Skip to main content

Posts

Showing posts from 2019

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

CVE-2019-3462: Vulnerability in the 'apt' Package Manager of Debian and Ubuntu

  Image: securebox.comodo.com The vulnerability present in the "apt" Package Manager allows a remote attacker to perform a man-in-the-middle attack by to execute arbitrary code (or a malicious package mirror) as root on a machine installing any package. This bug has been introduce with the apt version starting with 0.8.15 and indepndent security consultant Max Justicz discovered this critical issue. Canonical has released patched versions of APT for Ubuntu 18.10 (Cosmic Cuttlefish), Ubuntu 18.04 LTS (Bionic Beaver), Ubuntu 16.04 LTS (Xenial Xerus), Ubuntu 14.04 LTS (Trusty Tahr), and Ubuntu 12.04 ESM (Precise Pangolin). On the other hand, the Debian Project released patched APT packages for the Debian GNU/Linux 9 "Stretch" series. How to fix? Since the vulnerability is present in the package manager itself, it is recommended to disable redirects in order to prevent exploitation during this upgrade only, using: apt -o Acquire::http::AllowRedirect= f

#10yearchallange නිසා සමාජෙන් කොන් වේවිද?

සමාජ ජාල හරහා මේ දිනවල ඉතා වේගයෙන් යන රැල්ලක් තමයි #10yearchallange  එක. වැඩේ නම් සරලයි වගේ බැලු බැල්මට. මේ සඳහා සසභාගී වීමට ඔනම අයෙක්ට පුලුවන්. කරන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැ, විශේෂ මෙවලම් අවශ්‍යත් නැ. කරන්න තියෙන එකම දේ තමන්ගේ මීට වසර 10ට පෙර ලබා ගත් පිංතූරයක් සසදමින් සමාජ ජාලය හරහා එක් කිරීම පමණයි.   දැන් මේ අහිංසක සතුටක් ලබන වැඩක් නේද මේ? පොඩි කාලේ පිංතුර එලියට අදිමින් ඒ මිහිරි අමිහිරි මතක විදින්නට ඔබත් ඔබේ සමාජ ජාල ආශ්‍රීත හිතමිතුරන් එක් වෙනව නේද?  කමෙන්ට් කරනව ලයික් කරනව..... ඒ විතරක් නෙමේ අදාල සමාජ ජාල සේවාවක් ගොඩනගා ඇති සමාගම් වලට නත්තල් වගේ. ඇයි එහෙම නත්තල්? ඔබ මීට පෙර Facial Recognition ගැන අසා ඇති, එක්කෝ ඒ ගැන හොඳින් දන්නව වෙන්නත් පුලුවන්. දන්නේ නැති අයෙක් නම්.. යම් පුද්ගලයෙක් පිංතුරයක් හෝ විඩීයෝවක ඇති විඩීයෝ ෆ්‍රේම් එකක් භාවිතයෙන් හදුනා ගැණීම, තහවුරු කරගැණීමට හැකියාවක් මේ Facial Recognition තාක්ෂණයට පුලුවන්. එක පේළියකින් ලිව්වට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ වැඩේට 1964 වගේ කාලෙකදි හෙලන් චාන් සහ  චාර්ල්ස් බිසන්  දෙදෙනා එක්ව පළමු