Skip to main content

Posts

Showing posts from October, 2010

OpenOffice.org සිට LibreOffice වෙත යන si.openoffice.org

දැනට පවතින තත්ත්වය අනුව OpenOffice.org සඳහා කටයුතු කළ ප්‍රජාව ඉන් ඉවත් වී ඇති අතර දැනට 100%ක්ම වැඩ කරන්නේ Document Foundation එක යටතේ ක්‍රියාත්මක වන LibreOffice ඉදිරියට ගෙන ඒම සඳහායි. දැනට ඉතා සක්‍රීයව මෙම කටයුතු සිදු වන අතර OpenOffice .org සඳහා කටයුතු කළ ප්‍රජාවේම කොටසක් වන ශ්‍රී ලාංකික OpenOffice.org ප්‍රජාවද මෙම මෙලෙසම කටයුතු කරනු ඇත. මෙතෙක් සිදු කළ පරිවර්තන එලෙසම සුරැකී ඇති අතර, එම පරිවර්තන ඉදිරි LibreOffice සඳහා කෙරෙන සිංහල පරිවර්තන කටයුතු සදහා භාවිතා වේ. මෙම ලිපිය ලියන මොහොත වන Document Foundation වෙත Oracle සමාගම සහාය දක්වා නැත. ලොව ප්‍රධාන පෙලේ Linux සමාගම් වන Red Hat , Novell , Canonical මෙම LibreOffice සඳහා සහාය දක්වන නිසා ඉදිරියේදි Fedora , Red Hat , Suse , OpenSuse , Debian , Ubuntu , Mandriva යන මෙහෙයුම් පද්ධතිවල ඔබට දැකගනු හැකි වන්නේ OpenOffice.org නොව LibreOffice මෘදුකාංගයයි. පැහැදිලිව තවමත් OpenOffice.org පවතින්නේ Oracle සමාගමේ සෙවනැල්ල යටතේ බැවින් OpenOffice.org සඳහා දායකත්වය දීම නවතා ඇත. නමත් OpenOffice.org නමිත් නව පදනමේ ඉදිරි කටයුතු ඇරඹීමේ හැක