Skip to main content

Posts

Showing posts with the label හන්තාන Hanthana

අලුත්ගම ධර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ හන්තාන ලිනක්ස් වැඩසටහන

blog.hanthana.org වෙතින් අලුත්ගම ධර්ගා නගරයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී දෙදින හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 11 සහ 23 වැන දෙදින පුරා පැවැත්විණි. මේ වැඩසටහන සඳහා යාපනය, අම්පාර, පුත්තලම, මඩකලපුව, සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලින් පැමිණ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියෝ විසි දෙනෙක් සහ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් සහභාගී වූහ. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙතෙක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිසුන් පිරිසක් සඳහා කළ පළමු වැඩසටහන මෙය වීම යි. මෙම වැඩසටහනේ දී ලිනක්ස් හදුන්වාදීම, ස්ථාපනය, අධ්‍යාපනික සහ කාර්යාලීය මෘදුකාංග භාවිතය වැනි කොටස්වලට අමතරව මෘදුකාංග සංවර්ධන අංශය කෙරෙහි ද වඩා වැඩි අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන් ම ලිනක්ස් මත C++ , Java , HTML වෙබ් පිටු නිර්මාණය වැනි කරුණු මෙන් ම ලොව බහුලව භාවිත වන වෙබ් සේවාදායකය වන ඇපාචී (Apache) වෙබ් සේවාදායකය භාවිතය ද මෙහි දී ආවරණය කරන ලදි. මීට අමතරව ජාල සැකසුම් කළමනාකරණය සහ පරිශීලක කළමනාකරණය වැනි අංශ ද සාකච්ඡා කෙරණි. මෙම වැඩසටහනේ තවත් සුවිශේෂි කාරණයක් නම් පළමු දින අධ්‍යයන කටයුතුවලට අ...