Skip to main content

Posts

Showing posts from April, 2010

සුබ නව වසරක් වේවා!

ඔබ සැමට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! පොඩි ආරංචියකුත් කියන්නම්.. අද සිට OpenOffice සිංහල ව්‍යපෘතිය පිවරක් ඉදිරියට පැමිණි බවද කියන්න කැමතී. මීට පෙර අපි පළවන මට්ටමේ සිටියත් දැන් අපි දෙවෙනි මට්ටම පියවර තබලයි ඉන්නේ. :) http://projects.openoffice.org/native-lang.html

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය