Saturday, September 10, 2011

ප්‍රජාවක අතීතය සහ අනාගතය..



හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.


 Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009 
news in SirasaTV 7PM news on 2009-09-20

මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ.

එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන ප්‍රජාව වැනි ලංකාව තුළ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට දායවුණු සහ දායක වන සියලු දෙනාම අප මේ ලබා ඇති සුලු හෝ ප්‍රගතියට වක්‍රාකාරව හෝ සෘජුව දායක වී ඇත.හන්තාන ලිනක්ස් පිළිබඳ ලිපි ලියු, පළකළ පුවත්පත්, මාධ්‍ය ආයතන, ස්වාදීන රචකයින් සහෝදර ෆොස්යුසර් සඟරාව, හන්තාන වෙනුවෙන් දායක වුවත් මෙතැන සඳහන් නොවු සියල්ලන්ටම කෘතඥ වෙමි.

 Hanthana Release at SFD2009 at Dharmasoka College, Ambalangoda

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ සියලු දෙනා ද, මධ්‍යම පලාත් තොරතුරු තාක්‍ෂණ සම්බන්ධීකරණ අංශය, සහ හලාවත, ගාල්ල, අකුරැස්ස, දෙනුවර, මාතලේ, කඩුගස්තොට, වත්තේගම, නාඋල, මැදවච්චිය, තබුත්තේගම, හිගුරක්ගොඩ,දිඹුලාගල, පස්සර, ගම්පොල සහ තෙල්දෙනිය කලාප වල ගුරුවරුන් සහ තොරතුරු තාක්‍ෂණ සම්බන්ධීකාරකවරුන් සහ නිළධාරිනියන්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හන්තාන වැඩමුලු සංවිධානය වෙනුවෙන් හන්තාන ප්‍රජාවේ නොමද ස්තුතිය හිමි වේ. වසරකට උසස් පෙළ GIT ගුරුවරුන් දහසකට පමණ නිදහස් සහ විවෘත මෘදුකාංග ගැන දේශන පාවැත්වීමට අවස්තාව දුන් ජාතික අධ්‍යාපනය ආයතනයේ සුසිල් මාදුවගේ මහතාට අපගේ නොමද ස්තුතිය.

 Hands on practice on Linux at Faculty of Engineering, University of Ruhuna, 
SFD2009

එමෙන් ප්‍රදර්ශනය කුටි නොමිලේ ලබා දුන් හපුගල රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශය (UCSC), ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT), හන්තාන ප්‍රජාව සමඟ එක්ව ජාතික මට්ටමේ ප්‍රදර්ශනය සඳහා ජනතාව අතරට ගිය අධ්‍යාපන අමාත්‍යාංශයේ,තොරතුරු තාක්‍ෂණ ශාඛාව අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

Hanthana Linix in Ministry of Education Stall @ Mahapola Exhibition - Beliaththa

හන්තාන ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යන විවිධ වෙබ් සහ බ්ලොග් අඩවි සඳහා පහසුකම් සලසා දෙන මලින්ත සහ ඉසුරු ටත් දැනට හන්තාන සඟරාවේ ලේඅවුට් කිරීම තනිව සිදු කරන ලිෂාන්ටත්, පරිවර්තන සහ අන්තර්ගත කටයුතු සඳහා දායක වූ කල්ප, කල්හාර, ආනන්ද, ලලිත්, මිහිර, මාලින්ද, මිලින්ද, තමීර, පහන්, අනුෂ්ක, අමිත්ත, තාරක සියල්ලන්ටම සහ හන්තාන දේශීය පරිශීලකයින් ඉතා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සලසා දීමට එක්වූ schoolNet සහ LEARN ආයතන, හන්තාන නව පිටපතක් සෑදු විගස එය පිරික්සීමට නිතර අප භාවිත කළේ බන්දුල පුෂ්පකුමාර මහතා ගේ සහාය ඇතිව කලහේ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ පරිගණකයක් ඉති මේ සැමට තුති.

SFD 2008 Organized by the Southern Linux User Group

හන්තාන ලිනක්ස් තෙවැනි වසර සඳහා නව ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වේ. එනම් මෙතෙක් හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය සඳහා අඩුවක්ව පැවති ඊ-සඟරාවක අඩුව මකාලමින් හන්තාන ප්‍රජා සඟරාව ක්‍රියාත්මක වේ. එමෙන්ම දුෂ්කර පාසැල් වල තොරතුරු තාක්‍ෂණ විශය ඉදිරියට ගෙනයාම සහාය වීම සඳහා හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ප්‍රජාවේ දායකත්වය මත ඉදිවෙන එම පරිගණක විද්‍යාගාර තුළ හන්තාන ලිනක්ස් ස්ථාපනය කරන අතරම පරිගණක ජාලය සහ අභ්‍යන්තර විදුලි සැපයුම් සිදු කෙරෙන්නේ ප්‍රජාවේ සහායෙනි. ලැබෙන ආධාර මඟින් අවශ්‍ය මෙවලම් පමණක් මිළදි ගණු ලැබේ.

