Skip to main content

Posts

Showing posts from 2008

OpenOffice.org Sinhala drama

පසුගිය වසරේ මෙය රඟ දැක් වීමට සූදානම් වුවද. නලු නිළියන් සොයා ගැණීමට අපහසු වූ අතර. පුහුණු වීම් කටයුතු ඉතා කෙටි කලත් තුළ සිදු කීරිමට සිදු විය. දැන් මෙය අවසානයක් කරා ලගා වීමට ආසන්නන ඇති අතර, 2007 ජූලි සිට මේතාක් දුරට රැගෙන ආ OpenOffice.org සිංහල සඳහා කිසියම් හෝ අයුරකින් සහාය දැක්වු පිරිස නම්; ශ්‍රීශානු, කල්ප සහ හර්ෂණ. මින් බාහිරව කිසිදු පුද්ගලයෙකු මෙහි එකදු වචනයක් පරිවර්තනය කර නොමැති බව පවසන්නේ මතු ඇති විය හැකි ගැටලු දැන්ම දිස්වෙන නිසාවෙනි. OpenOffice.org සිංහල ව්‍යාපෘතිය ලිංපදිංචි කිරීම සහ OpenOffice.org සිංහල පරිවර්තනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය නිකම්ම නිකන්න පුස්සක් වන්නේ, අදලා පුද්ගලයා (OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය සිදු කළ ) කිසිදු පරිවර්තනයක් නොකළ නිසාවෙනි. එමෙන්ම 2007 වසරේදි Red Hat ආයතනය යටතේ මා මෙම ව්‍යාපෘතිය ඇරඹීමේදි ඔහු අවසන් කළ ගොනු ලබා නොදුන්නේ 'ඇයි ඔයාට ඔයාගේම පරිවර්තනයක් නොකරන්නේ?' යයි අසමිනි. ඉතින් ඉහත නම් සඳහන් කළ සිංහල ලැදි පිරිස දායකත් වය දැක් වූ අතර වෙනත් කිසිදු මානව සම්පත් දායකත්වයක් හිමි නොවීය. තවද එම පිරිස

[ADB funded] Free IT Diploma for A/L students!

උසස් පෙළ සමත් අඩු ආදායම් ලබන පවුල් වල දරුවන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය හරහා තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමාවක් හැදැරීමට දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කර ඇත. මෙය දුරස්ත අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය [DEMP] යටතේ සිදුවේ. මාසික ආදායම 20,000කට අඩු පවුලක උසස් පෙළට පෙනිසිට රැකියා විරහි දරුවන්ට මෙම ව්‍යපෘතියට එක් වන ලෙස මෙය කියවන ඔබ කාරුණික වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මෙය 2009 ජනවාරි මස 12 දින ඇරඹීමට නියමිතයි. වැඩි තොරතුරු සඳහා Tel: + 94 112 301 904 Fax: +94 112 301 906 සැයු: මෙම ව්‍යපෘතියට මගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර, හුදෙක් දැණුවත් කිරීම පිණිස සටහන් කරන ලදි.

ෆයර්ෆොක්ස් ගන්න සිංහල පිටුවක්

වසරකට අඩු කාලයක් තුළ නිම වූ Firefox 3 සිංහල නිකුතුව ලබා ගැනීමට දැන් මොසිලා වෙතින් සිංහල පිටුවක් වෙන් කර ඇත. මේ නිසා භාෂා 50ක් තුළ සිංහල සෙවිමට තවදුරටත් සිංහල පරිශීලකයන්ට කරදර විය යුතු නැත. අපේ බසින් තිබෙන නිකුතුව අපේ සිංහල බසින්ම ඇති පිටුවකට කෙලින්ම ගොස් ලබා ගන්න. මේ වන විටත් මොසිලා හි පර්යේශණ සේවාදායකය ඇටි මෙම පිටුව අද රාත්‍රියේ හෝ හෙට දිනයේ සක්‍රීය වීමට නියමිතයි. මේ වන විටත් නිකුත් වීමට නියමිත මොසිලා සිංහල අංග කිහිපයක්ම නුදුරු දිනවල දි ඔබට දැකගත හැක.

Internet Explorer security alert

Source BBC News: http://news.bbc.co.uk/2/hi/technology/7784908.stm Users of the world's most common web browser have been advised to switch to another browser until a serious security flaw has been fixed. The flaw in Microsoft's Internet Explorer could allow criminals to take control of people's computers and steal their passwords, internet experts say. Microsoft is investigating the problem and preparing an emergency software patch to resolve it, it says. Internet Explorer is used by the vast majority of the world's computer users. "Microsoft is continuing its investigation of public reports of attacks against a new vulnerability in Internet Explorer," said the firm in a security advisory alert about the flaw. Microsoft says it has detected attacks against version seven of the browser - its most widely used edition. But the company warned that other ver

ෆයර්ෆොක් සමීක්‍ෂණය දෙවෙනි වරට ලබා ගැනීමට නොහැකි නම්!

මොසිලා විසින් Firefox සඳහා කෙරෙන සමීක්‍ෂණයේ දෙවන අදියර මේ වන විට ඇරඹී ඇත. මෙම සමීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබෙන බව සතුටින් දැණුම් දෙන අතර ඔබට මෙම සමීක්‍ෂණය සඳහා සිංහල බසින් කියවිමේ පහසුකම ලැබෙනු ඇත. එමෙන්ම ඔබ මේවන විට Firefox භාවිත කළ ද නොකළ ද මෙම සමීක්‍ෂණයට දායක වන මෙන් කාරුණිකව මොසිලා ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි. මෙහි අරමුණ වන්නේ එක් එක් රටට Firefox සඳහා විශේෂිත ගැටලු හදුනා ගැනිමත්, හොඳ සේවාවක් ලබා දීමත්ය. මෙම සමීක්‍ෂණය අද දින සිට මේ මස 26 වන දින දක්වා පැවැත්වෙනු ඇත. සිංහල: http://surveys.mozilla.org/?id=16&plocale=si ඉංග්‍රිසි: http://surveys.mozilla.org/?id=16 ---------------------------------------------------------------------------------------- නිවසේදි හෝ කාර්‍යයාලයේදි මොසිලා සමීක්‍ෂණය කිහිප දෙනෙකුට එකම පරිගණකය මඟින් පිරවිය නොහැක. මන්ද මේ සඳහා TAKENනමින් කුකී එකක් ඔබේ පරිගණකයට ඇතුළත් වනු වේ. එමඟින් තනි පුත්ගලයෙකු වරින් වර මෙම සමීක්‍ෂණය පිරවීම වලකා ලයි. නමුත් ඔබට කාර්‍යයාලයේ ඇත්තේ අන්තර්ජාලයට සම්බන්ධ වූ එක් පරිගණකයක් නම්, හෝ නිවසේදි පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් භාවි

plymouth

ඔබත් ෆෙඩෝරා භාවිත කරයි නම් plymouth දාලා බලන්න. මෙන්න දාගන්න විදිය. /etc/grub.conf ගොනුවේ ඇති kernel /vmlinuz-2.6.27.5-117.fc10.i686.PAE ro rhgb quiet ලෙස ඇති පෙළට vga=792 කොටස එක්කරන්න උදා: kernel /boot/vmlinuz-2.6.27.5-117.fc10.i686 ro root=UUID=a61c8338-e373-4389-ae00-32942185f7c2 rhgb quiet vga=792 yum install plymouth-plugin-{fade-in,pulser,spinfinity} plymouth-set-default-plugin name (name යනු ඔබට අවශ්‍ය ප්ලගීනයයි ) උදා: plymouth-set-default-plugin solar /usr/libexec/plymouth/plymouth-update-initrd

Firefox in your country

Today we’re [The Mozilla Community] launching round 2 of the Firefox in your country survey with a new list of countries and new and improved questions. The survey will remain open until December 26th. The survey is available in 15 languages: English, French, Greek, Italian, Spanish (Spain, Argentina, Mexico), Catalan, Czech, Hebrew, Romanian, Sinhala , Vietnamese, Dutch, and Frisian! So in this round we would especially like to hear from people in the following countries. Please help us spread the word to others, whether or not they use Firefox: Argentina Bolivia Chile Czech Republic France Greece Israel Italy Mexico Peru Romania Sri Lanka * Spain The Netherlands Vietnam Sinahla version: http://surveys.mozilla.org/?id=16&plocale=si English version: http://surveys.mozilla.org/?id=16 * - This survey is open for all Sri Lankans (either Firefox users or not) and Sinhala speaking people around the world. And they can use either English or Sinhala versions of the survey.

Google Chrome Takes Off “Beta” Label

via googleblog " Since we first released Google Chrome, the development team has been hard at work improving the stability and overall performance of the browser. In just 100 days, we have reached more than 10 million active users around the world (on all seven continents, no less) and released 14 updates to the product. We're excited to announce that with today's fifteenth release we are taking off the "beta" label! Google Chrome is a better browser today thanks to the many users who sent their feedback and the many more who enabled automatic crash reports, helping us rapidly diagnose and fix issues. Some of the areas where we've made great progress include: ........"

ෆෙඩෝරා සඳහා වේගවත් mirror භාවිතයට

ෆෙඩෝරා පොදු රිපොසිටරි ගණනාවක් ලොවපුරා ඇත. අප පැකේජයක් ලබා ගන්නා විට එය ලබා ගැනිමේ වේගය අදාල රිපොසිටරිය රදවා ඇති ස්ථානයේ පහසුකම් මතද රදා පවති. ඔබට ෆෙඩෝරා සඳහා වේගවත් mirror භාවිතයට අවශ්‍ය නම් yum-fastestmirror නම් වූ yum ප්ලගීනය භාවිත කළ හැක. එය පිහිටුවා ගැනීමට සඳහා yum install yum-fastestmirror විධානය දෙන්න. ඉන්පසු ඔබ යාවත් කිරිම් හෝ ස්ථාපනය කිරිම් සිදු කරන විට ඔබේ පරිගණකය ස්වයංක්‍රීයව වේගවත් ෆෙඩෝරා මිරර් වෙතට පිවිසෙනු ඇත.

G8 presidency to 'regulate the internet'

Berlusconi plans to use G8 presidency to 'regulate the internet' : * Via The Register(UK)* Italian president and media baron Silvio Berlusconi said today that he would use his country's imminent presidency of the G8 group to push for an international agreement to "regulate the internet". Speaking to Italian postal workers, Reuters reports Berlusconi said: "The G8 has as its task the regulation of financial markets... I think the next G8 can bring to the table a proposal for a regulation of the internet." Italy's G8 presidency begins on January 1. The role is taken by each of the group's members in rotation. The holder country is responsible for organising and hosting the G8's meetings and setting the agenda. Italy's last G8 presidency in 2001, also under Berlusconi, was marred by riots at the annual meeting in Genoa. Berlusconi didn't explain what he meant by "regulate the internet", but the mere mention of it has prom

ෆේඩෝරා මත rpmfusion සමඟින් mp3 codecs, Nvidia drivers

මෙම විධානය ලබා දෙන්න su -c 'rpm -ivh http://download 1.rpmfusion.org /free/fedora/rp mfusion-free-re lease-stable.no arch.rpm http://download 1.rpmfusion.org /nonfree/fedora /rpmfusion-nonf ree-release-sta ble.noarch.rpm ' yum clean all ඉන්පසු ඔබට packagekit හෝ yumux භාවිතා කර GUI එකක් මඟින්ම අවශ්‍ය මෘදුකාංග සොයා ස්ථාපනය කළ හැක. නමුත් GUI එකකට ගොස් මවුසය මඟින් ක්ලික් කර කර ඉන්නවාට වඩා පහත දැක්වෙන විධාන එලෙසින්ම පිටපත් කර යළි ටර්මිනලය තුළ ඇලවීම ඔබට පහසු වේ යයි සිතමි. Xine දෘශ්‍ය වාදකය ස්ථාපනයට # yum install xine-lib-extras-freeworld xine මෙය Totem හි හැකියාවන්ද වැඩිදියුණු කරනු ඇත MPlayer ස්ථාපනයට # yum install mplayer-gui මම නම් ඉතින් amrok තමා භාවිතය.. :) yum install amarok VLC දෘශ්‍ය වාදකය ස්ථාපනයට # yum install vlc වැඩි දියුණු කළ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සහාය ලබා ගැනීමට # yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad gstreamer-ffmpeg නවතම Nvidia drivers ගැනීමට # yum install kmod-nvidia ෆෙඩෝරා පිළිබඳ සවිස්තරාත්මක ලිපිපෙළක් කියවීමට සඳහා අපේ ප්‍රසාන්ගේ ෆෙඩෝරා සිංහල සටහන්

ෆෙඩෝරා මත Flash 10

ෆෙඩෝරා මත flash ස්ථාපනය සඳහා පහත පියවර දෙක භාවිතා කළ හැක. sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo yum install flash-plugin එසේ නොමැති නම් පහත පියවර වුවද අනුගමනය කළ හැක. 32-bit මෙහෙයුම් පද්ධතිය මත sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo rpm –import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-adobe-linux mkdir -p /usr/lib/mozilla/plugins sudo yum install flash-plugin mozilla-plugin-config -i -g -v 64-bit මෙහෙයුම් පද්ධතිය මත sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo rpm –import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-adobe-linux mkdir -p /usr/lib/mozilla/plugins sudo yum install nspluginwrapper.{i386,x86_64} pulseaudio-lib.i386 sudo yum install flash-plugin mozilla-plugin-config -i -g -v

Fedora | ෆෙදෝරා 10 අද නිකුත් වේ

ෆෙඩෝරා ව්‍යාපෘතියේ දස වන වෙළුම අද දින නිකුත් වීමට නියමිතයි. ෆෙඩෝරා ලබා ගැනීම සදහා http://fedoraproject.org/get-fedora සබැඳිය භාවිත කළ හැක. මෙය නිකුත් වීම අද සවස්යාමයේ සිදුවන අතර, එම මොහොතේම ලබා ගැනීමට උත්සාහ කිරීම සාර්තක නොවිය හැක. පසුගිය වර ෆෙඩෝරා 9 නිකුත් විමේදි පළමු පැය තුළ 60,000ක් ඉල්ලීම් ෆෙඩොරා සේවාදායක වෙතට ලැබුණි. නිදහසේ සාමාන්‍ය වේගයෙන් ලබා ගැනීමට දිනක් හෝ දෙකක් ඉවසන්න. ;-) -- ඉවර වෙන්නේ නැ, නොමිලේ නිසා මිළ ඉහලයන්නේත් නැනේ. :D

Revision of tariffs and charges - Lanka Electricity Company PL

The 25 Most Influential People on the Web

These people have the most impact on the Web ... The Seeker: Steve Ballmer - microsoft.com The Marshall: Mitchell Baker - mozilla.org The Innovator: Jeff Bezos - amazon.com The Searchers: Sergey Brin, Larry Page, and Eric Schmidt - google.com The Investor: Jeff Clavier - softtechvc.com The Papa Bear: Paul Graham - ycombinator.com The Muckracker: Arianna Huffington - huffingtonpost.com The Adviser: Joi Ito - joi.ito.com The Mastermind: Steve Jobs - apple.com The Filmer: Jonathan Kaplan - theflip.com The Communicator: Loic Le Meur - Leweb3.com, seesmic.com The Trader: Jack Ma - alibaba.com The Publisher: Matt Mullenweg - Wordpress.org The Mogul: Rupert Murdoch - myspace.com The Community Organizer: Craig Newmark - craigslist.com The Traffic Driver: Gabe Rivera - techmeme.com The Poster Boy: Kevin Rose - digg.com The Adult: Sheryl Sandberg - facebook.com The Edutainer: Jon Stewart - thedailyshow.com The Money Man: Peter Thiel - clariumcapital.com, thefound

network of trees

Mozilla Mobile Firefox ~ fennec

මොසිලා ෆයර්ෆෝක්ස් හි ජංගම දුරකතන සඳහා නිමවු නිකුතුව Fennec නමින් එළිදැක්වෙන අතර එය ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ පරිශීලනයට පහසු ලෙස නිමවා ඇත. මෙම ගින් ජංගම දුරකතන භාවිත කරන්න හට විවෘත මූල වෙබ් බ්‍රවෘසරයක් නොමිලේම ලගා ගත හැක. එමෙන්ම ඇඩෝන භාවිතය මෙන්ම ඉතා පහසු වෙබ් ගවේශන අත්දැකීම්ද ඔබට ලැබේ. එමෙන්ම මෙහෙ කේතය එලිදක්වන නිසා වෙනත් නිර්මාණකයින්ට තවදුරටත් සංවර්ධන කටයුතු කළ හැක. මේ ෆෙනෙක් කියන්නේත් තවත් නරියෙක්ම තමා, ඇත්තම නරියෙක්. සහරා කාන්තාරයේ ඉන්නා වූ පොඩි නරියෙක්. ස්ථාපන උපදෙස්: https://wiki.mozilla.org/Mobile/Fennec/Releases මෙම නිකුතුව N800 සහ N810 නොකියා ජංගම දුරකතන මත නිසියාකාරව ක්‍රියාත්මක වේ. එමෙන්ම දින කිහිපයකට පෙර මෙම ජංගම දුරකතන සඳහා වන Fennec ගවේශකයේ සිංහල පරිවර්තන කටයුතු අවසන් විය. :) පසුගිය Mozilla සමුලුවේදි Fennec හදුන්වාදුන් අයුරු..

Firefox Surpasses 20% Worldwide Market Share

For the first time in either a weekly or monthly period, Firefox surpassed 20% worldwide market share (according to Net Applications) Source: Net Applications PS: Firefox 3.1 beta 2 code freeze on this week :)

OpenOffice.org towards 40% market share

OpenOffice.org recently released the new version 3.0 and it was downloaded 3 million times in its first week. Most surprising is the fact that over 80% of downloads were from Windows users. OpenOffice.org's goal 40 percent of the market share for office software by 2010. OpenOffice.org Sinhala version will be release in near future. Read more: http://why.openoffice.org/why_foss.html http://why.openoffice.org/why_edu.html

රිච්මන්ඩ් පොඩ්ඩෝ...

ඊයේ (ඔක්තෝම්බර් 27 වන දින) ගාල්ල රිච්මින්ඩ් විද්‍යාලයේ වැඩසටහනකට සහභාගි පැමිණිමේදි නෙත ගැසුණු මේ පොඩිත්තන් නිසා සුලුවෙන් හෝ සටහනක් කරන්නයි මේ වැයම. මලීගේ අතින් ලියවුණු ඇගේ කුඩා පංතිවල සිදුවීම් කියවද්දි මෙන්නම මෙම පුංචි මල්ලි දැක්කමත් අපව ළමා කාලයට කැදාවාගෙන යනවා. අධ්‍යාපන කටයුතු අතපසු කරමින් තමන්ගේ පාසලේ මල්ලිලාට දැණුම බෙදාදෙන්න, වැඩසටහනට උරදුන් අපේ කල්ප මලයාටත් ගොඩක්ම පිං. වැඩසටහන ඉතින් නිදහස් සහ විවෘත මෘදුකාංග [Free and Open Source Software]හදුන්වාදීම තමයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා, ලොකු ලොකු අයට අපෝ Linux නම් අමාරුයි කිවට 8වසරේ මල්ලිලා ටික ඊයේ අහපු ප්‍රශ්න වලින් වගේම ක්‍රියාවෙන්ද ඔවුන්ගේ උනන්දුව පේන්න තිබුනා. හොදම දේ තමයි හවස 6.30 වන විට දුරකතනය නාදවෙන්න ගත්ත, බලද්දි ගෙදර ගිය ගමන් පොඩ්ඩෝ Fedora සහ Ubuntu දාන්න පටන් අරගෙන. ඒ වගේම ගාල්ල සුමන්ගලෝදය පාසැලේ ගුරුතුමා තමා මේකටයුත්තට රිච්මන්ඩ් විද්‍යාලයට සහාය දුන්නේ. කොටින්ම දුරකතන ඇමතුම් මඟින් රුහුණ විශ්ව විද්‍යාලය, ලිනක්ස් මිතුරන් යන සැවොම සම්බන්ධීකරණය කළේ එතුමයි. පාසැලේ පරිගණක විද්‍යාගාරයේ කොටස් ගලවගෙන යන ගුරුවරුන් සිටින යුගයක එතුම

දෙහිවලට තියෙන්නේ මහනගර සභාවක් ද?

අද දින දෙහිවල මහනගර සභාවේ උදැසන 9.30ට ඇරඹීමට නියමිතව තිබු වැඩසටහනකට එම ආයතනයේ කාර්යක්‍ෂමතාවය හේතුකොට ගෙන මේවන විටත් (දැනටමත් පැයක් පරක්කුයි) ආරම්භ වී නැත. පරිගණකය සහ ප්‍රොජෙක්ටරය ගහගන්න වයර්කෝඩ් එකක් මෙයාලට හොයාගන්න බැ. උදේ 5.00ට නැගිටගෙන ආවත් මෙයාලා නම් තාම ඇහැරිලා නැ වගේ. පේනවා නේද ලැප් එක ගැහුවෝත් ඒක විතරයි වෙන එකකට විදුලිය නැ. :P හික්.. අන්තිමට වැස්සෙම ගිහින් වයර්කෝඩ් එකකුත් ගෙනල්ලයි වැඩේ කරන්න ගත්තේ. මෙහෙම කළත් කමක් නැ කියන දෙයින් ප්‍රයෝජනයක් එයාලා ගන්නවනම්. මට නම් ශුවර් නැ දෙහිවලට තියෙන්නේ මහනගර සභාවක්ද කියලා. :( ඇතුලේ මෙහෙම නම් පිට අයට?? ඉතින් දෙහිවල ජනතාවට දෙයියන්ගෙම පිහිටයි!

රාජ්‍ය අංශයේ බබා අඩවි...

අද තිලින එක්ක පොඩි කයියක් ගහද්දි එකපාරටම ඇදිලා ආපු මාතෘකාව. මේක මතක් කළාට තිලිනට ස්තුතියි. මීට වඩා හොද එකක් 5වසරේ ළමයෙකුත් හදාවි. :) බලන්නකෝ ගිහිල්ලම. www.meteo.slt.lk තව එකක්...

Google Chrome down to 1.5%

Source: http://www.newscientist.com/blogs/shortsharpscience/2008/10/at-the-beginning-of-september.html Browser Statistics Month by Month 2008 IE7 IE6 Chrome Fx Moz S O September 26.3% 22.3% 3.1% 42.6% 0.5% 2.7% 2.0% Source: w3schools

සිංහලින් බ්ලොග් ලියන්න තවත් පැංචෙක්..

මේ මොහොතේ කොටිකාවත්ත ප්‍රාදේශී සභාවේ පැවැත්වෙන වැඩසටහනට සහභාගිවන මේ පුංචි ලක්‍ෂාන් මල්ලියා (5 වසර) සිංහලින් බ්ලොග් ලියන්න එන අලුත්ම සාමාජිකයා වේවි. ;-) මෙම වැඩසටහන් මාලාවේදි සිංහල යුනිකෝඩ්, ෆයර්ෆොක්ස් ඇතුලු නිදහස් සහ විවෘත මෘදුකාංග සහ සිංහලින් බ්ලොග් ලිවිමද හදුන්වාදේ. මෙම වැඩසටහන කරන්නෙත් දැනට සිංහල බ්ලොග් ලියන ලාබාලතම සාමාජිකයා වන චීරාන් මල්ලිගේ ආදරණීය පියා වන බන්දුල රණතුංග මහතා.

නිදහස සොයන සිසු දරුවන්...

SFD2008 Galle, Sri Lanka , originally uploaded by danishkanavin . පසුගිය සැප්තැම්බර් 20 වන දින ගාල්ල ඔල්කට් විද්‍යාලයේදි පැවැත්වු නිදහස් මෘදුකාංග දිනයට පැමිණි සිසු පිරිසයි මේ. SFD2008 Galle, Sri Lanka , originally uploaded by danishkanavin . උදේටත් නොකා පාසැල් එන දරුවන් සිටින අප රටේ නිසි මෘදුකාංග බලපත්‍රයක් ගැනීමට එක් පරිගණකයකට දහස් ගණනින් මුදල් වැය කළ හැකිද? ලංකා ලිනක්ස් මිතුරු සමූහයේ සාමාජිකයන් මෙම වැඩසටහන මෙහෙය වූ අතර එය ගාල්ල අධ්‍යාපන කොට්‍ඨාශයේ ගුරු මහතක වන බන්දුල මහතා විසින් සංවිධානය කරන ලදි. උදැසන 8.30 සිට සවස 5.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාමත්මක වූ මෙම වැඩසටහන සමඟ එක් වූ ගුරු සිසු පිරිස 500ක් පමණ විය. ලංකා ලිනක්ස් මිතුරන් අතරින් අනුරාධ, සුචේත, චමිත්, ගවීන්, ප්‍රගීත් මෙම වැඩසටහනට සහභාගි විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තවත් මෙවැනිම උත්සවයකට සහය දීම සඳහා ගවීන් සහ ප්‍රගීත් සමඟ මා දහවල් ආහාරය සඳහා වැඩසටහන නිමවූ පසු පිටත් වීය. ඒ තොරතුරු පසුවට...

මරණයට විසුළු කළ මිනිසෙක්

අද දිනමිණ පුවත් පතේ මෙම විත්තිය දාන්නේ මගේ බ්ලොග් එකට සෙනග ගෙන්වා ගැනීමට නොව, හුදෙක් එම පුවත කියවිමෙන් ඇතිවු කණගාටුව නිසයි. සාමාන්‍යන් දිනමිණ නොබලන එක්කෙනෙක් හරි මෙය අද කියවයි. රචනය ඉරෝෂිණී දීපිකා සහ සෙයාරු සඳහා සමන්ත වීරසිරි මෙන්න කතාව............ නෙ ත නිඳිවැරුව ද ඔහුට කම් නැත. අව් කාෂ්ටකේ දැවෙමින් හිස කකියන තුරු මුර කපොළු ළඟ සිටිය ද ඉන් විඩාවක් නැත. යුද මෙහෙයුම්වල නිරත වුව ද කිසිදු බියක් නැත. තම ජීවිතයට වඩා ලක්ෂ ගණනක ජීවිත ආරක්ෂා කිරීම පමණක් ඔහු සිතේ ඉපැදුණු එකම බලාපොරොත්තුව විය. දුක් කම්කටොළු සියල්ල එක සිතින් බාරගෙන, දිවි පරදුවට තබා, අප වෙනුවෙන් කැප වූ ඔහු කොඩිතුවක්කු ආරච්චිගේ අජිත් නම් වෙයි. මේ අපූර්ව මිනිසා අපට මුණගැසුනේ මෝදර රොක් හවුස් කඳවුරු භූමියේ දී ය. ඒ අභීත මිනිසාගේ විචක්ෂණශීලී බව නිසා ම, වෙන්නට ගිය මහා විනාශයක් පවා වළක්වා ගැනීමට හැකිවිය. මේ ඔහුගේ ඒ කථාවේ කටු සටහනකි. "මං ජීවත් වෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. ඉගෙන ගත්තෙ බදුරලිය කඹුරාවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ අපොස (සා/පෙළ) දක්වා විතරයි. ඔන්න ඔය කාලෙ තමයි රටේ භීෂණය පැතිරිලා තිබුණෙ. ඒ කාලෙ සිදුවුණු සිදුව

Penalty | Fine | Prison ~ The choice is yours!

This poster is from Tyrell's blog.

හැරෙන තැපැලෙන්..

කවුරුත් දන්නා පරිදි පෙරෙදා ෆයර්ෆොක්ස් 3.0.2 උපනිකුතුව ආවා. එත් ඔන්න හැරෙන තැපැලෙන් 3.0.3 එවන්න කටයුතු සූදානම් වෙනවා. ඇත්තටම මෙහි එක් විසදුමක් පමණයි එන්නේ. මෙය ඉතාමත් දුර්ලබ අවස්තාවක්. මොකද සාමාන්‍යන් විසදුම් කියහිපයක් එක්වර නිකුත් කළත් පරිශිලලකයාගේ යහපත උදෙසා "රහස්පද කළමණාකරනයේ/මතක තබා ගැනිමේදි" UTF අවුලක් (සරලවම) මෙලෙස විසදීමට ඔවුන් දැන් යුහුසුළුව කටයුතු කරනවා. විශ්වාස කරන්න මේවන විට විසදුමට අදාල කේතය ඔවුන් ලියා අවසන්. දෝෂ අංකය: 454708 storage-Legacy can throw when calling ConvertToUnicode දෝෂ අංකය: 451155 Password manager does not work correctly on IDN site whose name contains any character over U+0100 අද දින තත්වපාලණයට එය ලක් වෙන අතර බීටා වෙළුම ලබන සතියේ මුල නිකුත් වනවා. ඇත්තටම ගැටලුවක් ඇති විට එයා පෙන්වා දීමත් එයා විසදීමට ඉක්මන් වීමත් ඉතා හොඳ ලක්‍ෂණයක්. අනික රහස්පද ගැටලු කියන්නේ ආරක්‍ෂාවට තර්ජයනක්.. ඉතින් ආරක්‍ෂාවට මුල් තැන! :)

Happy Bday!!

අපි කවුරුත් දන්න නිදහස් සහ විවෘත මෞදුකාංග පද්ධතියක් වන Fedora GNU/Linux ව්‍යපෘතියට වසර 5 යි!

සිතන්නට යමක්....

ගුගල් වෙතින් එන පහත තොරතුරු අනුව ඔබට මොකද හිතෙන්නේ? මේක ක්ලික් කර බලන්න ලංකාවේ අයත් දැන් සෙවුම් භාවිතය හොදමට්ටමකට කරනවා නේද? කෙනෙකුට ඒක වැඩකට ඇති දෙයක් ලෙස නොපෙනුනත් දැන් බලන්න සිංහල වචනයක් යොදා සොයන අයත් ඉන්නවා... මේක ඇත්තටම හොඳ ප්‍රවනතාවයක්, සිංහලින් ලිවීම වගේම සිංහලින් සෙවීම. :) තවත් දෙයක් පසුගිය 11 දා පැමිණීමට නියමිතව තිබු ෆයර්ෆොක්ස් 3.0.2 අද නිකුත් වනවා. එපමණක් නොවේ, අද සිට සිංහල නිකුතුව තවදුරටත් බීටා නිකුතුවක් නොවනු ඇත. සහාය දුන් සැමට තුති!

ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ MD කරන පිස්සු වැඩ...

මමත් අද (21) ගියා හර්ෂණ එක්ක පොත් ගන්න. ගන්නමයි ගියේ :) කෙලින්ම ගියේ Expographics එකට, බලද්දි මම කලින් සතියේ එයාලගේ කොටුවේ තියෙන කඩේ දැක්ක පරණ පොත්මයි තිබ්බේ. GNU/Linux වලට අදාල පොත් වගයක් හොයමින් හිටියේ. අන්තිමට එකක් යන්තම් සෙට් උනා.. හර්ෂණ ගන්නේ මොනවද කියලා දන්නවනේ. ;-) හික් එයාට ග්නූ අරහන්.. මම වගේම එයත් එකයි ගත්තේ මොකද අපි දෙන්නම අවශ්‍ය පොත් අන්තරෙන් බාගන්නවා කියලා තොරපු පොත් 2ක් විතර අත ඇරියා මොකද ඒවා පැරණි පිටපත්. වැඩි ගානක් දීලා පරණ නිකුතුව ගන්නේ මොකට ද? ඇත්තටම මම ඉංදියාවේ ඉදලා එද්දි ගෙනාපු පොතක් ?(එකම වෙළුම) මෙහෙ පට්ට ගණන්.. මෙයාලා මේ ප්‍රදර්ශන කියලා වසර අවසානයේ ඉතිරිවෙන පොත් දීලා දානවා.. IT පොත් තියෙනවා දැන් පරණම වෙච්ච. නමුත් කළමණාකරනය, ගණිතය, විද්‍යාව සහ අනෙකුත් විශයන් සඳහා තියරිය වෙනස් නොවෙන නිසා එයාලට තියාගෙන විකුණන්න පුලුවන්. කලාව සහ සාහිත්‍ය පොත් නම් ඉතින් අලුත් වෙනවා. :) ඊට පස්සේ ලෝවැඩසඟරාව හොයන්න ගියා. මට අවශ්‍ය උනේ ලෝවැඩසඟරාව පොත් 20ක් 30ක් ගන්න පොඩි ළමයින්ට දෙන්න. MD ගුණසේන සමාගමෙන් සෙල් එකක් දාලා තිබ්බා ... (අර MD බීම තිබ්බ තැන ඉස්සරහා, H කොටසේ) අපෝ පව්! පොත් හැම

Firefox 3.1 බීටා 1

මෙම වසරේ අවන් කාර්තුවේදි එළිදැක් වීමට නියමිත මෙම නිකුතුව සඳහා සිංහල පරිවර්තනය මිට සුළු වේලාවකට පෙර අවසන් වූ අතර, දැනට Windows සහ GNU/Linux සඳහා ස්ථාපන ගොනු සූදානම්ව ඇත. :) දැනට පහත ගුණාංග සඳහා ඛේතයන් ලියා අවසන් කර ඇත. Improvend CMS performance Aero Glass support in chrome on Vista HTML5 Canvas Text API Rendering video to canvas ElementTraversal script defer CSS3 text-shadow CSS3 box-shadow CSS3 column-rule CSS3 :nth-* selectors CSS3 media queries CSS2.1 white-space:pre-line CSS2.1 generated content CSS3 border-image HTML5 audio/video Ogg Vorbis and Theora codecs worker threads එමෙන්ම දැනට පහත දැක් වෙන කොටස් සාර්තකව සංවර්ධනය වෙමින් පවති. Awesomebar improvements (control, privacy) Performance improvements Enhanced compatibility checking during upgrades Plugin blocklist fixes Better default controls for video Software updater, permissions fixes Theme cleanup Private browsing mode downloadable fonts HTML5 Canvas Shadows API HTML5 Canvas CreateImageData HTML5 drag-drop API Cross-site XHR C

මාරවිල සිට ලියමි..

හලාවත ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ විෂය උගන් වන ගුරුවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුවේ පළමු දිනය (12 දින) සාර්ථකව නිම විය. ගුරුවරුන් 40 දෙනෙකු පමණ මෙම වැඩ සටහන සඳහා සහභාගි විය.

Firefox 3.0.2

Mozilla ආයතනය අද (11) දිනයේදි Firefox 3.0.2 වෙළුම නිකුත් කිරීමට නියමිතයි. එය ලංකාවේ වේලාවෙන් සවස් යාමයේදි නිකුත්වනු ඇත. මෙවර ඉංදියානු භාෂා ලැයිස්තුවේ Hindi, Marati, Bengali සහ Kannada යන භාෂාවන් නිකුත් වීමට නියමිතයි. සිංහල Firefox නිකුතුව සඳහා මෙම නිකුතුව ඉතා වැදගත් වනු ඇත. :)

Browser Statistics Month by Month : 2008

2008 IE7 IE6 IE5 Fx Moz S O August 26.0% 24.5% 0.1% 43.7% 0.5% 2.6% 2.1% July 26.4% 25.3% 0.3% 42.6% 0.5% 2.5% 1.9% June 27.0% 26.5% 0.5% 41.0% 0.5% 2.6% 1.7% May 26.5% 27.3% 0.7% 39.8% 0.7% 2.4% 1.5% April 24.9% 28.9% 1.0% 39.1% 0.9% 2.2% 1.4% March 23.3% 29.5% 1.1% 37.0% 1.1% 2.1% 1.4% February 22.7% 30.7% 1.3% 36.5% 1.2% 2.0% 1.4% January 21.2% 32.0% 1.5% 36.4% 1.3% 1.9% 1.4% Source: w3schools

Google [Chrome] & Mozilla [Firefox]

Google නව වෙබ් ගවේශකයක් නිකුත් කිරීම Mozilla සඳහා තර්ජනයක්ද? එය අපට දැන්ම කිව නොහැකියි. දැනට පවතින සහයෝගිතාවය මෙම ලිපිය කියවන ඔබට මැනවින් වැටහෙන ඇතැයි මා විශ්වාස කරමි. [නමුත් තර්ජනයක් වනවාද නැද්ද යන්න රදා පවතින්නේ Mozilla ඉදිරියේදි ක්‍රියාත්මක වන ආකාරය අනුවයි] නමුත් මෙය නවතම තාක්‍ෂණික සොයාගැනීම් කරා Mozilla තවත් වෙගත්ව ඉදිරියට යැවීමට පෙළබවීමක් විය හැක. කෙනෙක්ට තරගයේ රැදි සිටිමට නම් තම හැකියාවන් තරගය පුරා තබාගත යුතු වේ. Google විසින් Mozilla මිලදි ගනිවිද? නැත! Google මොසිලා ගැනීම කළ නොහැක්කක්. Mozilla කිසිදු දිනෙක විකිනෙන්නේ නැත. ඇත්තටම Google විසින් Chromw ව්‍යපෘතිය ආරම්භ කළේ මෙම හේතුව නිසයි. ;-) [අපි නොදන්න Live] ලාභ නොලබන ආයතනයක් ලෙස Mozilla ආරම්ඹ කළේ කිසිම ආයතනයකට එය මිලදිගත නොහැකි වීමටයි. Google හි අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය කිසිසේත්ම Mozilla වෙතට පිවිසෙන්නේ නැත. 1990 දි Netscape ආයතනයට Microsoft වෙතනින් තදබල පහරක් වැදුනා. එවකට Netscape ආයතනයේ සිටි Mitchell Baker සහ Brendan Eich විසින් Mozilla ව්‍යපෘති ඇරඹූයේ Netscape සහ Microsoft අතර ඇති ගැටුමත් මතකයේ තබා ගෙනයි. මෙහිදි ඔවුන්

කාලෙන් කාලෙට වෙනස් වෙන පරිවර්තක මෙවලම..

දේශියකරණයට භාවිතා කළ හොඳ පරිවර්තන සහායක මෙවලමක් තමයි Kbabel. නමුත් මෙවර එය Kaider නමින් නිකුත් වුනා. එත් දැන් KDE 4.1 සමඟ එය lokalize නමින්...

Chrome නිසා IE ට තවත් තර්ජනයක්!

නුදුරු දිනයකදි නිකුත් වීමට නියමිත Chrome වෙබ් ගවේශකය IE වලට අනිවාර්යෙන්ම තර්ජනයක් වනු නොඅනු මානායි. මෙය අපි කවුරුත් දන්න Google ගේ වැඩක්. එමෙන්ම Chrome එන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසයි. ඇයි මේක අනිත් ගවේශක වලට තර්ජනයක් නැද්ද? දැනට වෙළඳපොල තත්වය අනුව IE හි අගය 80% කටත් වඩා අඩුවීමට පසුගිය ජුනි මස 17 දින නිකුත් වූ Firefox 3 බලපැ බව නොරහසකි. IE හි මෙම වෙළඳපොල පවතින්නේ එය MSFT මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන් ලැබීම නිසයි. කෙසෙ වෙතත් අනතර්ජාය භාවිත කරන්නගේ වඩාත් ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ලබාදෙන මෙම අවස්ථාවෙන් IE හි ආධෛපත්‍ය බිදවැටෙන අතර ෆයර්ෆොක්ස්, ඔපෙරා සහ සෆාරි යන ගවේශක සඳහා ඇති වන බලපෑම එතරම් නොවේ බව මගේ පෞද්ගලිකව විශ්වාසයයි. තවත් දෙයක්, Mozilla හට මුදල් දෙන ප්‍රධානතම පාර්ශවයක් වන්නේ Google, Google සෙවුම පෙරනිමිය ලෙසට පැවතීම සහ Google සෙවුම් දැන්වීම්. ඉතින් බලමු වෙන්නේ මොකද කියලා. අනාවැකි කියන්න තවමත් කල් වැඩියි! කෙසෙ වෙතත් පසුගිස මොසිලා සමුලුවේදි ඉතාමත් ආකර්ශනිය පර්යේශන ඔවුන් පෙන්වා සිටියා. ඉතින් තවත් ගවේශකයක් කරලියට ඒම IE ආධිපත්‍ය බිද වැටීමටත් පරිශීලකයන්හට උපරිම සේවාවක් විවෘත මෘද

ස්තුතියි වැන්කුවර්!

සතියකකට පසු මොසිලා සමුළුවෙන් අනතුරුව ගම්රට බලා ඒමටයි මේ සැරසුම... වැන්කුවර්ගුවන් තොටුපලේ ඇති රතු ඉංදියානුවන්ගේ සම්ප්‍රධායික කලා නිර්මාණයකි.

Fedora 10 "Cambridge"

මෙම වසරේ ඔක්තොම්බර් මස 28 දිනට නිලුත් වීමට නියමිත Fedora 10 නිකුතුව "Cambridge" ලෙසට නම්කර ඇත.

ප්‍රජාවගේ සමුළුව!

මොසිලා ප්‍රජාවේ භෞතික එක් වීමක් තව සුළු වේලාවකින් ඇරඹීමට නියමිතයි. "Mozilla Firefox 2008 සමුළුව" 2008 ජූලි මස 28 වැනි දින සිට අගෝස්තු මස 2 වැනි දි දක්වා කැනඩාවේ, විස්ලර් නගරයේ, වෙස්ටින් හෝටලයෙදි.

Intel සමාගම ජංගම Linux සඳහා Ubuntu වෙතින් Fedora වෙතට..

චිප නිෂ්පාදක Intel සමාගම Moblin (Mobile & Internet Linux Project) හි දෙවැනි වෙලුම සඳහා Ubuntu වෙනුවට Fedora ව්‍යපෘතිය දෙසට නැඹුරු වේ. http://www.heise-online.co.uk/open/Intel-switches-from-Ubuntu-to-Fedora-for-Mobile-Linux--/news/111166

Mozilla Firefox Sinhala for the NEXT Generation

1st installFest in Sri Lanka @ Bandula Senadhira College - Karandeniya As per my request Mr. Susil Maduwage, Chief Project Officer - National Intitute of Eucation Sri Lanka, introduced Mr. ID Mitripala of Elpitiya Educational Zone (The IT Facilitator). Mr.PHS De Silva, The Prinsiple, already downloaded the Firefox 3 Sinhala release. He gave permission and support to continue the event udring the term test and invit Mozilla Community to have another event on September. Wall painting by school students See.. they are talented people (my 1st impression) Mr. Mitri explaining the usage of a web browser and "why we need the Firefox 3 Sinhala". Newly joined Mozilla contributor, :) Spreading the Fx!! Day by Day.. Mozilla community grow! grow!! After the term test... time to play.. Playing VB...

සිංහලබ්ලොග්.ලංකා

ඔව්, ශ්‍රි ලාංකික ඔබට නුදුරු දිනකදි ඔබට ඉහත ආකාරයේ URL එකක් ලබා ගත හැකිවනු ඇත. දැනට භාවිතා වන .lk වෙනුවට අන්තර්ජාතිකව පිළිගත් ඩොමෙන් එකක් සිංහලින්ම ගන්න..

සිංහල බ්ලොග්වරු දැන් Firefox 3.0 Sinhala මත!

දැන් සිංහල බ්ලොග්වරුන්ගේ සිරස්තල සිංහල Firefox දැක ගත හැක. ඔබ දැනටමත් සිංහල Firefox 3.0 භාවිතා කරයි නම් නවතම ශීර්ෂක යටතේ පරික්‍ෂාකරන්න. මීට පෙර BBC ආයතනයේ පෝෂකය වෙනුවට දැන් සිංහල ඔබට අපේම සිංහල බ්ලොග් උණු උණුවේ කියවන්න. සිංහල Firefox මත මෙය ස්වයාක්‍රීයව ආරම්භ වනු ඇත... blogs.sinhalabloggers.com on Firefox 3.0 Sinhala Try your live bookmarks now.. :)

දේශීයකරණය ජාත්‍යන්තරව...

පසුගිය සතියේ නිකුත් වූ Mozilla Firefox 3 හි විවිධ වූ ජාත්‍යන්තර භාෂා නිකුතු ලබාගෙන ඇති ආකාරයයි මේ.