Skip to main content

Posts

Showing posts from January, 2009

තොරතුරු තාක්‍ෂණය ඔබටත් ග්‍රීක් ද?

තොරතුරු තාක්‍ෂණය සහ ආශ්‍රිත කටයුතු වලදි ඔබ අපහසුතාවයට පත්වනවාද? බයද? සහායට කෙනෙක් නැද්ද? ඉංග්‍රිසි බසින් ඇති සටහන් තේරුම් ගැනීමටත් අපහසු නම්.. එසේ නම් ඔබට ඇති තාක්‍ෂණික ගැටලු විසදගන්න මෙන්න හොද මිතුරෙක් තමයි Techකතා - www.techkatha.com වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් බේදයක් නැත, ඔබට ඇති තොරතුරු තාක්‍ෂණික ගැටලු info [at] techkatha [dot] com වෙතට දන්වන්න. සිංහල බසින් තමන්ගෙ මිතුරන්ට දැණුම දෙන්න ඔබත් කැමති නම් මෙම ප්‍රජාව සමඟ එක් වන්න. ඔබටත් ඔබේ දැණුම ලබා දියහැක. මෙන්න පළමු සටහන http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/ මේ ගැන කාලිංග ලියු සටහන තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?

වැඩියෙන්ම දියවැඩියාව සැදෙන්නේ නවසීලන්තයේ කිරිපිටි වලින්

Gift from a blog-mate...

Thanks for your gift... සු අක්කා :)

Search Engine Market Share

Google reached 81.2% of Search Engine Market Share. [1] Search Engine Market Share [2] Top Search Engine Share Trend

සිංහල දිනදර්ශනය 2009

මොසිලා සඳහා නිම කළ සිංහල දිනදර්ශනය මෙතනින් ලබා ගන්න. මෙය Evolution, Thunderbird, Sunbird වැනි විද්‍යුත් තැපැල් සම්පාදක මෘදුකාංග හරහා භාවිතා කළ හැක. මෙම දිනදර්ශනයම ශානු විසින් මීට සුලු මොහොතකට පෙර google වෙත ලබා දුන් අතර, දැන් ඔබට ගුගල් දිනදර්ශනය හරහාද ලබාභාවිත කළ හැක . වෙනත් රටවල් 2030 දක්වා දිනදර්ශනය සකස් කළ ඇති අයුරු පෙනෙන්නට ඇත . නමුත් පෝය අනුව අපේ නිවාඩු වෙනස් වීම නිසා දැනට 2009 ට පමණක් සිංහල දිනදර්ශනය එක් කර ඇත. රාත්‍රියේම ලිත හොයා ගත් අපේ කල්පටත් එසැනින් ගුගල් වෙතට මෙය යාවත් කළ ශානුටත් ස්තුතියි!

ලංකාවේ තොරතුරු තාක්‍ෂණ රැකියා කප්පාදුව

නව වසර එලබුනේ ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ආයතන කිහිපයකම සිදුවු රැකියා කප්පාදු පිළිබද තොරතුරු සවනට වැටෙමින්ය. එක් ආයතනයක් තම මව් සමාගමේ මුල්‍ය අස්ථාවරත්වය නිසාත්, තවත් සහමරක් සමගාම් බලා පොරොත්තු නොවු පරිදි ව්‍යපෘති නොලැබීමත් මෙයට හේතු විය. ඇත්තටම මෙය පසුගිය වසරේදි ලොව පුරා ඇති වූ අතර ලොව සුප්‍රකට යාහූ සමාගම මෙයට අත ගැසුවේ ඔවුන්ගේ ලොව වට සිටි R&D අංශයේ සේවකයන් 1450 කට පමණ සමුදිමෙනි. මෙයට යාහූ ඉංදියා හි සේවකයන් 70කට ආසන්න පිරිසක් ද අයත් විය. තවද 3000ක සේවක ඉලක්කයක් කරා යාමට සැරසුණු මෙරට සුප්‍රකට සමාගමත් යළි මෙම කාර්‍යයට අතගසා ඇත. ඔවුන් මීට පෙරද සේවක කප්පාදුවක් කරණ ලදි. මෙම තත්වය මෘදුකාංග සංවර්‍ධකයින්ට පමණක් නොව පරිශීලක මුහුණත් සහ ග්‍රැෆික් නිර්මාණ කරුවන්ටද බලපා ඇත. මෙහි තවත් බරපතල තත්වයක් වන්නේ යම් ආයතනයකින් නෙරුපු සේවකයෙකුට එසැනින් රැකීයාවක් නොලැබීමයි. මෙම රැකියා තර්ජන සඳහා ලෝක ආර්තික අර්බුදයත් ලංකාවට වඩා ඉංදියාව හරහා ඉතා අඩු මිලට නිෂ්පාන කරගත හැකි වීමත් බලපා ඇත. ඉතින් ආනාගතය දෙස සුභවාදිව දැක්මක් ඇත්නම් තොරතුරු තාක්‍ෂණ රැකියාවට අමතරව කෙසෙල් කොටුවක් වවා ගැනීම යහපති.

Fedora 8 EOL - January 7, 2009

Fedora 8 will be end-of-life and no further updates, including security updates, will be released at that time, and new builds will not be allowed in the buildsystem. Also as of that date, all open bugs against Fedora 8 will be CLOSED WONTFIX.

Mobitel or Airtel ?