Skip to main content

Posts

Showing posts from May, 2008

Firefox 3 si latest

No more language packs.. We have our own Firefox locale build Please find the latest build of the Firefox 3 Sinhala locale http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ Linux: firefox-3.0pre.si.linux-i686.tar.bz2 MAC: firefox-3.0pre.si.mac.dmg WIN: firefox-3.0pre.si.win32 .installer.exe WIN: firefox-3.0pre.si.win32.zip Please install Sinhala Unicode as mentioned in; http://www.siyabas.lk/sinhala_how_to_install.html builds updated after every tindebox cycle: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ builds updated once per day: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ Feel free to comment over here. It will help us to make a better product. Cheers!! eNJOY the Fx 3 :D

දුව ලස්සනයි!!

දුව ලස්සනයි කිවට වැඩක් නැනේ බන්දලා දෙන්නත් එපැයි!! මෙන්න ගන්න Firefox 3 si http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ දාගෙන බලන්න ප.ලි: තත්ව පරික්‍ෂණ නිමවන තුරු මෙය ඉතා සීමිත පිරිසකට (අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්) පමණයි ලබා දුන්නේ, මෙය තවමත් පරික්‍ෂණ තත්වයේ බැවිනි. මිතුරණි සමාවෙන්න, uoc එකේ රෂාන් මිත්‍රයා තැන හොයාගත්තනේ.. දැන් ඉතින් තවත් තියන්න ඉන්න දෙයක් නැ :D

Firefox 4.....

අපි කවුරුන් දැන් Firefox 3 එනතෙක් බලා සිටින අතර, එය ඉදිරි මසක කාලයක් තුලදී නිකුත් වනු ඇත. 2009 වසරේ මැද භාගයේදි පමණ Mozilla 2 නිකුත් වීමට නියමිතය. Mozilla2 නවතම සිංවර්ධනයන් සමඟ 2009 වසරේදි Firefox 4 නිකුත්වීමට නියමිතය.

Fedora 9 X86_64 සමඟ 4GB මතකය

අද, දැන් Fedora 9 වෙළුමෙහි (X86_64 ආකෘතිය) ලබාගෙන ස්ථාපනය කරගත් අතර, ඉතා සුළු වේලාවකදි සියලු කටයුතු නිම කරගන්නා ලදී. මම කළින් Fedora 9 වෙළුමෙහි X86 ආකෘතිය භාවිතා කළ අතර එහිදි පරිගණකයේ තිබු 4GB මතකයෙන් භාවිතාකළ හැකි වුයේ 3GB ප්‍රමාණයක් පමණි. නමුත් BIOS හි නියමිත පරිදි 4GB පෙන්නු නිසා හිතට සහනයක් ආවා. වැඩේ අතඇරියෙම නැ.... ආයෝජනය කළ මුදල අපතේ යවන්නත් බැනේ, දැන් වැඩේ හරි... Fedora 9 X86_64 සමඟ 4GB මතකය නිවැරදිව පෙන්වනවා. දැන් swap එක වැඩකටම නැ වගේ. :) අපේ හිමිර මිත්‍රයාට ස්තුතියි.:) Fedora 9 හි තවත් තොරතුරු සමඟින් යළි හමුවෙමු!

ඉංග්‍රිසි පාරිභාෂිත (terminology) සිංහලට හැර වීම..

