Skip to main content

සිංහල දේශීයකරණය සහ පාරිභාෂික ශබ්ද මාලාවන්

දේශියකරණයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට ඉහල් වන ප්‍රධාන අංගයක් වන්නේ පාරිභාෂික ශබ්ද මාලාවයි. මෙහිදි එක් එක් මෘදුකාංගය එය දේශීයකරන්නාගේ අභිමතය පරිදි සිදුවීම නිසා එකිනෙකට වෙනස් විය හැක. උදාහරණයකට අප මෙසේ නොයෙදුවත් File සඳහා ගොනුව, ෆයිලය ආධි විවිධාකාර යෙදුම් පරිවර්තනය කරන්නා යෙදිය හැක. මෙය භාවිතා කරන පරිශීලකයින්ට ඉතාමත් අපහසු වන අතර. සහාය/උදව් සහඳහා මෙන්ම වෙනත් ලේඛන සෑදිමෙදී පවා ගැටලු මතු විය හැක.

මගේ පෞද්ගලික මතය නම් පාරිභාෂික ශබ්ද මාලාවක් කිසියම් කෙනෙකු හෝ පුද්ගල කොට්ඨෂයක් වෙනුවෙන් නොව සමස්ථ ප්‍රජාව වෙනුවෙන්ම වෙන් විය යුතුයි.


01. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා නිසි වෙළුම් අංකයක් සහිත වියු යුතුවේ.
02. අවසාන වරට එය වෙනස් කළ දිනය දර්ශහනය කළ යුතුම වේ.
03. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා එක් යෙදුමක් ඉලක්ක කරගත යුතු නොවන අතර ඒ සඳහා දැනට ලංකාව තුළ භැවිතා වන හැකි සියළු මෘදුකාංග භාවිතා කළ යුතුවේ.
04. ප්‍රජාවේ අදහස් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතුවේ.
05. පාරිභාෂික ශබ්ද මාලාව අවශ්‍ය පරිදි නැවත නැවත ප්‍රථිශංෂෝදනය විය යුතුමයි.

ucsc එකෙන් අංක 04 ගුණය සහිත වූ පාරිභාෂික ශබ්ද මාලාවක් සැකසී තිබුනා. මම නම් පෞද්ගලිකව UCSC නැමැවුමට කැමතියි. සියබස් පාරිභාෂික ශබ්ද මාලාව හොඳයි, සංශෝදනය විය යුතුමයි. තවද, තැන තැන පල්වෙන පාරිභාෂික ශබ්ද මාලාවන්ද (සියබස්+ucsc) සමඟින් එක් විය යුතුයි.


පාරිභාෂික ශබ්ද මාලාවක් තැනිමේ මට හිතෙන හොඳම ක්‍රමයට මම මුල්ම පියවර තිබ්බා. මම GNU/Linux සමඟ ක්‍රියාත්මක වන මෘදුකාං සැලකිය යුතු ප්‍රමාණයක් ආශ්‍රිතව පාරිභාෂික
ශබ්ද මාලාවක් ගොඩ නැගුවා. මෙය වචන 1000ක් නැතත් මේ සඳහා බොහොමයක් මෘදුකාංගවල ප්‍රධාන මෙනුව සහ ඒ ආශ්‍රිත කොටස් අයත් වෙනවා.

අපිට එක වර වචන 1000 ක් හෝ 2000ක් සෝදුපත් බැලීමකට ලක් කළ හැකියි. එය මගේ විශ්වාසයයි, එසේ කළත් එහි ගුණාත්මක බවක් නම් සොයාගැනීමට නොහැකි වේවි. මගේ අදහස අදලා මෘදුකාංග වල පාරිභාෂික ශබ්ද මාලාව ස්ථරෙයන් ස්ථරයට යා යුතු බවයි. පළමුව වචන 500 ත් 1000ක් අතර ප්‍රමාණයක් සකසා දෙවැනි වර 2000 ප්‍රමාණයකට යා හැක.

අප කළ යුත්තේ පාරිභාෂික ශබ්ද මාලාවන් තැන තැන පල් කිරීම නොව හරි එකක් ගොඩ නැගීමයි.

ඔබේ අදහස් ගෞරවයෙන් පිළිගන්නෙමි!!

අවසන් වශයෙන් "ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් නැතිවත්" මෙවැනි වැඩ කළ බව ලියන්නේ මැතකදි අසන්නට ලැබුනු දෝශාරොපනයකට ඇතිවූ සිත් තැවුලක් නිසාවෙනි.

Comments

  1. සම්මත පාරිභාෂික ශබ්ද මාලාවක් ගොඩනැගීම අනිවාර්්‍යයෙන්ම වැදගත්. කොහොම වුනත් ඒ වචන අර උච්චාරණය කිරීමට පවා අපහසු බර වචන වලින් සමන්විත නොවනවා නම් හොඳයි. මගේ පෞද්ගලික අදහස නම් එවැනි වචන වලින් වෙන්නේ භාෂා‍වෙන් තව තවත් ඈත් වෙන එක විතරයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...