Skip to main content

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා.

පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා.

ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.



කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ)



රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-)
විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්.

මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට.

කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇතුලට නොයන්න ඔනා නිසා) විදුලිය විසන්දි කළා. මේක වතුර පාරක් නෙමේ පොලු පාරක් වගේ තමා දැනුනේ. සියලු දත්ත වතුරේ යාවිද කියලා බයක් තමයි තිබුනේ.

කොහොමහරි කීබොඩ් එක අයින් කළාම දැක්කා එක තැනකින් ඇතුලට වතුර ගිය බව. මීට අමතරව ගලවන්න පුලුවන් උනේ DVD writer එක විතරයි. මොකද අවශ්‍ය මෙවලම් තිබුනේ නැ. කොහොම හරි පිහිදලා වායුසමීකරණ යන්ත්‍රයක් දාලා, ඒකට අමතරව තව ෆැන් එකකුත් ලංකරලා තිබ්බා.

කොළඹ සිට මැරතන් වැඩේට එදා රැ ගාලු එන්නයි සැලැස්ම ඉතින් මොනවා උනත් ඒ වැඩේ කරන්න ඔනා නිසා ලැපත් දාගෙන ආව. ඉතින් මැරතන් දුවන අතරේ අලුයමේ මැතරන් දුවන පිරිස 10ක් වගේ අඩු උනාම ලැපේ වැඩේ බැලුවා.



ඇත්තටම අනුෂ්ක විරයෙක් වගේ ඇණ ගලවන්න හැදුවත් (මොකද එයාගේ ලැප නෙමේ නේ මේ :D ) අපි මේ ලැපේ මොඩල් එකට අදාල සටහන් ලබා ගෙන අදාල පියවර අනුවයි ගැලෙව්වේ. (මොකද මැරතන් අතරේ කලන්තයක් වත් හැදුනොත්)



අවසානයේ ඉතිරි කැලීත් ගලවලා පිහිදල නැවත සවි කළා.

හැබැයි මේ වෙලාවේ අපි හිටිය සුමංගලෝදය විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නම් යුද්ධයක් වගේ. හැලෙන ඇණ අහුලන්න දුවනවා (කල්හාර අපි ලග හිටි නිසා ගලවන ඇණ බයටම දුවනවා ලැබ් එක වටේ..) IRC එකේ අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා ..

මොනා උනත් මුල් පාර ඇණ 5ක් ඉතිරි උනා ( HP එකට වැරදිලාවත්ද? )
මැනුවල් බලාගෙන ආයෙ උත්සාහ කළා අමතර ඇණ ගණන 2ට අඩු උනා.. ආයෙත් බැලුවා..
අවසානයේ ඔන්න ඇණ ඔක්කොම හයි කළා. අන්තිමට ලැපා වැඩ.


කැලනිය, මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාල සිසුන් එක හුස්මට දුවයි..



තාරක ෆොටෝ ගහද්දි හෙඩ්ෆොන් එකත් ඇදලා අරන් දාගත්ත කියලයි අරුනෝද කීවේ..


ඉතින් මැරතන් දුවන්න කැලනිය, කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල සිසුන් අපිත් එක්ක එක් වුනා. මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ කල්ප, කෙහෙලිය සහ අකිලඇතුලත් කණ්ඩායමක් වගේම තොරතුරු ත්ක්‍ෂණ පීඨයේ සිසුවෙකුත් අපිට එක්වුනා. තරඟය සූදානම් කළ මුල් දින වල සිටම පහන් සහ චමිල කොළඹ විශ්ව විද්‍යාලයේ UCSC කණ්ඩායම එක් රැස් කරන්නට උනා. අන්තිමට පෝයට වහලා තිබ්බ ලැබ් එකත් ඇරව ගත්තා නොවැ.
(මෙය පහන් සහ චමිල මුදල් ගෙවා පළකල දැන් වීමකි.)
මීට අමතරව SLIIT, විවෘත විශ්ව විද්‍යාලය නියොජනය කරමින්ද සිසුන් දෙදෙනෙක් අපට එක් වුනා.

හෝටල් පාසැලක්?



-- සිනා බෝ වේවා!! --

පේනවා නේද ලස්සනට කෑම බෙදන හැටි. කොච්චර අපූරුද මේ සුහද සත්කාර. :)
මේ තියෙන්නේ MIT කට්ටියගේ සංග්‍රහ.

මෙන්න කැලනිය සරසවියේ MIT කණ්ඩායමෙන් ලැබුණු පිංතූර ටිකක්...






කව්ද කියන්නේ FOSS වලට කාන්තා දායකත්වය අඩුයි කියල ? :)





අරුනෝද
.. කැලනියෙන් සෙනග අවශ්‍ය නම් මෙයාට කියන්න ;-)
CTB බස් වල එන අය නෙමේ :D






මේ පිංතුරෙට කියන්න තියෙන්නේ 'එළකිරි' කියලා තමා :)


නම් වශයෙන් සැමට ස්තුති කළ නොහැකි වුවුත් බොහෝ පිරිසක් සහාය දුන්නා. ඇත්තම කියනවා නම් අවම පහසුකම් මත තමයි හැමෝම වැඩ කළේ. ඒවගේම තමන්ගේ වියදමින්. ඉතින් අඩුපාඩු තිබුනත් මෙය එකිනෙකා අතර සුහදත්වය වර්දනය කරන කළ වැඩසටහනක් ලෙස මට නම් පුද්ගලිකව දැනුනා.
මෙන්න UCSC කණ්ඩායමෙන් කොටසක්...



මේ ඉන්නේ චමිල සහ පහන්..
චමිල මට (ලැපා නිසා මම ට්‍රැක් මාරු වෙලා හිටියේ) වඩා ආතතියකින් ඉදලද මන්දා
ඇඟපුතාම නුල් කැලි බැදගෙන..





මෙම වැඩසටහනේදි 10% ක එනම් වචන 46,000ක් ඉක්මවා පරිවර්තනය කිරීමට මේ මැරතන් කරුවන් දායක උනා. ඒ වගේම තවමත් සමහරු පරිවර්තනය කරමින් පවතිනවා.

මේ සටහන නිකුත් කරන මොහොත වන විට වචන 47307ක් පරිවර්තනය කර අවසන්.




ගන්නවා නම් දම්රෝ පුටුම ගන්න..



පේනවා නේද දම්රෝ පුටුවේ ශක්තිය.. කිලෝ 100 නෙමේ 200ක්ම දාන්න පුලුවන් ;-)

දවල් වෙද්දි අපේ අනුෂ්ක දොයි. :)
එක හොඳකට තියෙන්නේ නින්දෙන් ගොරවන්නේ නැ. ඇගේ හැටියට ගෙරෙව්ව නම් CRT එකත් පුපුරනවා. ;-)


ඉදිරියේදි මෙවැනි කටයුත්තක් යළි ආරම්ඹ කිරිමට අවශ්‍ය වේ. ඒවගේම මෙම පරිවර්තනයන්ගේ තත්ත්ව පාලන කටයුතු ගැනද ඉදිරියේදි පියවර ගැනීමට අප සුදානම් වනවා. ඉතින් ඔබත් අපට සහාය වනවා නම් කරුණාකර දන්වන්න.

නිදහස් සහ විවෘත මෘදුකාංග දේශීයකරණයට මා පිවිස සිව්වන වසරට පිවිසෙන මොහොතේ මෙවැනි විශාල දායකත්වයක් සහිත වැඩසටහනක් කිරීමට හැකි වීම පිළිබඳ ඇත්තටම සතුටුයි.
දේශීයකරණය කියන්නේ හඳට යන්න තරම් අමාරු විෂයක් නෙමේ. එක රැයකින් 50 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අපහා එක් වුනා ඒවගෙම ඉන් බහුතරයක් මීට පෙර දේශියකරණ ව්‍යපෘතියක නියැලී නැ.

ඉතින් මේ වැඩසටහනේ අඩුපාඩු අවම කරගෙන ඉදිරියේදි තවත් හොදින් තරඟ කිරිමට සූදානම් වෙමු! :)

ඔබට MS Office සඳහා කියන්න තියෙන්නේ මම මේක ස්තාපනය කරලා වැඩ කරලා තිබෙනවා කියලා. නමුත් අපත් සමඟ එක් වූ සැමට යම්කිසි දිනෙක ආඩම්බරෙන් කියන්න පලුවන් මමත් OpenOffice.org එකේ උදව් පිටු හදන්න දායක උනා කියලා. ඉතින් ලෝව පුරා ප්‍රසිද්ධ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘතියකට දායකවිමට ඔබ තවමත් පමා නැ.

ස්තුතියි!

Comments

  1. සෑහෙන්න ලොකු වැඩක්නේ. ම් සතුටුයි සතුටුයි අපිත් පුන්චි වැඩකින් හෝ මේකට සහභාගීවන්නට ලැබීස ගැන. මෙවන් සත්කාරයන් දිගින් දිගටම කරගෙන් යාමට ඔබ සියලු දෙනාට ශක්තිය හා දෛරය ලැබේවා කියලා පතන්නම්

    ReplyDelete
  2. ආ අහු වේවිනෙ මට මම බලා ගන්නම්කෝ..!!

