Skip to main content

Posts

Showing posts from October, 2008

OpenOffice.org towards 40% market share

OpenOffice.org recently released the new version 3.0 and it was downloaded 3 million times in its first week. Most surprising is the fact that over 80% of downloads were from Windows users. OpenOffice.org's goal 40 percent of the market share for office software by 2010. OpenOffice.org Sinhala version will be release in near future. Read more: http://why.openoffice.org/why_foss.html http://why.openoffice.org/why_edu.html

රිච්මන්ඩ් පොඩ්ඩෝ...

ඊයේ (ඔක්තෝම්බර් 27 වන දින) ගාල්ල රිච්මින්ඩ් විද්‍යාලයේ වැඩසටහනකට සහභාගි පැමිණිමේදි නෙත ගැසුණු මේ පොඩිත්තන් නිසා සුලුවෙන් හෝ සටහනක් කරන්නයි මේ වැයම. මලීගේ අතින් ලියවුණු ඇගේ කුඩා පංතිවල සිදුවීම් කියවද්දි මෙන්නම මෙම පුංචි මල්ලි දැක්කමත් අපව ළමා කාලයට කැදාවාගෙන යනවා. අධ්‍යාපන කටයුතු අතපසු කරමින් තමන්ගේ පාසලේ මල්ලිලාට දැණුම බෙදාදෙන්න, වැඩසටහනට උරදුන් අපේ කල්ප මලයාටත් ගොඩක්ම පිං. වැඩසටහන ඉතින් නිදහස් සහ විවෘත මෘදුකාංග [Free and Open Source Software]හදුන්වාදීම තමයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා, ලොකු ලොකු අයට අපෝ Linux නම් අමාරුයි කිවට 8වසරේ මල්ලිලා ටික ඊයේ අහපු ප්‍රශ්න වලින් වගේම ක්‍රියාවෙන්ද ඔවුන්ගේ උනන්දුව පේන්න තිබුනා. හොදම දේ තමයි හවස 6.30 වන විට දුරකතනය නාදවෙන්න ගත්ත, බලද්දි ගෙදර ගිය ගමන් පොඩ්ඩෝ Fedora සහ Ubuntu දාන්න පටන් අරගෙන. ඒ වගේම ගාල්ල සුමන්ගලෝදය පාසැලේ ගුරුතුමා තමා මේකටයුත්තට රිච්මන්ඩ් විද්‍යාලයට සහාය දුන්නේ. කොටින්ම දුරකතන ඇමතුම් මඟින් රුහුණ විශ්ව විද්‍යාලය, ලිනක්ස් මිතුරන් යන සැවොම සම්බන්ධීකරණය කළේ එතුමයි. පාසැලේ පරිගණක විද්‍යාගාරයේ කොටස් ගලවගෙන යන ගුරුවරුන් සිටින යුගයක එතුම

දෙහිවලට තියෙන්නේ මහනගර සභාවක් ද?

අද දින දෙහිවල මහනගර සභාවේ උදැසන 9.30ට ඇරඹීමට නියමිතව තිබු වැඩසටහනකට එම ආයතනයේ කාර්යක්‍ෂමතාවය හේතුකොට ගෙන මේවන විටත් (දැනටමත් පැයක් පරක්කුයි) ආරම්භ වී නැත. පරිගණකය සහ ප්‍රොජෙක්ටරය ගහගන්න වයර්කෝඩ් එකක් මෙයාලට හොයාගන්න බැ. උදේ 5.00ට නැගිටගෙන ආවත් මෙයාලා නම් තාම ඇහැරිලා නැ වගේ. පේනවා නේද ලැප් එක ගැහුවෝත් ඒක විතරයි වෙන එකකට විදුලිය නැ. :P හික්.. අන්තිමට වැස්සෙම ගිහින් වයර්කෝඩ් එකකුත් ගෙනල්ලයි වැඩේ කරන්න ගත්තේ. මෙහෙම කළත් කමක් නැ කියන දෙයින් ප්‍රයෝජනයක් එයාලා ගන්නවනම්. මට නම් ශුවර් නැ දෙහිවලට තියෙන්නේ මහනගර සභාවක්ද කියලා. :( ඇතුලේ මෙහෙම නම් පිට අයට?? ඉතින් දෙහිවල ජනතාවට දෙයියන්ගෙම පිහිටයි!

රාජ්‍ය අංශයේ බබා අඩවි...

අද තිලින එක්ක පොඩි කයියක් ගහද්දි එකපාරටම ඇදිලා ආපු මාතෘකාව. මේක මතක් කළාට තිලිනට ස්තුතියි. මීට වඩා හොද එකක් 5වසරේ ළමයෙකුත් හදාවි. :) බලන්නකෝ ගිහිල්ලම. www.meteo.slt.lk තව එකක්...

Google Chrome down to 1.5%

Source: http://www.newscientist.com/blogs/shortsharpscience/2008/10/at-the-beginning-of-september.html Browser Statistics Month by Month 2008 IE7 IE6 Chrome Fx Moz S O September 26.3% 22.3% 3.1% 42.6% 0.5% 2.7% 2.0% Source: w3schools

සිංහලින් බ්ලොග් ලියන්න තවත් පැංචෙක්..

මේ මොහොතේ කොටිකාවත්ත ප්‍රාදේශී සභාවේ පැවැත්වෙන වැඩසටහනට සහභාගිවන මේ පුංචි ලක්‍ෂාන් මල්ලියා (5 වසර) සිංහලින් බ්ලොග් ලියන්න එන අලුත්ම සාමාජිකයා වේවි. ;-) මෙම වැඩසටහන් මාලාවේදි සිංහල යුනිකෝඩ්, ෆයර්ෆොක්ස් ඇතුලු නිදහස් සහ විවෘත මෘදුකාංග සහ සිංහලින් බ්ලොග් ලිවිමද හදුන්වාදේ. මෙම වැඩසටහන කරන්නෙත් දැනට සිංහල බ්ලොග් ලියන ලාබාලතම සාමාජිකයා වන චීරාන් මල්ලිගේ ආදරණීය පියා වන බන්දුල රණතුංග මහතා.