සමාජ ජාල හරහා මේ දිනවල ඉතා වේගයෙන් යන රැල්ලක් තමයි #10yearchallange එක. වැඩේ නම් සරලයි වගේ බැලු බැල්මට. මේ සඳහා සසභාගී වීමට ඔනම අයෙක්ට පුලුවන්. කරන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැ, විශේෂ මෙවලම් අවශ්‍යත් නැ. කරන්න තියෙන එකම දේ තමන්ගේ මීට වසර 10ට පෙර ලබා ගත් පිංතූරයක් සසදමින් සමාජ ජාලය හරහා එක් කිරීම පමණයි. දැන් මේ අහිංසක සතුටක් ලබන වැඩක් නේද මේ? පොඩි කාලේ පිංතුර එලියට අදිමින් ඒ මිහිරි අමිහිරි මතක විදින්නට ඔබත් ඔබේ සමාජ ජාල ආශ්‍රීත හිතමිතුරන් එක් වෙනව නේද? කමෙන්ට් කරනව ලයික් කරනව..... ඒ විතරක් නෙමේ අදාල සමාජ ජාල සේවාවක් ගොඩනගා ඇති සමාගම් වලට නත්තල් වගේ. ඇයි එහෙම නත්තල්? ඔබ මීට පෙර Facial Recognition ගැන අසා ඇති, එක්කෝ ඒ ගැන හොඳින් දන්නව වෙන්නත් පුලුවන්. දන්නේ නැති අයෙක් නම්.. යම් පුද්ගලයෙක් පිංතුරයක් හෝ විඩීයෝවක ඇති විඩීයෝ ෆ්‍රේම් එකක් භාවිතයෙන් හදුනා ගැණීම, තහවුරු කරගැණීමට හැකියාවක් මේ Facial Recognition තාක්ෂණයට පුලුවන්. එක පේළියකින් ලිව්වට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ වැඩේට 1964 වගේ කාලෙකදි හෙලන් චාන් සහ චාර්ල්ස් බිසන්...