Skip to main content

Posts

Showing posts with the label Sinhala

Join us for the Translation Marathon 2014

As some of you know Sri Lanka's first translation marathon was held 27th of April  2010 with the participation of more than 70 people around the country. University students, school students and teachers, government officers and several individuals contributed that 27 hours of marathon . 2nd Translation Marathon in 2014! We will be running our second Marathon in 2014 in order to support following Open Source projects. Fedora Mozilla LibreOffice Debian Gnome KDE  Sugar Desktop Sahana Eden XFCE Wordpress Ubuntu  Yes, we will be supporting both Sinhala and Tamil languages This will be running parrel to Software Freedom Day 2014 and 5th Anniversary of Hanthana Linux Project . We don't mind how old you are or your technical knowledge but we highly  appreciate your valuable contribution. This is a rare chance to contribute to Global Community Projects with a minimal technical knowledge. Feel free to contact either myself or drop a mail to i...

qsfox Firefox 4 සඳහා සහාය දක්වයි!

පසුගිය 22 දින නිකුත් වූ Firefox 4 සමඟ සිංග්ලිෂ් වැඩ නැ කියුව හැමෝටම මෙන්නසුභ ආරංචියක්. මීට සුලු මොහොතකට පෙර ඉසුරු උදාන qsfox ඇඩෝනය ෆයර්ෆොක්ස් 4 සඳහා සහාය දැක්වීමට අවශ්‍ය ලෙස නිර්මාණය කර මුදා හැරිය බව දන්වා සිටියා.  අදාල ඇඩෝනය පහත සබැදියෙන් ගන්න. http://downloads.mozdev.org/qsfox/qsfox.xpi අදාල ඇඩෝනයේ කේතය දියුණු කිරීමට ඔහුට වැඩි කාලයක් මිඩංගු කළ නොහැකි බව ද ඔහු දන්වා සිටින අතර මේම ඇඩෝනය ඉදිරියට ගෙනයාමට ඔහුට සහාය වීමට රුචිකත්වය දන්වන කෙනෙක් ඉසුරු උදාන හමුවන්න.

Firefox 4 Announcement

Mozilla Launches Firefox 4 and Delivers a Fast, Sleek and Customizable Browsing Experience to More Than 400 Million Users Worldwide Mozilla, a global, nonprofit organization dedicated to making the Web better, is proud to release Mozilla Firefox 4, the newest version of the popular, free and open source Web browser. Firefox puts users in control of their Web experience, providing a streamlined user interface, fun new features, a boost in speed and support for modern Web technologies. Firefox 4 is available to download for Windows, Mac OS X and Linux in more than 75 languages. Firefox 4 will also be available on Android and Maemo devices soon. Firefox 4 is the fastest Firefox yet. With dramatic speed and performance advancements across the board, Firefox is between two and six times faster than previous releases. Major enhancements to the JavaScript engine make everything from startup time to page load speed to graphics and JavaScript performance screaming fast in Fi...

Firefox 4 නිකුත්විය!

ලොව පුරා මිලියන 400කට අධික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 නිකුත් කරයි. ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි. Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ  Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිතා කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත. Firefox 4 යනු දැනට ඇති වේගවත්ම Firefox සංස්කරණයයි. චමත්කාරජනක වේගයකින් හා ක්‍රියාකාරීත්ව වැඩිදියුණු කිරීම් තුලින් Firefox එහි පෙර සංස්කරණ මෙන් දෙගුණයක් හෝ හය ගුණක් වේගවත් වේ. JavaScript එළවුමට සිදුකල ප්‍රධාන වෙනස්කම් තුළින් ආරම්භක කාලයේ හා පිටු පූරණ වේගයේ සිට චිත්‍රණ දක්වා ක්‍රියාකාරීත්වය Firefox මත විශ්මයජනක ලෙස වේගවත්ය. නවතම Firefox සංස්කරණය සුමුදු න...

Mozilla fixed Firefox 4 rendering issue within few hours!

Last night I filed a bug against the Firefox 4 beta Sinhala rendering issue on Win, Linux and Mac. Within a few minutes Mozilla market the bug as a blocker for 2.0 but the bug was fixed less than 24 hours. It is obvious that Sinhala is a minor market for Mozilla interns of numbers. But they do care about all the communities and languages, unlike the proprietary companies who maintain Sinhala just for Marketing and pass their Tender bids. This is what you can feel and experience within the Open Source community but not in commercial products. As some of you can remember Fedora community also fixed a Wijesekara IM related issue and a ibus-Sayura 64bit issue within few days. But can Microsoft Sri Lanka fix a Sinhala related Bug within a week? ;-)  ~ feel the freedom ~ Latest NightlyBuild on 2011 Jan 28th Download Nightly Builds for Linux 32bit Download Nightly Builds for Windows 32bit Firefox 4 beta 10 with broken render...

2011 වසර සඳහා මොසිලා/ගුගල් කැලැන්ඩරය... හරිද බලන්න

පසුගිය දෙවසර තුළදීම නිකුත් කළ ශ්‍රී ලංකාව සඳහා දිනදර්ශනය මෙවර කලින්ම දාන්නයි හදන්නේ. Mozilla ආයතනය මඟින් නිකුත් කෙරෙන මෘදුකාංග තුළදි (Thunderbird, SeaMonkey) මෙම දිනදර්ශනය භාවිත කිරීමට නියමිත වුවත් ගුගල් දිනදර්ශනයක් ලෙස ද ඔබේ අනෙකුත් මෘදුකාංග හරහා එනම් Microsoft Outlook වැනි දැ සමඟද භාවිත කළ හැක. මෙවර නිවාඩු දින වලට අමතරව මෙම දිනදර්ශනයේ වෙනත් වැදගත් දින ඇතුලත්ව ඇත. උදා: ලෝක පරිසර දිනය, නිදහස් මෘදුකාංග දිනය, මිහිකත දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය... අමතරව එක් කළ දින සඳහා ලබාගත් මූලාශ්‍රය 100% නිවැරදිදැයි සැකයක් ඇති නිසා මොසිලා වෙත නිකුත් කිරීමට පෙර පිරික්සීමට තීරණය කළා. තවත් වැදගත් යැයි හැගෙන දින ඇත්නම් දන්වන්න. මෙලෙස මෙම දින එක් කළේ පාසැල් දරුනවන්ට හෝ වෙනත් අයෙකුට වැදගත් යැයි හැගුණු නිසයි. කෙසෙවෙතත් ඔබ මෘදුකාංගයක් හරහා (අදාල ගොනු පිරික්සිමෙන් පසුව දෙන්නම්) භාවිත කරන විට Holiday only ලෙස තේරිමෙන් අමතර දින දිස්වීම නතර කළ හැක. අදාල ics ගොනුව. http://snavin.fedorapeople.org/SriLanka_Calendar2009-2011.ics

OpenOffice.org සිට LibreOffice වෙත යන si.openoffice.org

දැනට පවතින තත්ත්වය අනුව OpenOffice.org සඳහා කටයුතු කළ ප්‍රජාව ඉන් ඉවත් වී ඇති අතර දැනට 100%ක්ම වැඩ කරන්නේ Document Foundation එක යටතේ ක්‍රියාත්මක වන LibreOffice ඉදිරියට ගෙන ඒම සඳහායි. දැනට ඉතා සක්‍රීයව මෙම කටයුතු සිදු වන අතර OpenOffice .org සඳහා කටයුතු කළ ප්‍රජාවේම කොටසක් වන ශ්‍රී ලාංකික OpenOffice.org ප්‍රජාවද මෙම මෙලෙසම කටයුතු කරනු ඇත. මෙතෙක් සිදු කළ පරිවර්තන එලෙසම සුරැකී ඇති අතර, එම පරිවර්තන ඉදිරි LibreOffice සඳහා කෙරෙන සිංහල පරිවර්තන කටයුතු සදහා භාවිතා වේ. මෙම ලිපිය ලියන මොහොත වන Document Foundation වෙත Oracle සමාගම සහාය දක්වා නැත. ලොව ප්‍රධාන පෙලේ Linux සමාගම් වන Red Hat , Novell , Canonical මෙම LibreOffice සඳහා සහාය දක්වන නිසා ඉදිරියේදි Fedora , Red Hat , Suse , OpenSuse , Debian , Ubuntu , Mandriva යන මෙහෙයුම් පද්ධතිවල ඔබට දැකගනු හැකි වන්නේ OpenOffice.org නොව LibreOffice මෘදුකාංගයයි. පැහැදිලිව තවමත් OpenOffice.org පවතින්නේ Oracle සමාගමේ සෙවනැල්ල යටතේ බැවින් OpenOffice.org සඳහා දායකත්වය දීම නවතා ඇත. නමත් OpenOffice.org නමිත් නව පදනමේ ඉදිරි කටයුතු ඇරඹීමේ හැක...

OpenOffice.org අනාගතය..

OO.org ව්‍යාපෘතිය සඳහා ඔබ දුන් සහාය අගය කරන අතර ඔබ ප්‍රජාසේවයක් වෙනුවෙන් කළ ඒ කටයුත්ත Oracle සමාගමේ ආධිපත්‍යයට යට නොවන බව සතුටින් දන්වා සිටිමි. පසුගිය දිනවල OpenOffice.org ව්‍යාපෘතියේ අනාගතයට අදාලව වෙනස් කම් රැස්ක සිදුවූ අතර. අද දින සිට ආරම්ඹ වන The Document Foundation මඟින් මෙතෙක් OpenOffice.org ප්‍රජාව සිදුකළ මෙහෙය Oracle සමාගමේ බලපැමකින් තොරව සිදු කරනු ඇත. දැනට OpenOffice.org වෙළඳ සලකුණ පවා හිමිකරගෙන ඇත්තේ Oracle සමාගමයි, එනමුත් OpenOffice.org හි කේතය LGPL නිසා කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට කටයුතු කරගත හැකි වේ. The Document Foundation සඳහා සම්බන්ද වීමට Oracle සමාගමටද ඇරයුම් කර ඇති අතර Red Hat, Novell, Google, Canonical වැනි ආයතන මෙම ක්‍රියාදාමයට ශක්තිය ලබාදෙන අතර නිදහස් මෘදුකාංග ලොවේ දැවැන්තයා වන RMS පවා මෙම නව පියවරට සුභපතන ලදි. RMS ඉල්ලා සිටියේ නිදහස් නොවන ඇඩෝන භාවිතයෙන් වලකින ලෙසයි. ඉතින් නව LibreOffice වෙත ලොව නන්දෙසින් සුභපැතුම් ගලා එන අතර දැනට OpenOffice.org සඳහා භාවිතා වන යටිතල පහසුකම් එලෙසම භාවිතාවේ. සිංහල ආශ්‍රීත පරිවර්තන සියල්ල මේවන විට ආරක්ෂිතව තබාගෙන ඇත (ඔරකල් පිස්සු කෙ...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...

සුබ නව වසරක් වේවා!

ඔබ සැමට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! පොඩි ආරංචියකුත් කියන්නම්.. අද සිට OpenOffice සිංහල ව්‍යපෘතිය පිවරක් ඉදිරියට පැමිණි බවද කියන්න කැමතී. මීට පෙර අපි පළවන මට්ටමේ සිටියත් දැන් අපි දෙවෙනි මට්ටම පියවර තබලයි ඉන්නේ. :) http://projects.openoffice.org/native-lang.html

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

OpenOffice 3.2 QA Workshop 2010 - Sri Lanka

It was a great pleasure to have the first QA event of the OpenOffice.org Sri Lankan Community and the first gathering of the community. Event was held at The ICTA Auditorium from 8.30AM to 4.00 PM (+5.30GMT) on 25th March 2010. Contributors: Kalpa Pathum Gayan Kalhara Prabath Galagamage Bandula Pushpakumara Bandula Ranathunga Dasun Lokuhetti Gayan Tharaka Rajeen Pranna Chanaka Madushan Anushka Lakmal Prabash Rajarathne + /me The team consisited of school students, university students, school teacher, government and private officials and software developers. These people were selected based on the first come first serve basis. The first 12 people who replied to the mail I sent to the openoffice-lk mailing list were given the chance. Wasantha Deshapriya (Director- Government Re-Engineering), Sujith Jayasooriya, Mahesh Kooragama and Sameera Shakunthala (Intern) who were from ICTA also joined to the team. Booting up... Introduce yourself :) Prabash is introducing himself Let's star...

2010 වසර සඳහා නිවාඩු සිංහලින්

ඔබේ විද්‍යුත් තැපැල් මෘදුකාංග සඳහා එක් කරගැනීමට හැකි ආකාරයෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකාවේ නම් කර ඇති නිවාඩු පහත සැබැඳියෙන් ලබා ගත හැක. මීට සුලු මොහොතකට පෙර Mozilla ව්‍යාපෘතියට ලබා දුන් අතර, එම ics ගොනුව ඔබේ අනෙකුත් මෘදුකාංග සමාගම් විසින් සකස් කළ දිනදර්ශන මෘදුකාංග සඳහාද එක් කරගත හැක. 2010 වසර සඳහා නිවාඩු: http://snavin.fedorapeople.org/SriLanka_Calendar2010.ics ගුගල් කැලැන්ඩරයද පහත ආකාරයෙන් ඔබට භාවිත කළ හැක :) මෙන්න කේතය.. <iframe src="http://www.google.com/calendar/embed?src=7cgdoobatsun57all6rms3gd1s%40group.calendar.google.com&ctz=Pacific/Auckland" style="border: 0" width="800" height="600" frameborder="0" scrolling="no"></iframe> ගුගල් දිනදර්ශනයට යන්න http://bit.ly/85LMWB දන්න කෙනෙක් ඉන්නවා නම් 2011 සඳහා නිවාඩු දෙන්න. මොකද 2010 සහ 2011 එකවර යාවත් කරන්න පුලුවන්.. ඒවගේම මෙම දිනයන්ගේ කිසියමක් දෝෂයක් ඇති නම් හැකි ඉක්මනින් දැන් වීමට කාරුණික වන්න.

2010 New Year Gift from the KDE Sinhala Project

Last night (Last year ;-) ) we completed the most essential packages of the KDE project, in order to be released in Sinhala (si) Language. KDE 4.4 will be released on 9th February 2010, and we are expecting the KDE Sinhala RC1,on 6th January 2010. :) KDE Sinhala project team wish you all a Very Happy 2010! Yes, we keep working towards a fully localized version of KDE!

ජාතික මට්ටමේ පරිගණක/අධ්‍යාපන ව්‍යපෘතියකට ඇරයුම්..

දැනට පාසැල් ගුරුවරු සහ වෙනත් පිරිස් මඟින් පරිවර්තනය කළ ඉදිරියේදි මෙරට දරුවන් අතරට යන මෙහෙයුම් පද්ධතියක සෝදුපත් බැලීමට දායක විය හැක ඔබටයි මේ ආරාධනය. මෙහිදි කිසිදු ගෙවිම් සිදු නොවන අතර වගකිමෙන් කටයුතු කළ හැකි අය කරුණාකර දන්වන්න. ඔබ කළ යුත්තේ: දැනට පරිවර්තිත කොටස් වල සෝදුපත් බැලීම, සිංහල පරිවර්තනය සඳහා භාවිතා වන වචන අදාල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සමඟ ගැලපේද බැලීම, එසේ නොගැලපේනම් නිසි වදන් යෙදීම. සුදුසුකම්: 01. අලස නොවි තමාට පැවරෙන කාර්යය අවසානය තෙක් මැනවින් ඉටු කිරීමේ හැකියාව 02. තොරතුරු තාක්‍ෂණය සහ සිංහල පිළිබඳ අවබෝදයක් තිබීම * මෙහිදි ඉංග්‍රිසි දැණුම අවශ්‍ය වන අතර ඉංග්‍රිසි 100% දැනගත් පමණින්ම මෙම කටයුත්ත කළ නොහැක. මන්ද පරිගණක/මෘදුකාංග පිළිබඳ නිසි අවබෝධයක් අවශ්‍ය වේ. 03. පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පරිගණක දැණුම ඇති අය. අවශ්‍ය දේ: පරිගණකයක් අදාල මෙහෙයුම් පද්ධතියේ (Linux) LiveCD එක පිරික්සීමට VirtualBox වැනි මෘදකාංගයක් සිංහල [සයුර හෝ විජේසෙකර යන ඕනැම ක්‍රමයකින් ලිවිය හැක) Lokalize, poedit වැනි පරිවර්තන මෘදුකාංග මෙම ව්‍යපෘතිය ඉතා අවම පහසුකම් ඇති කුඩා පාසැල් තුළ මේ වසර තුළදි...

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක. ** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක. මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න. නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක. එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක. [root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට ...

[Sri Lanka] Firefox reached 48.31% of browser usage

last April 26 th Firefox touched 48.31% of browser usage in Sri Lanka while IE showing 42.39% Source: statcounter Source: statcounter One thing I can point out here is that we don't get these kind of graphs for other countries; such as, USA , Japan , Germany , China , India , etc They all use same set of features in IE and same set of features in Firefox . Only difference is each country has their own language specific release of IE and Firefox . What could be the reason? 01) Fast FOSS education by volunteer groups.. 02) Sri Lankan LAW against pirated software / piracy 03) Firefox is the only browser released in Sinhala language. OR ??

හැඹිලිගත කරන්න...

සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි. මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ. cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස: http://en.wikipedia.org/wiki/Cache "In computer science , a cache (pronounced /kæʃ/ ) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where the original data is expensive to fetch (owing to longer access time ) or to compute, compared to the cost of reading the cache. In other words, a cache is a temporary storage area where frequently accessed data can be stored for rapid access. Once the data is stored in the cache, future use can be made by accessing the cached copy rather than re-fetching or recomputing the original data, so that the average access time is shorter." තොරතුරු මූලය

Sinhala NOT Sinhalese

If you still use "Sinhalese" as the language name in your localization project, pls revert it to "Sinhala". "Sinhala" is the preferred word for the language as per the Sri Lankan constitution and ISO 639: http://www.constitution.gov. lk/downloads/Chapter%20IV%20-% 20Language.pdf 18. 3[(1)] The Official Language of Sri Lanka shall be Sinhala. http://www.loc.gov/standards/ iso639-2/php/code_list.php sin si Sinhala; Sinhalese * Sinhala language * Sinhala script * Sinhalese people

සිංහල දිනදර්ශනය 2009

මොසිලා සඳහා නිම කළ සිංහල දිනදර්ශනය මෙතනින් ලබා ගන්න. මෙය Evolution, Thunderbird, Sunbird වැනි විද්‍යුත් තැපැල් සම්පාදක මෘදුකාංග හරහා භාවිතා කළ හැක. මෙම දිනදර්ශනයම ශානු විසින් මීට සුලු මොහොතකට පෙර google වෙත ලබා දුන් අතර, දැන් ඔබට ගුගල් දිනදර්ශනය හරහාද ලබාභාවිත කළ හැක . වෙනත් රටවල් 2030 දක්වා දිනදර්ශනය සකස් කළ ඇති අයුරු පෙනෙන්නට ඇත . නමුත් පෝය අනුව අපේ නිවාඩු වෙනස් වීම නිසා දැනට 2009 ට පමණක් සිංහල දිනදර්ශනය එක් කර ඇත. රාත්‍රියේම ලිත හොයා ගත් අපේ කල්පටත් එසැනින් ගුගල් වෙතට මෙය යාවත් කළ ශානුටත් ස්තුතියි!