ඇයි ඩනිෂ්ක මෙහෙම දෙයක් ලියන්න හිතුනේ?

    ReplyDelete
  4. @ චාමර, ප්‍රවී

    හේතුව අවුරුදු දෙකක් ගත උන නිසා :)
    අත්දැකීම් බෙදාගන්න

    ReplyDelete
  5. එහෙම නං කමක් නෑ.
    මේක කියෙව්වාම මට හිතුනේ කළකිරිලා, ගේම අතඅරින්න වගේ කියලා. :)

    ReplyDelete
  6. කටුක සත්‍ය ඕකතමයි. ඒකට මුහුණදීපු කෙනෙක් අතින්ම ලියැවෙන එක හොඳයි. අර කියන්නත් වගේ කොච්චර කයිවාරු ගැහුවත්. උත්සව පැවැත්වුවත්, සියලු කටයුතු එම ප්‍රකාශ හා උත්සව වලට සීමාවෙන එක නිසා අපේ රට දැන් ඉන්න ඕනෙ තැනින් හැතැප්ම ගනණක් පිටුපසින් ඉන්නෙ. (හොඳම උදාහරනය කියල තියෙන එකම තමා) නැත්නම් අපේ රටේ ඉන්න වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නවනම් (හරියට )රටේ දියුණුව හිතන්න ඕනෙ නෑ

    මට හිතෙන හැටියට ඕකට හේතුව වෙන්නෙ, ඉහලින් ඉන්න බලලත් අය, හණමිටි අදහස් පුරවාගෙන, තමන්ගේ වාසිය, ප්‍රසිද්ධිය හා වෙනත් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි උපකරණයක් ලෙස මිස රටට යහපතට, ඉදිරිගමනට ඇවැසි දෙයක් ලෙස තොරතුරු තාක්ෂණය නොසැලකීම.

    කොටින්ම අර නවනිපැයුම් නමින් හැඳින්වෙන , ප්‍රදර්ශන වලට සීමාවෙන බොරුව ට බෙදන හැන්ඳෙන්ම (ඊටත් වඩා) මෙයටත් බෙදීම නොවේද ?

    දැන් රටේ දියුණුවට භාදාවක් වී ඇත්ත් සිදුවී ඇත්තේ අධිරාජ්‍යවාදීන්, යුදවාදීන්, ත්‍රස්ථවාදීන් නොව අපේම පාලක (බලලත්) පංතියයි

    ReplyDelete
  7. කලකිරෙනවා තමයි...ඔවා ගනන් ගන්න එපා...එත්...දෑන් තමයි පටන් අරන් ගෙන තියෙන්නේ...ඔහොම යන්... ඔහොම යන්... නවතන්න නම් එපා...

    "ආ මග කෙටියි...යා යුතු මග දුරයි..."

    ReplyDelete
  8. වසර දෙකට සුභ පැතුම්..

    වැඩ නවත්තන එකට නම් එකග වෙන්න බෑ.. කරන අයත් කලකිරිලා නතර වුනොත් කරන්නේ කවුද?

    ReplyDelete
  9. රටේ හැමදෙයක්ටම මේ තත්වයත් හේතු වෙලා තියෙනකොටත් මේකටත් එහෙම වෙන එකේ මම එතරම්ම පුදුමයක් දක්වන්නේ නැහැ, පුදුම වෙන්නේ එව්වාගෙන් නොසැලි තැවුල් එක්ක වුණත් තිබෙන දැක්ම නිසාම නොනැවැති ඉස්සරහට පියවර තියන උඹලා වගේ ඇත්තෝ ගැනයි. නොනැවතියං, පලං ඉස්සරහට.

    (තරහට නෙමේ කිව්වේ, දිරි ගැනිමක් එක්ක ආවේගයත් එක්කයි කිව්වේ.)

    ReplyDelete
  10. @ආනන්දවර්ධන

    හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්...

    :D

    @ගයාන්

    ඔබගේ අදහස් සඳහා කිසිවක් දැන් නොකියමි..
    :-/

    @කනිෂ්ක

    ඔව්, තාම නිකන් එකතැන දුවලා තියෙන්නේ :D

    @ මලී

    ස්තුතියි! :)

    ඔනම කෙනෙක් කරන්න ආස වෘතියක් තියෙනවා. මටත් එහෙම දෙයක් තියෙනවා. මේක වෘතියක් [$$] විදියට කරන එකයි ස්වෙච්ඡාවෙන් කරන එකයි දෙකක් නේද?

    පහුගිය කාලේ උනේ ස්වෙච්ඡා කියන එක වැහෙන්න $$ ලේබලයක් වැදුනා.. :(

    @බිංකු

    යන්න අය දැන් ඉන්නවා වගේ..
    $$$$$

    ඔව් ඉතින් සංසාර චක්‍රේ අපිත් කොහේ හරි යන්නම ඔනා. ;-)

    ReplyDelete
  11. ස්වේච්ඡා සේවයට $$ වැදුන එක නං අවුල් තමයි. ඒකෙන් වුනේ හම යනකං වැඩ කලත් නමේ හම යන එක වනත්තන්න බැරි එකයි.

    සංසාර චක්කරේ ගෙනියන තැනක් බලාගන්න එකත් හොඳයි තමයි... ;)

    ReplyDelete
  12. ඔබ වෙහෙස මහන්සියත් නොබලා, කාගේත් හොඳට කල FOSS දායකත්වට තුති පුදන අතරම, ඔබේ රාජකාරි ජීවිතය ඔබ කැමති අංශයෙන් දියුණු වේවායි පතමි.

    මා දන්නා පරිදිනම් ඔබේ රැකියා තොරාගැනීම FOSS වලින් පරිබාහිර නොවන නිසා ආයුබෝවන් කියාවත්, අන් කිසි යමක් වත් කියන්නට හදිසි නොවෙමි. :)

    ජය වේවා!

    ReplyDelete
  13. @ගවීන්

    ස්තුතියි, මිත්‍රයා :)

    ඔව් ඉතින් ඔයා ගහ යන පැත්ත දන්නවනේ ;-)

    එත් සමහර වෙලාවට හිතෙනවා IT පැත්තටම ටටා කියන්න :D

    බලමු බලමු....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක