තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්. අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද? මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි. මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200 වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි. අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි. එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද? සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්