සිංහල මාධ්‍යන් අධ්‍යාපනය හැදෑරු ඔබ පහත වචන අසා ඇත්දැයි බලන්න 01. ඛණ්ඩාංක 02. දෛශික 03. මිත්‍ර කෝණ 04. සමාන්තර රේඛා 05. විකර්ණය 06. උඩුකුරු තෙරපුම 07. පෘශ්ඨික ආතතිය 08. කේන්ද්‍රාභිසාරි බලය 09. උත්ස්වේදනය 10. මනුව 11. තෙකලා 12. සමජේදනය  13. ප්‍රත්‍යාවර්තක-ධාරා 14. සම්ප්‍රේෂණය 15.  බහුකලා   මෙම වචන අප ඉගෙන ගන්නා විට කිසි විටෙක එහි තේරුම ගැන සැලකිලිමත් නොවු අතර එම වචන සමඟ අපට ඇසුණු තාර්කික හා තාක්‍ෂණික පසුබිම වටහා ගන්නා ලදි. මන්ද මෙම වචන අප ඉපදීමටත් පෙර නිර්මාණය වූ අතර, මුල්කාලයේදි මෙම වචන භාවිතා කළ අයට මෙම වචන දිරවාගත නොහැකි විය. "තොරතුරු තාක්‍ෂණය" සඳහා අද නිමවන සිංහල පද තවත් කලක් යන විට සිංහල බස තුළ පැල පදියම් වනු ඇත. "ෆන් එකට සෙට් වෙන්න", "පපා", "මමි",.. කියන්නාවු සමාජයට නම් මෙය නිරස වනු ඇත. අප රටේ ඉංග්‍රිසි සාක්‍ෂරතාවයට මෙතෙක් කල් බලපැවේ දේශියකරණය නොව, විදිමත් අයුරින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා නොදීමත්, එහි වටිනාකම පාසැල්වල ළමුන්ට පැහැදිලි නොකිරිමත් නිසයි. අපට මෘදුකාංගය සිංහලින් නිමැවුනත්, අදාල මෘදුකාංගයේ සහායක ලේඛන තුළ අ

සිංහල දේශීයකරණය සහ පාරිභාෂික ශබ්ද මාලාවන්

දේශියකරණයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට ඉහල් වන ප්‍රධාන අංගයක් වන්නේ පාරිභාෂික ශබ්ද මාලාවයි. මෙහිදි එක් එක් මෘදුකාංගය එය දේශීයකරන්නාගේ අභිමතය පරිදි සිදුවීම නිසා එකිනෙකට වෙනස් විය හැක. උදාහරණයකට අප මෙසේ නොයෙදුවත් File සඳහා ගොනුව, ෆයිලය ආධි විවිධාකාර යෙදුම් පරිවර්තනය කරන්නා යෙදිය හැක. මෙය භාවිතා කරන පරිශීලකයින්ට ඉතාමත් අපහසු වන අතර. සහාය/උදව් සහඳහා මෙන්ම වෙනත් ලේඛන සෑදිමෙදී පවා ගැටලු මතු විය හැක. මගේ පෞද්ගලික මතය නම් පාරිභාෂික ශබ්ද මාලාවක් කිසියම් කෙනෙකු හෝ පුද්ගල කොට්ඨෂයක් වෙනුවෙන් නොව සමස්ථ ප්‍රජාව වෙනුවෙන්ම වෙන් විය යුතුයි. 01. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා නිසි වෙළුම් අංකයක් සහිත වියු යුතුවේ. 02. අවසාන වරට එය වෙනස් කළ දිනය දර්ශහනය කළ යුතුම වේ. 03. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා එක් යෙදුමක් ඉලක්ක කරගත යුතු නොවන අතර ඒ සඳහා දැනට ලංකාව තුළ භැවිතා වන හැකි සියළු මෘදුකාංග භාවිතා කළ යුතුවේ. 04. ප්‍රජාවේ අදහස් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතුවේ. 05. පාරිභාෂික ශබ්ද මාලාව අවශ්‍ය පරිදි නැවත නැවත ප්‍රථිශංෂෝදනය විය යුතුමයි. ucsc එකෙන් අංක 04 ගුණය සහිත වූ පාරිභාෂික ශබ්ද මාලාවක් සැකසී තිබුනා. මම නම් පෞද්ගලිකව U

Stockholm ගියත් සිංහලට හිතැති....

ශ්‍රි ලංකාවෙන් ලොවට දායාද කළ අනගි නිදහස් මෘදුකාංගයක් වන " සහන Sahana " දැන් සිංහලින්. මෙහි විශේෂත්වය වන්නේ ආපාදා කළමණාකරනය සඳහා කැපවීමයි. 2004 වසරේ සුනාමියේදි පටන් මෙවන විට ලොවපුරා ආපදා අවස්ථාවන්හිදි අදාල සහන සේවාකටයුතු කළමණාකතනයට මෙහි වටිනාකම අද වන විටම මුලු ලොවම හදුනාගෙන ඇත. එපමණක් නොව අද ශ්‍රි ලාංකික නොවන මෘදුකාංග සංවර්‍ධකයින්ද සහනට සවිය දෙන්නේ එහි නොමිලේ ලැබෙන සේවය නිසාවෙනි. කියවලම බලන්න විකිපිඩියාවෙහි තියෙන තොරතුරු ඇගයුමට ලක්වු අවස්ථා... * Free Software Foundation Award for Social Benefit - March 2007 * BBC TV Documentary the "Code Breakers" * Sourceforge Project of the Month - June 2006 * Software 2006 Good Samaritian Award * Red Hat User Awards * Wikipedia Reference to FSF Award for Projects of Social Benefit * Stockholm Challenge Finalist මෙවර Google Summer of Code සඳහා ශ්‍රි ලංකාව සම්පත් දායකයින්ගේ ප්‍රමාණය අනුව හොදම රටවල් දහය අතරට පත්ව ඇති අතර සහන වෙතින්ද නව දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි ආරංචි . පසුගිය දිනකදි රාජකාරි ස්ථානයේදි ඉංද

දාමුද තවත් OS එකක්?

ඔබට GNU/Linux මත තවත් ඕනැම මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට නම් Virtual Machine එකක් ක්‍රියාත්මක කළ හැකි අතර ඒ සඳහා VMware මෘදුකාංගය භාවිතා කළ හැක. (මේ සඳහා GNU/LIinux මතදි xen කර්නලයද භැවිතා කළ හැක) එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න #wget http://download3.vmware.com/software/vmserver/VMware-server-1.0.5-80187.tar.gz # yum install inetd අදාල ඇසුරුම විවෘත කිරීමට #tar xvfz VMware-server-1.0.5-80187.tar.gz විධානය ලබා දෙන්න විවෘතවූ බහලුම තුළට යාමට #cd vmware-server-distrib විධානය ලබා දෙන්න ඉන්පසු #./vmware-install.pl යන්න root පරිශීලක ලෙසට පවිසි ක්‍රියාත්මක කරන්න. Network Ethernet card Bridged Network vmnet0 Host Only Network vmnet1 NATted Network vmnet8 නමුත් Fedora 8 සහ අනෙකුත් සමාන්තර මෙහෙයුම් පද්ධතිවල 2.6.24.4-64 කර්නලය ඇත්නම් ඔබට පහත පරිදි දෝෂ ගණනාවක් ලෙබෙනු ඇත. (එය 2.6.24.3-12 කර්නලයදී ලැබුණු පිළිතුරවේ) එසේ නම් vmware-any-any-update-116 නැමැති patch එක භාවිතා කරන්න. එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න #wget http://blog.devhen.com/files/vmware-any-any-update-

IE Vs FireFox

පසුගිය දිනක දුටු පුංචිපහේ වැඩසටහනක තිරපිටපතේ තිබුනේ IE සඳහා 80% ද FF සඳහා 20% වෙළෙඳ පොළක් ඇති බවයි. මේක ඇත්තටම අසාධාරන කතාවකි. මන්ද MSFT විසින් ඔවුන්ගේ Windoz සමඟ IE බලෙන් බෙදීම නිසා ඉබේම Windoz සඳහා ඇති වෙළෙඳ පොළ ඉබේම IE වෙත ලැබීමයි. කව්රුවත් IE හි ගුණාත්මක භාවය ගැන කතා නොකරන්නේ ඇයි දැයි එක් ගැටළුවකි. Firefox සඳහා සම්මාන http://www.mozilla.com/en-US/press/awards.html

