සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා..
තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය.
දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්.
එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි.
මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා.
දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ දොර ඈරණු ගමන් බෙහෙත ගන්න එතන මම හිටියා.
කොහොමින් හරි සරත් අංකලුත් තව හිතවතුන් කිහිප දෙනෙකුත් මුණ ගැහෙන්නට අප්‍රේල් 16දා එලියට බැස්සේ තාත්තට එයාගේ සුපුරුදු අත්සන ගහන්න කිහිපවරක් අවස්තාව දීල.
ගෙදර එන ගමනේදි යාලුවෙක්ට අවුරුදු සුබ පැතුමක් දෙන්න කතා කරත්, සුපුරුදු ඒ කතාබහත් නැවතුනේ තාත්ත ලගම.
Dementia ගැනත් Alzheimer ගැනත් සිදු වූ කතා බහ නැවතුනේ Black (2015) සිනමා පටය නැරඹීමට මට කළ යෝජනාවෙන්.
අද 18, අත්සන භාවිතය ගොඩ දාගන්න එක ලේසි නැ තාත්තට.. ඔහුට එය වෙහෙසකාරි අත්දැකීමක්. සමහර වෙලාවට ඊළඟ අකුර කන ලගට කරලා කොදුරන්න වෙනව.
කරන්න දෙයක් නැ පස්සේ බැංකුවට කතා කරලා ෆින්ගර් ප්‍රින්ට් ගන්න කටයුතු සූදානම් කළේ මම හෙට මැරුනත් (තාත්තට අත්සන ගහන්න බැරිවුනත් විකල්ප විසදුම ඔහුට අශ්‍ය දේ ලබා දෙන නිසා).
තාත්තට මුලින්ම මාව අදුන ගන්න බැරි වුන දවස අද වගේම මතකයි
එදා වගේම අදත් මට ඈඩුනා, ඔවෙ මේ දැණුත්..
ජිවිතේ කිසිම දාක මම හිතුවේ නැ තාත්තට කන අත්සන ගහන්න වේවි කියල.
දවල්ට හිනා වෙලා රෑට අඩන ජිවිතේ!
දහස් ගණනක් අනාරක්ෂිතව දුම්රිය මඟ හරහා යන එක නවත්වන්න දුමරිය මඟ හරහා පාලමක් ගන්න, ඩෙංගු ගැටලුවට වගේ විවිධ වූ කාරනා සඳහා ඔහුගේ අතින්ම ලිපි කීයක් ලියවෙන්න ඇත්ද?
ඒ ලිය වුනා පමණක් නෙමේ ෆවුසි දුම්රිය ඈමති වූ කාලය තුළදි දුම්රිය මඟ හරහා ගුවන් පාලමක් අනුමත වීමද සිදු විය. අවාසනාවකට ඉන් එහා කාර්යය වගකිව යුතු ගමේ ආණ්ඩුවට වත් අනෙක් නිළධාරින්ටවත් මෙතෙක් කළ නොහැකි විය.
ලිවීමේ අපහසුතාවයක් ඔබ දන්නා කෙනෙක්ට පසුකාලීනව ඈති නම්
ඒ වයසට යාම නිසා බව උපකල්පනය නොකර
වෛද්‍ය උපදෙස් පිළිපදින්න දැණුවත් කරන්න!

මචං අයියේ.. එදා අපි හම්බුනු දවසේ උඹ ඔය ගැන කියද්දී මට එච්චර දැනුනේ නැති උනත්... පස්සේ ඔය ගැන හිතද්දී මාරම විදිහට shock උනා බං..
ReplyDeleteජිවිතේ ඔහොම තමයි කියල හිතහදාගන්නව. අදත් එකපාරම ඇවිත් මගේ නම කියල කෝ කියල මගෙන්ම අහනව. මම දන්නේ නැ එයා කොහොම ඒ වගේ කෙටි කාලයක් වුනවත් ගත කරනවද කියල. මොහොතකට උනත් කව්රුත්ම නොදන්න ලෝකෙක.
Delete