Skip to main content

Posts

Showing posts from 2018

ssh authentication with kerberos

This documentation have been tested on CentOS 7. Install KDC # yum install -y krb5-server krb5-workstation pam_krb5   Hostname and resolving Set your hostname   # hostnamectl set-hostname hanthana.ucsc.com verify your hostname # hostname Your domain should resolve. In case if you do not use dns service.. [danishka@kdc ~]$ cat /etc/hosts 192.168.1.101 hanthana.ucsc.com 127.0.0.1 localhost.localdomain localhost ::1 localhost6.localdomain6 localhost6 Server Configuration # ls /var/kerberos/krb5kdc/ kadm5.acl kdc.conf   ACL grant all privileges to anyone with admin role.  Replace EXAMPLE.COM with your realm.   # cd /var/kerberos/krb5kdc/ # cat kadm5.acl */admin@UCSC *   # cat kdc.conf [kdcdefaults] kdc_ports = 88 kdc_tcp_ports = 88 [realms] UCSC.COM = { #master_key_type = aes256-cts acl_file = /var/kerberos/krb5kdc/kadm5.acl dict_file = /usr/share/dict/words admin_keytab = /var/kerberos/krb5kdc/kadm5.keytab supported_enctypes = aes256-c

ගෙවෙන දින

දිනය: 2018 අප්‍රේල් 22 මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනව තාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද? ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම නිවාඩුවක් ගෙන ගමේ යන බවයි දිනය: 2018 අප්‍රේල් 23 මම: තාත්තේ මම හෙට කුබුක්වැව පාසලට යනව තාත්තා: තනියමද යන්නේ?කොහොමද යන්නේ? මේ ඔහුගේ සාමාන්‍ය ප්‍රශ්න වන අතර මා හරි හැටි හදුනා ගත් නිසා එලෙස ප්‍රශ්න කරන ලදි. ඉස්සර අපි භාවිත කලේ පිලිප්ස් ටිවි එකක්. එහි විශේෂත්වය වුයේ සියලුම ඉලෙක්ට්‍රොනික කොටස් සහ රුපවාහිනියේ ඇති විය හැකි දෝෂ පැහැදිලි දක්වා තිබීමත් ඒ අදාල දෝෂය නිරාකරනයට සැකසිය යුතු හෝ සිරුමාරු කළ යුතු කොටස් ගැන සඳහන් කර තිබීම. ඉතින් සමහර වෙලාවට ගැටලුවක් ආවම තාත්ත තනිව ටිවි එක ගොඩ දැන්මා. හැබැයි ඒක හදලා ඉවර වෙද්දි කැලි ඉතිරි වෙලා නම් තිබුණේ නැ (සමහර අය යළි ටිවි එකක් හෝ රෙඩියෝවක් සවි කරද්දි වැඩිපුර යමක් ඉතිරි වෙනව හයිකරන්න අමතක වී). නමුත් අද ටිවි එක දාල දෙන්න කියල අපිට ඔහු කියන්නේ රිමෝට් එකක් පලමු වතාවට අල්ල නිසා නොව දැන් ඔහුට එයද සංකීර්ණ කාර්යයක් වී හමාර නිසා. අද වන විට ශර්ට් එකක් හැගර් එකට දාන්නත් ඔහුටහෙන අමාරු කාර්යයක්.

How to install Stride on Fedora RHEL CentOS

Stride is the complete communication solution that empowers teams to talk less and do more. It's everything teams need to stay connected but keep moving. Stride is a new kind of messaging that:  Turns conversations into action with integrated collaboration tools Brings all the right people together instantly with built-in voice and video conferencing Gives you the space to disconnect when needed so you can get to done, faster Please note that Stride is not an open source tool. Still you can use stride on Fedora, CentOS or RHEL in case if your employer asked to use stride. 01. Create yum repo file sudo cat /etc/yum.repos.d/stride-yum-repo.repo [stride-yum-repo] name=Repo for Atlassian Stride baseurl= https://packages.atlassian.com/stride-yum-client gpgcheck=0 gpgkey= https://packages.atlassian.com/stride-yum-client/repodata/repomd.xml.key 02. sudo dnf makecache --repo=stride-yum-repo 03. sudo dnf install stride Now start stride on Fedora, CentOS or

අවුරුදු පැතුම් සහ කන අත්සන

සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා.. තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය. දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්. එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි. මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා. දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ

අවුරුදු සූදානම

තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය ඈති විය. මෙය ඔහුට ඉතා වේදනාකාරී අතැ දැකීමක් වන්නේ වමනය කරන විට ඔහුගේ පපුවත් උගුරත් වේදනාවට පත්වීමත් සමඟ. පෙබරවාරි මේ තත්ත්වය යම් තරමක් අවම වුවත් අවස්තා දෙකකදි එකම සංසිද්ධිය යළි ඈති විය. මේ පිටතට පෙනෙන ගැටලු පමණි.. අප්‍රේල් 12 දා තබන්න සිටි මේ සටහන කාර්යය බහුලත්වය නිසාම අවුරුද්දටත් පසුව ලියන්නට සිදු විය. වෙනද වගේම උදේ 2,3,4 වගේ වෙලාවන්ට ඈහැරෙන ඔහු මා ඉස්තෝප්පුව සහ පේමන්ට් එක සෝදන විට මා හට සහය වන්න කොපමණ උත්සාහ කළද ඔහුගේ වෑයම මම නතර කළේ ඔහුට විවේක අවශ්‍ය නිසා. කොහොම හරි තාත්ත මිදුලට ඈවිත් මා අසලින් උපදෙස් දෙමින් සිටියත් වැස්සක් මඟ එන නිසා පිටු පස දොරින් ගෙට යන ලෙස ඈවිටිලි කලේ ඉදිපස ඉස්තෝප්පුව සහ පේමන්ට් එක තෙත්ව තිබීම නිසා ඔහු ලිස්සා වැටීමෙන් වැලක්වීමටයි. විනාඩි 5කට වඩා ගියත් යළි නිවස තුළින් ඔහු මතු නොවු නිසා ගෙයි පිටුපස දොර බැලුවත් පහු පෙන්නට නැ. යළිත් ඉදිරිපසට එද්දි දැක ගන්නට ලැබුනේ ඔහු ගෙයි වටේ වටයක්ම ගසා යළි ඉදි

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්. අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද? මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි. මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200  වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි. අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි. එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද? සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්