Saturday, May 18, 2013

සාගල පුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහන – 2013 මැයි මස 18 දිනට මූල්‍ය තත්වය



හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත.


මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු.
තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව  මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත.
රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ.
  • හර්ෂණ වීරසිංහ
  • ජීවන් සූරිය ආරච්චි
  • බන්දුල රණතුංග
  • තිස්ස දොඩංගොඩ
  • රෝහණ දිසානායක
  • අසංග අමරවංශ
  • සිසි කැළුම්
  • ලක්ෂාන් පෙරේරා
  • ප්‍රවීන් ඉන්ද්‍රණාම
  • කල්ප පැතුම්
  • ඩනිෂ්ක නවීන්
මෙම වයාපෘතියේ සාර්තකත්වයට මූල්‍යමය මෙන්ම ප්‍රචාරණයෙන් සහයෝගය දැක්වූ ඔබ සැමට අපගේ අවංක ස්තුතිය පිරිනමමු. ඔබගේ සියළු සහයෝගයන් අනාගත පරපුරේ නැණ පහන් දැල්වීම සඳහාම වනු ඇත.
මෙම පාසලයේ දරුවන් සහ ගුරුවරුන් සඳහා පරිගණක භාවිත කිරීමට අවශ්‍ය මූලික දැණුම ලබා දිමේ පුහුණු වැඩ සටහනක්  ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්. මේ සඳහා දායක වීමට කැමති අය වෙතොත් අප වෙත දන්වන්න.
 -------------------------------------------------------------------------------------------------------------

ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.

මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.

ගිණුම් අංකය: 8480050534
බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.
ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්
ගිණුම් වර්ගය: ඒකා බද්ධ


COMMERCIAL BANK, UNION PLACE
ACC NO: 8480050534
ACCOUNT HOLDERS
MR BANDULA PUSHPAKUMARA RANATUNGA
OR
MR WELIVITIGODA HEWAGE KALPA PATHUM


මූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය: 0714315426
විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} com
කල්ප පැතුම්:   callkalpa {[AT] } gmail {[DOT]} com 

පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය:  0718217443

Monday, April 22, 2013

You are welcome to support Sagalapura College, Binganthalawa

As I mentioned earlier, we are trying to provide a computer lab with 5 computers and other necessary equipments to Sagalapura College, Bingathalawa, Kandapola which is a rural college in Walapane education zone in Nuwara Eliya district,


Our target is to provide them with 5 new assembled computers. Mr. Athula Herath who is attached to the Education Office, Central province says that a computer with the following specification can be bought to a price of Rs. 52,000 from an institute in Kandy.
  • Core i3 Processor
  • 2GB RAM
  • 500GB HDD
  • LED Display
  • Keyboard/Mouse
  • (without UPS)
Since this is a rural college, we thought of transportation as well. If there is anyone who can help us buy computers with quality components for a lower price, please contact Mr. Athula Herath.


The estimated least total cost for 5 computers is Rs. 260,000 and a total of Rs. 40,000 from four people (Rs. 10,000 from each) is confirmed to be donated.


If it is possible for you to contribute, please deposit your money to the joint account mentioned below and make sure to send a copy of the deposit slip to Mr. Bandula Ranathunga or Mr. Kalpa Welivitigoda.


Once you donate your money, please send your name, the amount deposited, contact number and your email address or postal address alone with the copy of the deposit slip.


COMMERCIAL BANK, UNION PLACE
ACC NO: 8480050534
ACCOUNT HOLDERS
MR BANDULA PUSHPAKUMARA RANATUNGA
OR
MR WELIVITIGODA HEWAGE KALPA PATHUM



Contact Mr. Bandula Ranathunga for financial donations:
Mobile number: +94 714315426
Email address: bandula.ranathunga {[AT] } gmail {[DOT]} com
Kalpa Welivitigoda:   callkalpa {[AT] } gmail {[DOT]} com  


Contact Mr. Athula Herath for technical information on computer components:
Mobile number:  +94 718217443


For your information, Kalpa Welivitigoda is a final year undergraduate in Faculty of Engineering, University of Moratuwa, Mr. Bandula Ranathunga is a project manager in Information Technology section in Ministry of Local Government and Provincial Councils while Mr. Athula Herath is a teacher who is actively contributing to hardware related matters at Information Technology Department in Ministry of Education.


When I visited Sagalapura College, I saw that grade 1 and 2 classes are conducted together as a single class, this was the same with grade 5 and 6 as well. Computer technology is not a dream for a school with a deficiency of teachers, we, not only provide computer facilities but also hope to conduct a series of events for teachers with the aim of providing them with basic knowledge on the subject. In this process, brothers and sisters who are undergraduates and willing to contribute are welcome to participate to make this effort a success.



You may not be able to contribute financially, still, spreading the word to an able friend or an institute is also considered to be a contribution that can be very easily done. We are happy to announce that we are willing to help schools as this in future as well.


Please note that the operating system used in these computers is Hanthana Linux.

Following video is from a school to which we have donated a computer earlier. The 15 minutes clip presents views of teachers, parents and principal of the school and activities of students as well.

Tuesday, March 26, 2013

බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්


මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ,  සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.

 නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහා
  • Core i3 Processor
  • 2GB RAM
  • 500GB HDD
  • LED Display
  • Keyboard/Mouse 
  • (UPS රහිතව) 
මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න.

දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත.

ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.

මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.

ගිණුම් අංකය: 8480050534
බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.
ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්
ගිණුම් වර්ගය: ඒකා බද්ධ

COMMERCIAL BANK, UNION PLACE
ACC NO: 8480050534
ACCOUNT HOLDERS
MR BANDULA PUSHPAKUMARA RANATUNGA
OR
MR WELIVITIGODA HEWAGE KALPA PATHUM


මූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය: 0714315426
විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} com
කල්ප පැතුම්:   callkalpa {[AT] } gmail {[DOT]} com 

පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය:  0718217443

කල්ප පැතුම් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන අතර, බන්දුල රණතුංග මහතා පලාත් පාලන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපෘති කළමණාකාර වරයෙකු ලෙසත්, අතුල හේරත් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවේ, පරිගණක දෘඩාංග පිළිබඳ කටයුතු සඳහා සක්‍රීයව දායක වන ගුරුමතකු බවත් ඔබගේ දැන ගැණීම සඳහා මෙලෙස සටහන් කරමි.

සාගලපුර විදුලට මා ගිය විට දුටුවේ 1 වසර සහ 2 වසර එකට උගන්වන බවත් 5 සහ 6 වසර දරුන්ද එක් පංතියක් ලෙස ඉගෙනිමි කටයුතු කරන බවයි. ගුරුවරු හිගයක් ඇති පාසලකට පරිගණක තාක්ෂණය හීනයක් නොවන අතර අපි පරිගණක පහසුකම් පමණක් නොව ගුරුවරුන් සඳහා අවශ්‍ය මූලික දැණුම ලබා දිමෙ මූලික වැඩසටහන් මාලාවක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වවනවා. එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල වල ඉන්න නංගිලා මල්ලිලට උනත් අපිත් සමඟ එක්වෙන්න පුලුවන්.


ඔබට මූල්‍යමයව දායක වීමට නොහැකි වුවත් මෙලෙස උදව් කිරීමට දායක විය හැකිබේ මිතුරෙකුට හෝ ආයතනයකට මෙම තොරතුරු දැන් වීමත් ඉතා පහසුවෙන් කළ හැකි උදව්වක් බව දන්වා සිටිමි. එමෙන්ම තවත් මෙවැනි පාසල් සඳහා ඉදිරියට අප උදව් කිරීමට සැලසුම් කරගෙන සිටිබව සතුටින් දන්වා සිටිමු.

එමෙන්ම මෙම පරිගණක සඳහා භාවිත කරන්නෙ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය බව කරුණාවෙන් සලකන්න. 

පහත විඩීයෝව මීට පෙර පාසලකට ලබා දුන් අවස්ථාවේ එම පාසලෙ ගුරුතුමියගේ, දෙමාපියන්ගෙ සහ විදුහල් පතිතුමාගෙන් අදහස් මෙන්ම දරුවන්ගෙ ක්‍රියාකාරකම් දැක්වෙන විනාඩි 15ක විඩියෝවකි.





මෙම කාර්යයත් එක්තරා ආකාරයක පිනක් බව අද පොහෝ දිනයේ මතක් කර සිටිමි..!


Thursday, January 31, 2013

උදව් දෙන්න කැමති අය පෙළ ගැහෙන්න...

නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ උශ්කර පාසලක ළමුන්ට පරිගණක අධ්‍යාපනයට අත හිත දෙන්න කැමති අයට අපිත් එක්ක එක්වෙන්න කියල ඇරයුම් කරනව.

පාසලේ නම තමයි සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල.තේ වතු මැදින් ඉතා දුශ්කර ගමනකයන්න වෙනව මේ පාසලට. බස් එකක් නම් දැක්කෙ නැ මම යද්දි නම්. කොහොම උනත් අප්‍රේල් මාසය වන විට පරිගණක 4 හො 5ක් දෙන්න තමයි සූදානම.

භාවිත කළ පරිගණක නෙමෙයි අලුත් පරිගණක දෙන්නයි බලාපොරොත්තුව. මොකදපරිගණකයක් කැඩුනම ගොඩක් දුර එන්නත් ඒක හදාගන්න අවට කෙනෙක් නැ ඒ හරියෙ.

ඒවගේම මම කලින් මේ පාසලට යද්දි 1 සහ 2 වසර පංති එකට, 5 සහ 6 වසර පංති එකට දමා ඉගැන්විම කරන්න සිදු වෙලා තිබ්බෙ 1 සිට 11 වසරට ළමයි ඉන්න පාසලේ විදුහල්පතිත් තවත් ස්වේච්ජා ගුරුවරයෙක්ද ඇතුලුව මුලු ගුරුමඩුල්ල 9 දෙනෙක් උන නිසා.

එක් මැසිමකට 50,000 ලෙස ඇස්තමෙන්තු කලොත් ලක්ෂ 2,50,000ක් පමණ මුදලක් යාවි.

ඉතින් දන්න අය හැකි ඉක්මනින් වෙළඳපොලෙ දැනට core i3 ප්‍රොසසරයක් අවම වශයෙන්වත් දාල 2GB RAM එකක් සහිතව LCD/LED මොනිටර් සමඟ, එවගේම UPS සමඟ දෙන්න යන මුදල පිළිබඳ ඇස්තමෙන්තුවක් දෙනවද හනික.

දැනටමා දන්නා හිතවතුන් කිහ දෙනෙ සහයට එන නිසා අඩුම ගානේ අප්‍රේල් මාසෙ වෙද්දි එක පරිගණකයක් හරි දෙනව.

මේ වගේ දෙයකදි උදව් කරන්න කැමති අයට දන්වන්න. ආයතනයක් උනත් කම්ක් නැ. කෙළින්ම පරිගණක දෙන අයට මේ සඳහා මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තු මෙන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට කෙලින්ම බාර දෙන්න පුලුවන්.

කෙටියෙන් ලියු මේ සටහන ගැන උරණ වෙන්න එපා. මුදල් දෙන්න කැමති අයට ලබා දෙන්න බැංකු ගිණුම් අංකයක් වත් අමතන්නංකයක්වත් නැති එකට.. ඒ තොරතුරු හැකි ඉක්මනින්ම දන්වන්නම්. ඒවගේම මේ වැඩේ සම්බන්ධිකරණයට උදව් දෙන්න හැකි අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

ස්තුතියි!

Monday, December 24, 2012

2013 වසර සඳහා සිංහල දිනදර්ශනය


මීට පෙර වර්ශවල ලබා දුන් ලෙසම මෙවරත් 2013 වසර සඳහා වන සිංහල දිනදර්ශනය ICS සහ ගුගල් දිනදර්ශනයක් ලෙස සූදානම් කර ඇත. ඔබේ ජනප්‍රියතම දිනදර්ශන මෘදුකාංග සමඟ භාවිත කරබලන්න.

2013 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ දිනදර්ශනයට අනුකූලව මෙම දිනදර්ශනය සකසා ඇත. වෙසක් පුර පෝය දින හැර අනෙකුත් පුර පෝය දිනයන් සඳහා වෙළඳ නිවාඩු මෙවර දක්වා නොතිබීම මා විසින් දුටු කරුණක් වන අතර, එය අත්වැරදීමක්ද මෙතෙක් තහවුරු කරගත නොහැකි විය.

ICS ගොනුව පහත සැබැදියෙන් බලාගන්න
http://people.fedoraproject.org/~snavin/SriLanka_Calendar2013.ics

HTML
https://www.google.com/calendar/feeds/lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com/public/basic


ගුගල් කැලැන්ඩරය ඔබේ වෙබ් පිටුවකට ඉහත ආකාරයට එක් කිරීමට අවශ්‍ය කේතය පහත දැක්වේ

<iframe frameborder="0" height="600" scrolling="no" src="https://www.google.com/calendar/embed?height=600&wkst=1&bgcolor=%23FFFFFF&src=lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com&color=%232F6309&ctz=Asia%2FColombo" style="border-width: 0;" width="700">></iframe>

පුද්ගලිකව මිතුරක් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙය සැකසූ නමුත්, මෙම ලිපියට යෙදෙන ඔබේ අදහස් පලවීමටසමහර විටක බොහෝ දින ගණනක් ප්‍රමාද විය හැක.
(සුව අතට නොහැරෙන උණ රෝගි තත්ත්වය ඩෙංගු වුව හොත් පරිගණකය භාවිතයෙන් තවත් දුරස් වීමට සිදුවෙ)


ස්තුතියි

Saturday, October 13, 2012

Hanthana Linux 17 64bit Edition!


We are please to announce the 64-bit edition of the Hanthana Linux 17 today.
You can now download the Hanthana Linux x86_64 Live DVD ISO.

Hanthana Linux 17 (i386) released 3 weeks ago received overwhelming feedback from the existing and new users from all over the world with over 9000 downloads so far (over 15,000 altogether) and counting.

Many of our user were eagerly waiting for the 64-bit release, and we apologize for the delay in release. We hate to keep our community waiting but unavoidable technical challenges kept us from releasing this earlier.

You may find it hard to believe that Hanthana Linux released are build on personal laptop computer. And in Sri Lanka we are faced with less than 1Mbps internet connection speeds when uploading ISO files to the mirror servers.

Plans are underway to get a cloud based build server and we are in need of donations to get this project move forward.

Let us know if you willing donate a system with at least 3GB of RAM capacity, 50GB of Disk Space and root access to build next, release of Hanthana Linux. We will use this server only for build purpose.

Please contact us on info [at] hanthana [dot] org.

You generous donations are welcome!

Sunday, September 30, 2012

Hanthana Linux 17 LiveCD with LXDE!


Hanthana Linux LiveCD, the newest member of the Hanthana Linux family comes out today. While our regular DVD release a complete software repository and latest 3D accelerated desktop, LiveCD will cater the the needs of low resource requirements, personalized software selection and simplicity .

You can now download the Hanthana Linux i386 LiveCD ISO.
(you can refer our LiveDVD installation guide if you need a help)



LiveCD comes to you with all the goodness of Hanthana and Fedora version 17  including software such as  Mozilla FirefoxLibreOffice Writer, LibreOffice Calc and LibreOffice Impress and loads of more lightweight applications plus  LXDE. LXDE is an open source lightweight and customizable desktop environment for Linux, which is designed to work with older hardware however it also works perfectly well with modern 3D accelerated graphics hardware.

Hanthana Linux LiveCD version is launched in parallel to the Hanthana Linux 17 (Sithija) which was launched in 15th of September, 2012. Hanthana Linux 17 received overwhelming feedback from the users from all over the world including over 3000 downloads within the first week.

Hanthana Linux LiveCD is perfect for people who like to start up with a minimal system and configure and build it up to suit their needs. Following is a small list customization you can do.

Install GIMP (GNU Image Manipulation Program)
# yum install gimp -y

Install VLC (VideoLAN Client)
# yum install vlc -y

Install Gnome Desktop after installing the LiveCD.
# yum groupinstall gnome-desktop -y

Install sugar-desktop
# yum groupinstall sugar-desktop -y

Preparations are underway for the release of Hanthana Linux x86_64, and it will be available to download next week.

We had to delay the release of due to the issues we had with uploading the locally build ISO to our hosting service providers. We have plans to deploy a cloud build system for all Hanthana Linux products and we welcome anyone who can provide us with the necessary facilities or sponsorship.

Also we would like to make this an opportunity to thanks all the contributors and users of Hanthana Linux, specially those how reviewed  Hanthana Linux 17 i386 LiveDVD.