Skip to main content

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්.

නඩේ ගුරා

මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ.

කොට අදින අලි

මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක.

බටා ගෙනව නේද?

ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු පැදියෙන් සහ බසයෙන් මොහු කිහිප විටක්ම පැමිණිෙය් හුදෙක් ආත්ම තෘප්තියට මිසක් කිසිදු ලබායක් බලන් නෙමේ. වරක් අහංගම සාරිපුත්ත විද්‍යාලයේ පරිගණක දෙකක් පමණක් ක්‍රියා කළ පරිගණක කාමරය ක්‍රියාත්මක මට්ටමේ පරිගණක 10කට පෙරලුවේ මොහුගේ සහයෙනි.  තවද මෙවැනි වැඩසටහන් වලදි තම භාවිතයට ගත් පුද්ගලික උපාංග සහ මෙවලම්ද අන් අයගේ භාවිතයට ලබා දිමට කිසි සේත්ම පසුබට නොවුණි. බටා වලට වැඩ කළා නම් මේ වගේ සටහනක් නොළියවෙන්නත් පුලුවන්.

උපන්දිනය

පසුගිය සතියේ තම උපන්දිනය දවසේ මොහො ගාල්ල-නෙලුව බටුවන්ගල සිට හදිස්සියේ නුවර යනව පෙර සදහන් කළ පරිදි පාසල් පරිගණක නඩත්තු කිරිමේ වැඩසටහනක් අතරතුර. ඇත්තටම මොහු යන්නේ තමන් ගුරු වෘතියේ සිට සමරන අවසන් උපන්දිනය වෙනුවෙන් නොව විශ්‍රාම යාම එදිනට සිදුවන නිසා අවශ්‍ය ලිපිලේඛන කටයුතු අහවර කිරිමටයි.

නුවර ගිය හේරත් හැරෙන තැපැලෙන් බටුවන්ගලට

නුවර ගිය හේරත් සර් එදිනම යළි ගාල්ල බලා එන්නේ තමන් එතෙක් කරමින් සිටි කාර්යය නිම කිරිමටයි. බස් එකේ ගෙදර ගිය පරිපාලන නිළධාරියා ගැන අප පුවත්පත් මගින් දුටුවත්, විශ්‍රාම දිවිය සුවසේ ගත කිරීමට හැකියාව තිබියදි පටන්ගත් කාර්යය නිම කිරිමට යළි ආපසු ගාලු ආව හේරත් ගැන තබන එකම සටහන මේය විය හැක.
නමිත් අතුල හේරත් වන ඔහු මා දුටු සැබැ ගුරුවරුන් අතරින් එක් අයෙක්. පසුගිය අප්‍රේල් මස හෘද සැත්කමකට ලකා වුවත් යළි ක්‍රියාශිලිව තම සගයන් සමග උරින් උර ගැටෙමින් යළි සුපුරුදු ජවනිකාවට එක් විය. 
හේරත්ලා ඔබ අවටත් ඇති, විපරම් කර බලන්න.

මේ කෙටි සටහන හෙට දින ගුරු දිනය සමරන සියලු හේරත් සර්ලා වෙනුවෙනි!

 වම්පස ඉදිරියෙන් සිටින්නේ අතුල හේරත් මහතා
 මාතලේ පැවති නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දිමේ වැඩසටහනකදි - 2008
මේ වැඩසටහනට සුදුසු පරිගණකයක් නැතිවේයයි සැකයට තම පුද්ගලික පරිගණකය යතුරුපැදියේ බැදගෙන පැමිණියා.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ප්‍රිතිමත් විශ්‍රාම දිවියක් වේවා හේරත් සර්...... ස්තුතියි කනිෂ්ක...... අපූරු සටහනක්.......

    ReplyDelete
  3. ්ස්තුතියි සමන්

    ReplyDelete
  4. අපේ හේරත් සර්.. වචනයේ පරිසමාප්තියෙන්ම සරල,අල්පේච්ඡ , ගුරුවරයෙක්. මා වසර 9ක් තිස්සේ ඔහුව දන්නවා. එදා වගේම නොවෙනස් ගුරුවරයෙක් . කැඩුනු පරිඝණක රැගෙන එන සෑම පාසලකටම ඒවා අලුත් වැඩියාව හා නඩත්තුව ඉතා ම සුලු මුදලකි න් කරගන්නා අයුරු ඔහු කියා දෙනවා.. පාසල් ගුරුවරුන් මෙන්ම අපත් පුදුම වෙනවා. ඔබ ඇතුලු පිරිසට තෙරුවන් සරනයි. අමතක උනා
    ඒත් එක්ක තවත් සර් කෙනෙක් එනවා ඒ අදිකාරි සර්. ඔහුත් ඒවගේමයි.

    ReplyDelete
  5. හේරත් සර්ට ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් වේවා......!!!
    මට විවෘත්ත මෘදුකාංග භාවිතය ඉස්සෙල්ලම කියලා දුන්නේ හේරත් සර්.. හන්තාන ලිනක්ස් Install කලේ හේරත් සර්ගෙන් අහගෙන....
    බටුවන්ගල එන්න දවස් දෙකකට කලින් අපි හුංගම විජයභා පාසලේ පරිගණක අලුත්වැඩියා කරා. එතනදි හේරත් සර් එක්ක දවසම ගත කලත් විශ්‍රාම යාම ගැන අපි එක්ක වචනයක් වත් කිවුවෙ නෑ. අපි ඇත්තටම දැනන් සිටියෙත් නෑ...
    ස්තූතියි ඩනිෂ්ක මෙහෙම සටහනක් දැම්මට....

    ReplyDelete
  6. මෙන්න මිනිස්සු...ඔබ වැනි මිනිසුන් මේ ලංකාවට තව තවත් බෝ වේවා !

    ReplyDelete
  7. තම සේවය නොපිරිහෙලා සිමා මායිම් නොමැතිව ඉටුකල තවත් යහපත් රාජ්‍ය නිලධාරියකුගේ විශ්‍රාම යාම සනිටුහන් වූ මොහොතක්. යම් යම් ආකාරයේ කෙනෙහිලකම් සිදුවුනත් ඒවා තඔයකට මායිම් නොකර තම සේවය පමණක් කෙරෙහි හිත යොමු කරවූ ඔබ කෙරෙහි මා තුල ඇත්තේ ඉමහත් භක්තියක්. කීමට බොහෝ දේ ඇතත් ඔබ වැනි සේවය පළමු ගණයෙහි තබාගෙන කටයුතු කරන තවත් රාජ්‍ය නිලධාරීන් බිහිවේවායි මගේ පැතුම. ඔබතුමන්ට යහපතක්ම වේවා.!

    ReplyDelete
    Replies
    1. හේරත් සර්................. මම මුලින්ම දැක්ක දවසේ හිතුවේ මහ ආඩම්භරකාර උද්ධච්ච මිනිහෙක් කියලා... ඒත් ඔහු ආශ්‍රය කලාම දැනගත්තා මිනිසුන් අතර අසාමාන්‍ය ගතිගුණ තියෙන ඕනෑම වෙලාවක හදවතින්ම උදව් කරන අවංක චරිතයක් කියලා... හේරත් සර් ඔබ නිසා මට දුර ගමනක් යන්න මග හැදුණා ඔබට ගොඩාක් ස්තූතියි... ප්‍රීතිමත් නීරෝගී විශ්‍රාම දිවියකට සුභ පැතුම්...

      Delete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක