Skip to main content

Posts

Showing posts from 2013

උපන්දින දෙකක් සමඟ හන්තාන 19

මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දින හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 4වන උපන්දිනයද සමරමින් හන්තාන නවතම නිකුතුව මේ දැන් නිකුත් විය. හන්තාන ගැන කතාව පැත්තකින් තියල කෙටියෙන් කියන්න දෙයක් තියෙනව දැන්. :) ඔබ සියලු දෙනා දන්නා පරිදි ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද අලි ඇතුන්ට විශාල තර්ජනයක් තියෙනව. විශේෂයෙන්ම ඇතුන්ගෙ දළ කැපීම, මිනිසාගෙ කාර්යයන් සඳහා අලි ඇතුන් ලබා ගැණීම, ඔවුන්ගේ ස්වාභාවික නිජබිම් වලින් දුරස්කර මිනිසාගේ පුද්ගලික වැඩ (කොටන් අදින්න, මිනිසුන් ප්‍රවාහනයට.. ) සත්ව උද්‍යාන වල මිනිසා වෙනුවෙන් සන්දර්ශන ඉදිරිපත් කිරීමට යනාදි නොයෙකුත් ක්‍රියාවන්ට මෙන්ම ස්වාභාවි වන විනාශය නිසා අලින් ගම් වැදිමෙ සිදුවන අලි මිනිස් ගැටුම්ද ඔවුන්ගෙ පැවැත්මට බලපාන සාධකයක්. සාමාන්‍යන් අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලි ලස්සනයි කියල බොහොදෙනා පිළිගන්න දෙයක්. ඒවගේම ලංකාව වගේ රටවල සංස්කෘතිකමය අගයකුත් අලි ඇතුන්ට තිබෙනව. ඉතින් මෙහෙම වටින කියන සතෙක් ඉදිරි අනාගතයේදි මේ මිහිතලයෙන් වඳවී යන්න හැකියාවක් අපේ මිනිස් සමාජයේ අකට

මුං ඇට කිරිබත්

හැම සති අන්තයේම වගේ මුං ඇට කිරිබත් හදන්න සෙට් උනත් ලගකදි ඉදන් වැඩේ අවුල් උනා.. ඊයේ රැ මුං ඇට වතුරෙ දමා නිදාගත්තත් උදේ නැගිටල බලද්දි වෙලාව දවල් 12ත් පහු. දැන් ඉතින් මොන මුං ඇට කිරිබත්ද? මේපිංතූරයෙ පසෙකින් පෙන්නෙන මුල් ඇදපු මුං ඇට ගිය ඉරිදා දාපු එක. ;-)

හන්තාන ලිනක්ස් මත ජුම්ලා ස්ථාපනය

මෙම සටහන Fedora/CentOS/RHEL මත ජුම්ලා ස්ථාපනයට භාවිත කළ හැක. පරිගණකයට පිවිසිමේන් අනතුරුව ටර්මිනල් එක විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ cd Downloads/ [danishka@localhost Downloads]$ wget http://joomlacode.org/gf/download/frsrelease/18323/80368/Joomla_3.1.1-Stable-Full_Package.zip   ජුම්ලා නවතම නිකුතුව අවශ්‍ය නම් පහත සබැඳිය භැවිත කළ හැක. http://www.joomla.org/download.html මෙම ස්ථාපනය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ පද්ධතියේ apache, php සහ mysql ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. හන්තාන 14 නිකුතුවේ සිට සියලුම නිකුතුවන් පෙරනිමියෙන්ම apache, php සහ mysql ඇතුළත් වේ. නමුත් වෙනත් පද්ධතියක් සඳහා ස්ථාපනය කරන්නෙ නම් පහත විධානය ලබා දෙන්න. root පරිශීලක ලෙස පිවිසීමට su  විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ su Password: [root@localhost danishka]# yum -y install httpd php mysql mysql-server php-mysql හන්තාන ලිනක්ස් පද්ධතිය තුළදි ඉහත දැක්වෙන විධානය ලබා දීම අවශ්‍ය නොවේ පහත විධාන මඟින් mysql සහ apache සේවාවන් ඇරඹීම සිදුවන අතර පරිගණකය ආරම්ඹ කිරීමේදි ස්වයංක්‍රීයව