The Best Browser 2007

Web Statistics and Trends as per www.w3schools.com records. 2008 IE7 IE6 IE5 Fx Moz S O March 21.9% 30.1% 1.1% 37.0% 1.1% 2.1% 1.4% February 21.5% 30.7% 1.3% 36.5% 1.2% 2.0% 1.4% January 21.2% 32.0% 1.5% 36.4% 1.3% 1.9% 1.4% 2007 IE7 IE6 IE5 Fx Moz S O December 21.0% 33.2% 1.7% 36.3% 1.4% 1.7% 1.4% November 20.8% 33.6% 1.6% 36.3% 1.2% 1.8% 1.6% October 20.7% 34.5% 1.5% 36.0% 1.3% 1.7% 1.6% September 20.8% 34.9% 1.5% 35.4% 1.2% 1.6% 1.5% August 20.5% 35.7% 1.5% 34.9% 1.3% 1.5% 1.7% July 20.1%

Fedora 8/9 මත සිංහල සහාය

මෙම උපදෙස් Red Hat Enterprise Linux සහ CentOS සඳහාද භාවිතා කල හැක. Fedora 11 මත සිංහල සැකසීම සඳහා උපදෙස් ඔබට Fedora 8/9 මත සිංහල සහාය ලබා ගැනීමට නම්, ක්‍රම දෙකක් ඇත. 01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී. හෝ 02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී. 01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී. මෙය ක්‍රම දෙකකට සිදු කල හැක. (අ) මෙහිදි ඔබගේ අභිමත භාෂාව සිංහල ලෙස භාෂා රුචිය විමසන අවස්ථාවේදී සලකුණු කළ විට, එම මොහොතේම ස්ථාපනය ඉංග්‍රිසි මාධ්‍යයේ සිට එක්වරම සිංහලට වෙනස් වන අතර එතැන් සිට ඔබට ඉදිරියට කටයුතු කරගෙන යා හැක. හෝ (ආ) ඔබගේ අභිමතය පරිදි ස්ථාපන කටයුතු ඉංග්‍රිසි භාෂාවෙන්ද කල හැකි අතර, ඒ අනුව අවශ්‍ය මෘදුකාංග තෝරාගන්නා අවස්ථාවේදි සිංහල භාෂා පහසුකම එක් කර ගත හැක. 02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී. මෙය ක්‍රම දෙකකට සිදු කළ හැක. (අ) මෙහිදි ඔබට ප්‍රධාන මෙනුව භාවිතා කරමින්, Applications > Add/Remove Software වෙත යන්න. ඉන්පසු පහත දසුනේ පරිදි සිංහල භාෂාව තෝරා ඉදිරියට යන්න. හෝ (ආ) මෙහිදි ටර්මිනලය භාවිතා කරමින් පහත විධාන ලබා දෙන්න. (i) (root පරිශීලක ලෙසට ක්‍රියාත්මක

With pride and dignity..

What a nice article "With pride and dignity.. Say it in Sinhala " on 36th page of The Sunday Observer(4th May 2008) by Samngie Wettimuny. "One family who started searching for Guy to their daughter (in her early twenties) from a family who knew NO Sinhala at all..... but ended up with a family who knew NO English at all (in her late thirties)" ....Seems the artcle is not avaible in online version ( www.sundayobserver.lk ).

