Skip to main content

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක.

** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක.

මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න.

නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක.

එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක.

[root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට මාරුවනු ඔබට දැකිය හැක]

01. පළමුව ඔබේ පරිගණකයේ සයුර ibus-sayura ස්ථාපනය කර ඇතිදැයි බලන්න

# rpm -qa ibus-sayura

මෙම විධානය දුන්විට කිසිදු ප්‍රතිචාරයක් නොලැබේ නම් 03. වනපියවර පමණක් අනුගමනය කරන්න. එසේ නොමැති නම් දෙවන පියවරේ පරිදි දැනට ස්ථාපනය කර ඇති ibus-sayura පැකේජය ඉවත් කරන්න.

02. #rpm -e ibus-sayura-1.0.0.20090326-0.fc11.i586

මෙහිදි ඔබ -e ට පසුව ඇතුළත් කළ යුත්තේ 01 පියවරින් ලැබෙන පිළිතුර වේ.

03. දැන් යළිත් නව විසදුම සහිත ibus-sayura පැකේජය ස්ථාපනය කරන්න.

rpm -ivh http://people.fedoraproject.org/~snavin/ibus-sayura-1.0.0.20090326-4.fc11.i586.rpm

ibus-sayura සැකසුම් සඳහා

$ im-chooser විධානය භාවිතා කළ හැක.


එහි දි Enable input method feature සක්‍රීය කරන්න.

අනතුරුව Input method preferences වෙත ගොස් Input methods යටතේ ඔබට අවශ්‍ය ඕනැම (හිංදි, ජපන්, දමිළ වැනි..) තුළත් කිරීමේ ක්‍රමයක් තෝරන්න.

සිංහල සඳහා විජේසේකර සහ සයුර ක්‍රම දෙක පමණක් සැහේ.

General ටැබය යටතේ Key board shortcut මඟින් අවශ්‍ය නම් පමණක් යතුරු මාරු කරගන්න.

සාමාන්‍ය සම්මතය ඉංග්‍රිසි සිට සිංහල හෝ සිංහල සිට ඉංග්‍රිසි වෙත එනම් ibus සක්‍රීය හෝ අක්‍රීය කිරීමට CTRL සහ SPACE යතුරු එකවර ඔබන්න. සිංහල යතුරු කිරිමේ ක්‍රම වෙනස් කිරීමට වම්පස යතුර SHIFT සමඟ ALT යතුර ඔබන්න.

මෙම විසදුමින් පසුව පරිගණකයෙන් log-off වි යළි පිවිසෙන්න.

දැනට සෑම වචනයකටම පසුව දෙවරක් SPACE යතුර එබිය යුතු වන අතර එය ඉදිරියේ දි ඉතා ඉක්මනින් විසදෙනු ඇත.
දෙවරක් SPACE යතුර එබිය යුතු ගැටලුවද දැන් විසදා ඇත!

මීට පෙර සඳහන් කළ Fedora 8, 9 සහ 10 සඳහා සිංහල සකසා ගැනිමේ පියවර.

Comments

  1. නියමයි! මට iBus එපා වෙලා හිටියේ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක