සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා.. තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය. දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්. එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි. මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා. දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