 FOSS workshop at Dharga Town NCOE


පහුගිය අවුරුදු දෙකේ මේ හන්තාන නිසා ඔබේ ලේ රත් උනා නම් තරහා ගියා නම් සමාවෙන්න. :)

දන්නවද හන්තාන භාවිත කරන PTI කෙනෙක් ලෙස පත්වීම ගත් නමුත් තොරතුරු තාක්‍ෂණ විශයට ආදරය කරන දකුණු පලාතේ ගුරුවරයෙක් upstream project එකටම bugs report කරන්න තරම් උනන්දු උන බව? හන්තාන වෙනුවෙන් installation video එක කළ මිලින්ද තවමත් පාසැල් යන බව? APIIT එකෙ හන්තාන වෙනුවෙන් කතා කරන්න ගිය කල්හාර තවම පාසැල් යන බව? හිගුරක්ගොඩ ආනන්ද බාලිකාවේ ලිනක්ස් දැන්මේ කලින් වක්ශොප් නොකර බව?

හන්තාන කියන්නේ නිකන්ම නිකන් වෙනස් කළ OS එකක් නෙමේ. අපි හැමෝම එකතුවෙලා ප්‍රජාවක් ගොඩ නැගුව!

මේ කිසිදෙයක් අපි යනකොට අරන් යන්නේ නැ, කළ හැම දෙයක්ම ප්‍රජාව වෙනුවෙන් ඉතිරි වෙනවා....

සැමට ජය!

ස්තුතියි
ඩනිෂ්ක නවින්

19 comments:

You Know Who said...

Congratz

Danishka Navin said...

@You Know Who

I don't know :)

නදී said...

Congrats bro.u r doing a grt work.

සහන් said...

නියමයි..... මේ වගේම ඉදිරියටත් "අපේ දෙයක් බවට පත් කල Linux" ආඩම්බරයෙන් හැමෝටම කියන්න පුලුවන් ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් විදිහට ගෙනියන්න පුලුවන් වෙන්න හැකිවෙන්න ඕන කියල ප්‍රාර්තනා කරනවා. (ඒ වගේම ඉදිරියේදී හන්තානට පොඩි තල්ලවක් දාන්නත් බලාපොරොත්තුවක් තියනවා ඒ සඳහා පාර හදාගෙන යනවා හරි ගියාම දැනුම් දෙන්නම්)

ලක්ෂ්මන් තිලකරත්න said...

අපි තව දුරටත් මේක අපේ දෙයක් විදියට ඉදිරියට ගෙන යමු. ඇත්තටම කියන්න සන්තෝෂයි අළුතෙන්ම හන්තාන ප්‍රජාවට එකතු වුන කෙනෙක් විදියට මේක ගොඩක් දුර ගමනක් යන දෙයක් කියලා. යනකන් බලාන ඉන්නේ නැතිව අපි හැමෝම පුළුවන් තල්ලුවක් දෙමු. ඉක්මනටම ....
හන්තානට දිරිදෙන හැමෝටම තෙරුවන් සරණයි.

ධීරානන්ද හන්තාන ප්‍රජාව වෙනුවෙන් ලක්ෂ්මන් තිලකරත්න

Saptha said...

Hats off to the great work your doing for motherland :)
Good Luck Bro!!

deeps said...

මට දැනගන්න පුලුවන්ද ධීරානන්ද හන්තාන ප්‍රජාව ගැන? අපේ පැත්තේ අය ද සම්බන්ධ වෙලා ඉන්නේ ඒකට?

ChammA said...

ඇත්තටම මේක හොද වැඩක්...සුභ පැතුම් සහෝ...

Danishka Navin said...

ධීරානන්දෙ තියෙන්නේ කැළණියෙ

chanakalin said...

පාවිච්චිය අමාරුයි, කිසිකෙනෙක් උදව් කරන්නෙ නෑ කියල ලිනක්ස් මෙහෙයුම් පද්ධති පාවිච්චි නොකර හිටපු අයත් හන්තාන නිසා ආකල්ප වෙනස් කරගත්ත.

ඒ විතරක් නෙවෙයි. මෘදුකාංග කොල්ලය අතින් ලංකාවට තියන කළු පැල්ලම අයින් කරන්න ලොකු ආරම්භයක් ලබාදුනන.

සුභ පැතුම්!!

Danishka Navin said...

නදී, සහන්, සප්ත, චම්මා,

හැමෝටම ස්තුතියි!

ලක්ෂ්මන්, පරණ අලුත් කියලා නැනේ හැමෝම එකයි. :)
මොනා උනත් ධීරානන්දෙ අය මේ කෙටිකාලෙට කළ දේ ගැන කියන්න වචන නැ..

Danishka Navin said...

චානකට තමා අපි සුභ පතන්න ඔනා තනිව දවක්ම ඇද්දනේ ස්ටෝල් එකක් :D

Anonymous said...

Its gr8, Ayya ( Malli unaht wade ayya kenek Wage)
Sisi Kelum

Danishka Navin said...

Thanks Sisi Kelum ayya. :)

කසුන් said...

ජය වේවා !!!!

änthräX said...

ගල්මුල් බාධක ගනන්ගන්නෙ නැතිව ඉදිරියටම යන්න සුබපැතුම්..

Shehan said...

හන්තානට සුභ අනාගතයක්!!!!

indi said...

වැදගත් ව්‍යායාමයකි...

නෙරංජි | Neranji said...

ධනිෂ්ක අයියාට මෙයින් ලැබෙන ආත්ම තෘප්තියට මම ප්‍රණාමය පුද කරමි