Skip to main content

Posts

Showing posts from June, 2009

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක. ** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක. මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න. නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක. එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක. [root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට

කලකට පස්සේ!!

ඔන්න ඉතින් කලකට පස්සේ ආයෙත් පුංචි පහේ නිදහස් සහ විවෘත මෘදුකංග ( Free and Open Source Software ) හදුන්වාදිමේ වැඩසටහන් ඉදිරිපත් කෙරුනා බටපොල නවෝද්‍යා පාසැලේදි. පසුගිය මස 26 වැනි අඟහරුවාදා දින එම විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩංගනයෙදි පැවැත් වූ මෙම වැඩසටහන ගයාන් තාරක මල්ලිත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන ඔහුගේ මැණියන්ගෙත් දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. තොරතුරු තාක්‍ෂණ විශයට වගකීමක් එතුමියට විදුහල තුළ නොතිබුනත් ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දීම පැසසිය යුතු කාරණයක්. මේ වැඩසටහන සඳහා බන්දුල පුෂ්පකුමාර ඇදුරු තුමා, කල්ප පැතුම් , වී අමිත්ත, ගයාන් කල්හාර , අනුෂ්ක ලක්මාල් යන අය දායකත්වය ලබා දුන්නා. මෙම වැඩසටහනේදි GNU/Linux (උබුන්ට සහ ෆෙඩෝරා දෙකම) පිහිටුවා ගැනීම, GNU/Linux Desktop, Gnome , Fedora සහ Firefox සිංහල ව්‍යපෘති හදුන්වා දෙන ලදි. පාසැල සවස 12.30ට අවසන් වීම නිසාත් සවස 1.00ට එම ස්ථානයේ ගුරු රැස්වීමත් නිසා වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට සිදු උනා. ඉතින් වැඩසටහනේ තවත් රූප ටිකක් බලන්න ආස නම්..... මෙන්න flickr (ගන්න ඔක්කොම අප්ලෝඩ් කරන්න නම් කම්මැලියි :( ) දැන් ඔන්න ලංකාවේ හොඳම පාසැල් පරිගණක විද්‍