Skip to main content

Posts

Showing posts from June, 2008

සිංහල බ්ලොග්වරු දැන් Firefox 3.0 Sinhala මත!

දැන් සිංහල බ්ලොග්වරුන්ගේ සිරස්තල සිංහල Firefox දැක ගත හැක. ඔබ දැනටමත් සිංහල Firefox 3.0 භාවිතා කරයි නම් නවතම ශීර්ෂක යටතේ පරික්‍ෂාකරන්න. මීට පෙර BBC ආයතනයේ පෝෂකය වෙනුවට දැන් සිංහල ඔබට අපේම සිංහල බ්ලොග් උණු උණුවේ කියවන්න. සිංහල Firefox මත මෙය ස්වයාක්‍රීයව ආරම්භ වනු ඇත... blogs.sinhalabloggers.com on Firefox 3.0 Sinhala Try your live bookmarks now.. :)

දේශීයකරණය ජාත්‍යන්තරව...

පසුගිය සතියේ නිකුත් වූ Mozilla Firefox 3 හි විවිධ වූ ජාත්‍යන්තර භාෂා නිකුතු ලබාගෙන ඇති ආකාරයයි මේ.

සිංහල Firefox 3.0 ප්‍රචාරණය (දැන්වීම් අංක 02)

සිංහල Firefox 3.0 ප්‍රචාරණය (දැන්වීම් අංක 01)

ඔබට මෙම කාර්‍යයට දායක වීමට හැකි නම් මෙම නිර්මාණය විද්‍යුත් තැපැලක් මඟින් ඔබේ මිතුරන්ට යවන්න. මෙම කටයුතු සඳහා නිර්මාණ මෙහෙය අපේ නිලක්‍ෂ මිතුරා ගෙනි.

පොඩි හදුන්වාදීමක්...

ඔබත් තවත් කෙනෙකුට සිංහල Firefox හදුන්වා දීමට කැමති නම් පහත ගොනුව ඔබේ මිතුරකුට ලබා දෙන්න. http://groups.google.com/group/sinhala-bloggers/web/SinhalaFirefox_mail.pdf ස්තුතියි

සිංහල Firefox 3.0 නිලවශයෙන් නිකුත් වේ!

සිංහල බසින් නිකුත් වන පළමු මෘදුකාංගය ලෙසට Firefox 3.0 අද (2008 ජූනි 17) දින නිලවශයේන Mozilla ආයතනය වෙතින් නිකුත් වූ වගයි. සිංහල ලිවීමට, කියවීමට සහ සිංහල මුහුණත මෙහි ඇති සුවිශේෂත්වයයි. සැමදා අපි ජපන්, චීන පරිගණක දේශියකරණයට ලක්වි ඇති බව එම රට වල සිට පැමිණි ශ්‍රි ලාංකිකයන්ගෙන් සහ වෙනත් තොරතුරු ආශ්‍රයෙන් දැන ගතිමු. ඔව්, දැන් අපිත් එලෙසම සිංහල බසින් පරිගණක භාවිතයට සැරසිමේ එක් සාර්ථක පියවරකි මේ. මෙතෙක් කල් සියලු කටයුතු සඳහා උර දුන් සැමට Firefox ප්‍රජාව වෙනුවෙන් තුති!

රාත්‍රී 10.30 ට

ඔබට 17 දින ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30 පමණ වන විට Firefox 3.0 බාගැනීමට හැකි වේවි. http://www.mozilla.com/en-US/firefox/all.html

හැමෝගේම රුචිකත්වය එකවාගේ නැහැ නේද?

ඔබ ආහාර සඳහා රිසි පරිදි රසකාරක දමන්නා සේම ජංගම දුරකතනයට රිසි නාද රටා එක් කරයි. එසේ නම් ඔබ වෙබ් අඩවි නැරඹීමට ඔබේ කැමැත්ත පරිදි රිසි කර ගැනීමට මැලිවන්නේ ඇයි? ඔබ වෙබ් අඩවි භාවිත කරන ආකාරය අනුව ඔබේ ජාල අත්දැකීම ඔබ ප්‍රිය කරන මුහුණුවරකින් පවත්වා ගැනීම සඳහා උපකාර වන මාර්ග ගණනාවක් Firefox සතුව තිබේ. ඇඩෝන 5000කට අධික සංඛ්‍යාවක් ඇසුරින් මෙම නිර්මාණාත්මක මෙන්ම විනෝද ජනක අත්දැකීම විඳගන්න. https://addons.mozilla.org

Sinhala Firefox 3 සමගින් සිංහල බ්ලොග් කරුවන් ඉදිරියට

සිංහල Firefox 3 සඳහා එක්වන තවත් එක් විශේෂාංගයක් ව්නනේ මෙතෙක් පැවත BBC පෝෂකය වෙනුවට සිංහල බ්ලොග් කරුවන්ගේ සිරස්තල සිංහල Firefox 3 හරහා ලබා බැනීමට හැකි වීමයි. සිංහල ගවේෂකයකදි සිංහල අන්තර්ගතය පෙන්වීම ගැන ඔබ සියලු දෙනා එකඟ වනු ඇතැයි සිතන්නේමි. දැනට RC2 සිංහල වෙළුමෙහි මෙය සක්‍රීයව නොමැති අතර හැකි ඉක්මනින් මෙය සක්‍රීය වනු ඇත. මම ඉදිරියේදි වඩා සහභාගිත්වයක් ඇති www.kottu.org ගැනඳ සලකා බැලිමට බලාපොරොත්තු වෙමි. දැනට BBC ප්‍රවෘත්ති සිරස්තල MS XP පරිගණකයක ඇති Sinhala Firefox 3 RC2 මත දිස්වන අයුරු...

Firefox 3 (RC2) සිංහල නිකුත් විය

Firefox 3 සඳහා සිංහල, බීටා වෙළුමක් ලෙස දැන් නිකුත් වී ඇත. http://www.mozilla.com/en-US/firefox/all-rc.html දන්නවද වැඩක් ලෝකයේ වැඩි පුර භාවිතා වන ආසියාතික බසක් වන හිංදි බසත් තාම නම් නැ. ;-) ඉංදියාවේ භාෂා 2ක් දැනට තිබෙන අතර, ඒ පසුගිය වසරේ FX 2.0.7 සමඟින් ආ ගුජරාති සහ පංජාබී. මේ සඳහා කැපවු සියල්ලන්ටම ස්තුතියි! වැරදි ඇති ඒවා 3.0.1 වල දි හැදෙනවා, RC2 සහ Fx 3.0 හි වෙනසක් ඇතිවන්නේ නැ. දැනට ඇති වැරදි නිවැරදි කෙරෙන අතර ඒවා එක් කිරීමට අනුමැතිය ඇත්තේ 3.0.1 සඳහා පමණි.