F9 beta for ia64 now available

Welcome to the F9 beta release Fedora for ia64 . F9 is the first Fedora release to be officially supported on ia64. This ia64 build of fedora is the first to be released under the " secondary architectures" project. The beta can be downloaded from: http://download.fedoraproject .org/pub/fedora-secondary /releases/test/9-Beta/

Disability Access

මෘදුකාංග වල නිතර දැකිය හැකි ඉහත වැකිය, අද හමුවූයේ සිංහලට හැර වීමටයි. වැඩේ මේකනේ නියමිත ඉඩ තුළ සිංහලින් නියම අදහස එන පරිදි වචන සෙවිමයි කළ යුත්තේ. 01. ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශය - මෙහිදි නිසි අදහස ලැබුනත් මෙම වැකිය දිගු වීම සඳහා යළිත් උත්සාහ කරන්නට සිදු විය 02. ආබාධිතයින් සඳහා ප්‍රවේශය - යන්තම් වැඩෙ හරි වගේ... හරි කිවට හරිම නැ... (ලංකාවේ ආබාධිතයින් යන වචනය භාවිතා කිරීම දැන් නැලූ දැන්, මිතුරකු කළ දැනුවත් කිරීමකි) අනිවාර්යෙන්ම අපි ඔවුන්ට ගරුකළ යුතුයි. 03. විශේෂිත ප්‍රවේශ - අවසානයේදි ඔලුවට ආවේ මෙයයි. නමුත් තවත් කෙනෙකුට මෙය දිරවීමට නොහැකි වෙවී.

MAC මත සිංහල Firefox 3

සිංහල Firefox 3 වෙළුම MAC පද්ධතිය මත පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බැවින්. එම පද්ධතියක් සතු අයෙක් වේ නම් කරුණාකර දන්වන්න. සිංහල Firefox 3 දැනට GNU/Linux සහ Win මත ක්‍රියාත්මකවේ. Searching for a MAC Box to test Sinhala Firefox installer for MAC At the moment Sinahla Firefox 3 runs on GNU/Linux & Win need your help....

නවකයින් පෙරට Fedora 9 කරලියට

පසුගිය වසරේ මැද භාගයේ නිකුත් වූ Fedora 7 වෙළුම මැයි මස 13 දින Fedora 9 නිකුත්වීමත් සමඟම තවත් මසක් ආයු වළඳා 2008 ජුනි මස 13 දිනයේදි ජිව කාළය ඉක්මයයි . තවද දැනට භාවිතයේ ඇති Fedora 8 වෙළුම මෙම වසරේ නොවැම්බර් මස තෙක් ආයු වලදන අතර, සිංහල GNU/Linux භාවිතයේදි Fedora 8 කැපිපෙනෙන වෙළුමක් වුයේ සිංහල ස්ථාපනය පෙරනිමියෙන්ම ලැබීම නිසයි. තචද ග්නෝම් පාරිසරිකයේ සිංහල වැපිරීම සිදුකළ නිසා එම අස්වැන්නද මෙම වෙළමේදි නෙලාගත හැකි විය. කව්රු කොහොම කීවත් සිංහල නවකයින්ට පහසුම Fedora වේ. මෙම Fedora 8 මතපදනම් ව මා විසින් පසු ගිය වසරේදි සිංහල ලිනක්ස් සජීවි තැටියක් (Sinhala GNU/Linux LiveCD) නිර්මාණය කළ අතර. Fedora 9 සඳහාද එය එලෙසම සිදුවනු ඇත. ප.ලි: මෙහිදි ජීවකාලය ලෙස සඳහන් කළේ අදාල වෙළුම සඳහා Fedora ප්‍රජාව (Fedora යනු ‌‌‌Red Hat ආයතනය විසින් අනුග්‍රහය දක්නව සැබැ ප්‍රජා ව්‍යපෘතියකි) ලබාදෙන සහය අවසන් වීමයි. නමුත් අදාල මෘදුකාංගයේ භාවිතය සඳහා හානියක් මසිදු නොවේ. ඔබට අවශ්‍ය යාවත්කාලීන ලැබෙන්නේ අදාල ජීව කාළය තුළ පමණි.