Skip to main content

Posts

Showing posts from October, 2017

තාත්තා

ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා දින 7 තුළම පියවරුන්ගේ දිනය සමරනවා යැයි හැගිමක් දැනෙනව. ඒ අතරේ "ඔයා කව්ද?" කියා ඔහු සහමර දිනවල අසන්නේ ඔහුගේ මතකයේ තිබෙන මගේ රුව සහ දැන් මගේ රුව ඔහුගේ මොලයට හරියට ගලපා නොගත හැකි අවස්තාවලදි. සමහර වෙලාවට ඔහු මටම මා ගැන කියනවා එයා අරව කලා මේවා කළා එයා හිටිය නම් දැන් හොදයි. ඒ වෙලාවට අහක බලාගෙන කදුලු පිහිද ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. නැතිනම් ඔහු ෙපරලා අසන සුපුරුදු පැණයට පිළිතුරක් දෙන්න අපහසු වෙනව. "කව්ද බැන්නේ ඔයාට?". සමහර වෙලාවට "ඔයා රිපොර්ට් කරන මැනෙජර් කව් ද?" අසන්නේ ඔහුට මා හදුනා ගත නොහැකිව මා ඔහුව නිදි කරවිමට ප්‍රයත්නයක් දැරිමේදි ඉන් මිදිමටයි. මා යම් ආයතනයකින් ඔහුගේ සහයට ලබා දුන් කෙනෙක් යයි සිතා මට එරෙහිව පැමිණිළි කිරිමට තැත්කරමින් නින්ද ම

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුව