Skip to main content

Posts

Showing posts with the label galle

උරුමයක් ද? කරුමයක් ද?

අද ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ පැවැත්වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග පුහුණු වැඩසටහනක් සඳහා එහි ගිය විට දුටුවේ විදුලි බල්බ සහ විදුලි පංකා සහිතව අකුරු කරන දැරියන් පිරිසකි. ඉතා සීමිත ඉඩකඩක මෙලෙස දරුවන් හිරවීට සිදුව ඇති එක් හේතුවක් නම් ගාලු උරුමය මඟින් ගාලු කොටුව තුළ නව ගොඩනැගිලි ඉදිරි කිරීමට යොදා ඇති සීමාවන් නිසයි. ගාරා වැටුනු පරදෙසක්කාරයින් තැනු උරුමය කරෙතියන් යන ඔවුන් මේ දරුවන්ට කරුමයක් වී ඇති බවයි මට තේරුනේ. අල්ලපු වැටේ තියේන සියලු ශාන්තුවරයින්ගේ පාසැලේද මෙවැනිම තත්ත්වයක් ඇත. සුද්දෝ ඇවිත් කොටුවේ සිරි බලයි, මේ පොඩ්ඩෝ කොටුවේ සිරවි අකුරු කරයි. එලියෙන් බලන අයගේ නෙමේ මේ පැරණි ගොඩ නැගිලි කඩන් වැටෙන්නේ ඇතුලේ ඉගෙන ගන්න දරුවන්ගේ. ඉතා කුඩා පංති කාමර තුළ විදුලි බල්බයක් නොමැතිව අකුරු කරන්න බැ. හුලන් පොදක් නැ ඉතින් විදුලිය නැති විට ඒ ළමයි විදින දුක උරුමය රකින්නන් දන්නවද දන්නැ? ඇත්තටම මේ ගාලු උරුමයක් ද? කරුමයක් ද?