    ReplyDelete
  3. ඩැනියා ගේ පොටෝ එක දම්රෝ ඇඩ් එකකට ගනීද දන්නෑ. "දේහීය පුටුවක - දේශීය යෝධයෙක් - ගන්න අපේ දේ"

    ReplyDelete
  4. මේ වැඩේ එලම කිරි තමා.
    @ඩණිශ්ක එහෙම කියන කියන විදියට අපි කස්ටිය සෙට් කරන්නෑ... :)

    ReplyDelete
  5. හොඳ වැඩක් අයියෙ... මමත් හිතා ගත්ත දෙයක් තමයි දවස ගානේ වචන 5 ගානේ වත් පරිවර්තනය කරන්න ඕන කියලා... ඔයගෙ උත්සාහය උනන්දුව අති විශිශ්ටයි

    ReplyDelete
  6. මමත් විභාගෙන් පස්සේ අනිවා සෙට් වෙනවා :)

    ReplyDelete
  7. @චතුර: එසේම වේවා :)

    @බනී: :P

    @ප්‍රභාත්: බලමු :)

    @අරුනෝද: හා හා!! එළ අපේ වැඩේට අවනේ :)

    @මධූ: නියමයි නංගි! තමන්ට හැකි විදියට කරන්න. මමත් පරිවර්තන පටන්ගත්තේ වචන 40 වගේ පොඩි ෆයිල් එකකින් ;-)
    ස්තුතියි!

    @ඉසුරු: හොඳින් විභාගේ කරගන්න. ස්තුතියි!

    ReplyDelete
  8. මේක එළ වැඩක්!
    ජය වේවා!

    ReplyDelete
  9. elazzzz brawo.... :-) math inne photo eke

    ReplyDelete
  10. මමනම් ඉතින් ගෙදර ඇඳ උඩ ලැප තියාගෙන තමයි දිවුවෙ. එල ආයෙ පාරක් මේ වගේ වැඩක් සෙට් කරලා මීට වැඩිය හොඳට සංවිදානය කරලා කරමු. ජය වේවා !

    ReplyDelete
  11. නියම ලිපිය ඊලගපාර ඔයිටත් වඩා හොදට කරන්න සුභ පතනව !!!
    මේපාරනම් සහභාගි වෙන්න බැරි උනා ( A/L නේ) ඒත් ලබන පාර කොහොමහරි එනවා.

    ලංකාව තුල සහ අන්තර්ජාල තුල සිංහල භාවිතය වැඩි කරන්න කරන මේ වෑයමට මගේ හරසර.

    ඔන්න මමයි මගේ යාලුවෙකුයි facebook එකේ වැඩක් පටන්ගත්තා
    http://www.facebook.com/#!/group.php?gid=112263252141903&ref=ts

    ReplyDelete
  12. සිරා වැඩක්.. අපෙනුත් සුබ පැතුම්.. :)

    ReplyDelete
  13. ඇත්තටම හොද වැඩක් සුභ පැතුම්

    ReplyDelete
  14. නියමයි! ජය වේවා! :-)

    ReplyDelete
  15. නියම වැඩක්....දිගටම කරගෙන යන්න සුබ පතනවා

    ReplyDelete
  16. වැඩේ සැරට තිබිලනෙ. මම හිතුවෙ මේක තනිකරම ඔන්ලයින් සීන් එකක් කියලා. සුබපැතුම්.

    ReplyDelete
  17. මුන්ට Open Source ඉතින් කිව්වොත් පුක නහ ගෙන හරි ඕන මගුලක් කරයි..

    අපෙ Campus eke එවුන්ටත් දැන් පුකේ අමාරුව හොද ඇති....

    ඩනිෂ්ක උගෙ ජොබ් එකේ වැඩ අහින්සක කොල්ලො කෙල්ලොන්ගේ ඔලුව උඩින් යවලා මාසේ අන්තිමට පඩි ගන්නවා අපේ එවුනට හුලන් තමයි

    "අපත් සමඟ එක් වූ සැමට යම්කිසි දිනෙක ආඩම්බරෙන් කියන්න පලුවන් මමත් OpenOffice.org එකේ උදව් පිටු හදන්න දායක උනා කියලා"
    -කාටද උබේ මී මුත්තාටද?

    ReplyDelete
  18. මේ වගේ වැඩ වලට අපිටත් සහභාගි වෙන්න පුලුවන්ද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක