Skip to main content

Posts

Showing posts from March, 2016

කන්තලේ ලයිට් කණු ගැලවිමේ ව්‍යාපෘතිය!

මෙවර සා.පෙළ විභාගයෙන් කන්තලේ නංගිලා මල්ලිලා ගොඩ දාන්න උදව් දෙන්න හැකි අයියලා අක්කලගෙ උදව් අවශ්‍යව ඇත. ඔබට කරන්න තියෙන්නෙ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සිටින නංගිලා මල්ලිලට විභාගයට සූදානම් වෙන්න උදව් දීමයි. (පිංතූරය i nfolanka.com වේබ් අඩවියෙන්) ඉතින් කන්තලේ ගිහින් උගන් වන්න වගේම, කන්තලේ යන්න බැරි උනත් ගෙදර ඉදන් ටියුට් එකක් නෙමෙ 10ක් හරි හදලා දෙන්න හැකි අයටත් උදව් වෙන්න පුලුවන්. වයස් බේදයක් නැ, දැනට කැම්පස් ඉන්න අය, ගුරුවරු සහ ඔනම වෘතියක හෝ පසුගිය වර සා.පෙළ කළ අයටත් උදව් වෙන්න පුලුවන් තමන් ලග තියෙන යළි අවශ්‍ය නොවෙන අධ්‍යාපනික මූලාශ්‍ර ඒ දෙවල් ගන්න අවශ්‍ය නංගිලා මල්ලිට බෙදලා දීලා. වැඩේ දැනට කන්තලේන් පටන් ගත්තට මේක මොනරාගල, වැල්ලවාය සහ රටේ අනෙකුත් පැතිවලත් ඉදිරියේදි ලැබෙන්නට නියමිත ලයිට් කණු ගැලවීමට අපි සූදානම්. මේ වැඩෙ කරගෙන යන්න අවශ්‍ය ලියකිවිලි ද්‍රව්‍ය ඇපයිමෙන්ද, තමන්ගේ ගමේ මේ වගේ වැඩසටහනක් සූදානම් කිරීමෙන්ද ඔබට දායක වෙන්න පුලුවන්.   මෙම කාර්යය අකුර ව්‍යාපෘතිය හරහා අපි ක්‍රියාත්මක කිරීමට සූදනම් වන අතර මේ වැඩෙට සෙට් වෙන්න