තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය ඈති විය. මෙය ඔහුට ඉතා වේදනාකාරී අතැ දැකීමක් වන්නේ වමනය කරන විට ඔහුගේ පපුවත් උගුරත් වේදනාවට පත්වීමත් සමඟ. පෙබරවාරි මේ තත්ත්වය යම් තරමක් අවම වුවත් අවස්තා දෙකකදි එකම සංසිද්ධිය යළි ඈති විය. මේ පිටතට පෙනෙන ගැටලු පමණි.. අප්‍රේල් 12 දා තබන්න සිටි මේ සටහන කාර්යය බහුලත්වය නිසාම අවුරුද්දටත් පසුව ලියන්නට සිදු විය. වෙනද වගේම උදේ 2,3,4 වගේ වෙලාවන්ට ඈහැරෙන ඔහු මා ඉස්තෝප්පුව සහ පේමන්ට් එක සෝදන විට මා හට සහය වන්න කොපමණ උත්සාහ කළද ඔහුගේ වෑයම මම නතර කළේ ඔහුට විවේක අවශ්‍ය නිසා. කොහොම හරි තාත්ත මිදුලට ඈවිත් මා අසලින් උපදෙස් දෙමින් සිටියත් වැස්සක් මඟ එන නිසා පිටු පස දොරින් ගෙට යන ලෙස ඈවිටිලි කලේ ඉදිපස ඉස්තෝප්පුව සහ පේමන්ට් එක තෙත්ව තිබීම නිසා ඔහු ලිස්සා වැටීමෙන් වැලක්වීමටයි. විනාඩි 5කට වඩා ගියත් යළි නිවස තුළින් ඔහු මතු නොවු නිසා ගෙයි පිටුපස දොර බැලුවත් පහු පෙන්නට නැ. යළිත් ඉදිරිපසට එද්දි දැක ගන්නට ලැබුනේ ඔහු ගෙයි වටේ වටයක්ම ගසා යළි ඉදි...