Skip to main content

Posts

Showing posts from May, 2010

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