Skip to main content

Posts

Showing posts with the label උබුන්ටු

Ubuntu වෙතින් Fedora වෙතට යන ඔබට

ඔබ Ubuntu භාවිතා කරයි නම් ඔබ විධානයක් දීමට පෙරාතුව sudo යොදනවා ඇති. මෙය Fedora මතද එලෙසම භාවිතා වුවද පෙරමිනිමියෙන්ම sudo පහසුකම Fedora ලබා නොදේ. ඒ සඳහා /etc/sudoers ගොනුව සැකසිය යුතුවේ. එය සැකසීමට කිසියම් පෙළ සැකසුම් මෘදුකාංගයක් අවශ්‍යවේ. උදා: vi පෙළ සැකසුම භාවිතා කරයි නම්. vi /etc/sudoers එසේ නැති නම් visudo විධානය පමණක් ලබාදිය හැක. මෙම පියවර දෙකම සඳහාම ඔබ root පරිශීලක හෝ එම බලය ඇති පරිශීලකයකු ලෙස පිවිසි සිටීම අවශ්‍ය වේ. දැන් පහත කොටස එම ගොනුවට එක් කරන්න. [ vi පෙළ සැකසුම සඳහා ලිවීම ඇරඹීමට i අකුරු එබිමෙන් edit MODE එකට පිවිසිය හැක ] danishka ALL=(ALL) ALL (danishka වෙනුවට ඔබේ පරිශීලක ගිණුම් නාමය දෙන්න) දැන් ගොනුව සුරැකීම සඳහා "esc/ESCAPE" යතුර ඔබා edit MODE එකෙන් ඉවත් වන්න. ඉන්පසු :wq ලබාදි ගොනුව සුරැකීමත් සමඟ ඉවත් වන්න. w - write q - quite දැන් ඔබ sudo භාවිත කර විධාන ක්‍රියාත්මක කිරිමෙදි ඔබේ රහස්පදය විමසයි. ඔබට මෙයත් වදයක් නම් ඉහත [ danishka ALL=(ALL) ALL] කොටස වෙනුවට පහත කොටස එක් කරන්න. danishka ALL=(ALL) NOPASSWD:ALL දැ...