සාගල පුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහන – 2013 මැයි මස 18 දිනට මූල්‍ය තත්වය

හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු. තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව  මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත. රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ. හර්ෂණ වීර

You are welcome to support Sagalapura College, Binganthalawa

As I mentioned earlier , we are trying to provide a computer lab with 5 computers and other necessary equipments to Sagalapura College , Bingathalawa, Kandapola which is a rural college in Walapane education zone in Nuwara Eliya district, Our target is to provide them with 5 new assembled computers. Mr. Athula Herath who is attached to the Education Office, Central province says that a computer with the following specification can be bought to a price of Rs. 52,000 from an institute in Kandy. Core i3 Processor 2GB RAM 500GB HDD LED Display Keyboard/Mouse (without UPS) Since this is a rural college, we thought of transportation as well. If there is anyone who can help us buy computers with quality components for a lower price, please contact Mr. Athula Herath. The estimated least total cost for 5 computers is Rs. 260,000 and a total of Rs. 40,000 from four people (Rs. 10,000 from each) is confirmed to be donated. If it is possible for you t

බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්

මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ,  සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.  නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහා Core i3 Processor 2GB RAM 500GB HDD LED Display Keyboard/Mouse  (UPS රහිතව)  මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න. දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත. ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account

උදව් දෙන්න කැමති අය පෙළ ගැහෙන්න...

නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ උශ්කර පාසලක ළමුන්ට පරිගණක අධ්‍යාපනයට අත හිත දෙන්න කැමති අයට අපිත් එක්ක එක්වෙන්න කියල ඇරයුම් කරනව. පාසලේ නම තමයි සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල. තේ වතු මැදින් ඉතා දුශ්කර ගමනකයන්න වෙනව මේ පාසලට. බස් එකක් නම් දැක්කෙ නැ මම යද්දි නම්. කොහොම උනත් අප්‍රේල් මාසය වන විට පරිගණක 4 හො 5ක් දෙන්න තමයි සූදානම. භාවිත කළ පරිගණක නෙමෙයි අලුත් පරිගණක දෙන්නයි බලාපොරොත්තුව. මොකදපරිගණකයක් කැඩුනම ගොඩක් දුර එන්නත් ඒක හදාගන්න අවට කෙනෙක් නැ ඒ හරියෙ. ඒවගේම මම කලින් මේ පාසලට යද්දි 1 සහ 2 වසර පංති එකට, 5 සහ 6 වසර පංති එකට දමා ඉගැන්විම කරන්න සිදු වෙලා තිබ්බෙ 1 සිට 11 වසරට ළමයි ඉන්න පාසලේ විදුහල්පතිත් තවත් ස්වේච්ජා ගුරුවරයෙක්ද ඇතුලුව මුලු ගුරුමඩුල්ල 9 දෙනෙක් උන නිසා. එක් මැසිමකට 50,000 ලෙස ඇස්තමෙන්තු කලොත් ලක්ෂ 2,50,000ක් පමණ මුදලක් යාවි. ඉතින් දන්න අය හැකි ඉක්මනින් වෙළඳපොලෙ දැනට core i3 ප්‍රොසසරයක් අවම වශයෙන්වත් දාල 2GB RAM එකක් සහිතව LCD/LED මොනිටර් සමඟ, එවගේම UPS සමඟ දෙන්න යන මුදල පිළිබඳ ඇස්තමෙන්තුවක් දෙනවද හනික. දැනටමා දන්නා හිතවතුන් කිහ දෙනෙ සහයට එ