Skip to main content

තාත්තා


ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා දින 7 තුළම පියවරුන්ගේ දිනය සමරනවා යැයි හැගිමක් දැනෙනව.

ඒ අතරේ "ඔයා කව්ද?" කියා ඔහු සහමර දිනවල අසන්නේ ඔහුගේ මතකයේ තිබෙන මගේ රුව සහ දැන් මගේ රුව ඔහුගේ මොලයට හරියට ගලපා නොගත හැකි අවස්තාවලදි. සමහර වෙලාවට ඔහු මටම මා ගැන කියනවා එයා අරව කලා මේවා කළා එයා හිටිය නම් දැන් හොදයි. ඒ වෙලාවට අහක බලාගෙන කදුලු පිහිද ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. නැතිනම් ඔහු ෙපරලා අසන සුපුරුදු පැණයට පිළිතුරක් දෙන්න අපහසු වෙනව. "කව්ද බැන්නේ ඔයාට?".

සමහර වෙලාවට "ඔයා රිපොර්ට් කරන මැනෙජර් කව් ද?" අසන්නේ ඔහුට මා හදුනා ගත නොහැකිව මා ඔහුව නිදි කරවිමට ප්‍රයත්නයක් දැරිමේදි ඉන් මිදිමටයි. මා යම් ආයතනයකින් ඔහුගේ සහයට ලබා දුන් කෙනෙක් යයි සිතා මට එරෙහිව පැමිණිළි කිරිමට තැත්කරමින් නින්ද මග හැරිම ඔහුගේ ප්‍රයත්නයයි.

තාත්තගේ තත්ත්වය හරියට මේ දිනවල වැස්ස වගේ හිටි ගමන් වහිනව ආයේ ලස්සනට පායනව. හැමදාම ඔහුගෙන් අද දිනේ කවද්ද ෙම් මොන මාසේද කියා අහන්නේ හරියට කාලගුන වාර්තාව ගන්න වගේ.

බෙහෙත් තාත්තගේ ප්‍රධාන ආහාර වේළ වගේ දැන් මේ කැමට පසුව ගන්න බෙහෙත් විතරයි. කුබියා කතාවේ කියවෙන පරිදි සැම චීත්තයකට සරමක් වගේ මේ බොහෝ බෙහෙත් වලට අදාලව ගත යුතු කැමට පෙර ෙබහෙතක්ද වේ.

මේ සටහන ලියන්න වුනේ බෙහෙත් සම්බන්ද කතාවක් ලියා තබන්න. පසුගිය දිනෙක තාත්තට අලුතින් බෙහෙතක් නියම කළත් ඒ බෙහෙත කිසිදු පුද්ගලික බෙහෙත් ශාලාවක නොතිබු අතර රාජ්‍ය ඔසුසලේ ප්‍රධාන මධ්‍යාස්ථාන වල මිසක නියෝජිත මධ්‍යස්ථාන වල විකිණිමට තිබුනේ නැ. මමත් කිලෝ මිටර් 25ක පමණ දුරක් ගෙවා ලගම තිබු ඔසු සලින් අදාල බෙහෙත මිළදි ගන්නාවිට මම හේතුව ඇහුව වෙන තැන්වල නැති.

මෙම බෙහෙත වේදනා නාශකයක් වුවත් මත් ලෝලින් අතර ජනප්‍රිය බෙහෙතක් ලු. එමනිසා, ඒ අනිසි අය අතට පත් නොවිමට අදාල වෛද්‍ය නිර්දේශ මත පදනම්ව පමණක් විකිණිම සිදු කරන එකම තැන රාජ්‍ය ඔසුසල වෙන්න ඇති. කෙසේ නමුත් දැනට තාත්තා භාවිත කරන අනෙකුත් බෙහෙත් හා සැසදිමේදි මෙය එතරම් මිළක් නොවේ. 

මොනව වුනත් මත්ලෝලින්ගෙ පිහිටෙන් තව කීදෙනෙක් මේවගේ දුරක් ගෙවා ගෙන අදාල බෙහෙත ගන්න යන්න ඇතිද?

ගුරුවරයකු නොවුනත් 2008 වසරේ සිට වැඩි කාළයක් පාසල් දරුවන් හා ගුරුවරු සමගත් හන්තාන ව්‍යාපෘතිය සදහා කාළය වෙන් කරද්දි දෙමාපියන් ඔවුන්ගේ අවශ්‍යතා යටපත් කරගෙන සිටිබව රහසක් නෙමේ.

මේ සටහන කියවන ඔබට, මා මෙන් පියවරුන්ගේ දිනය හෝ මව් වරුන්ගේ දිනය සැමරිමට සිදු නොවේවායි පතමි!

හැබැයි දෙමාපියන් වෙනුවෙන් නිදිමරන්න, තම කාලය ගතකරන්න වෙනව නම් ඒ දේ මගහරින්න එපා මොකද පාසල් කාලය අහිමි වුනාට වඩා දුකක් දැනෙවි එහෙම නොකලොත් ඒ වගේම එහෙම කලොත් දැනෙන තෘප්තිය කියල තෙරුම් කරන්න බැ.

Comments

  1. I blog quite often and I genuinely thank you for your
    information. The article has really peaked my interest.
    I am going to take a note of your blog and keep checking for new information about once a
    week. I opted in for your RSS feed as well.

    ReplyDelete
  2. //තාත්තා භාවිත කරන අනෙකුත් බෙහෙත් හා සැසදිමේදි මෙය එතරම් මිළක් නොවේ// මචං මේ උඹ කියන්නේ ට්‍රෑමඩොල් (ඇපල් පෙත්ත) ගැනනම්... මත්ලෝලීන් ට මේ පෙත්ත විකිනෙන්නේ සාමාන්‍ය මිලට වඩා දහ ගුණයක් වගේ වැඩියෙන්... මතට තිත නේ :D

    තාත්තා ට ඉක්මනින් සුව වේවා!!!

    ReplyDelete
  3. නාඩි
    ඔව් මචං ඒක තමා පෙත්ත. මම හිතලම නම දැන්මේ නැ. කාඩ් දෙකක් 100වත් වුනේ නැ මතක විදියට.
    ස්තුතියි මචං

    ReplyDelete
  4. ඔබගේ තාත්ත ඉක්මන් සුව වේවා ... !!!

    ReplyDelete
  5. දවසක් කථා කරද්දි අක්කෙ තාත්තව නාවන්න හදන්නෙ.. 12.00 කලින්.. පස්සෙ ගන්නම් කියපි... තව දවසක් කවනවා.. මේව ඇස් දෙකෙන් නොදැක්කට ඇත්තටම අවංකව කළා කියලා ඒ වචන වලින්ම තේරුනා... හුළගට වහළෙට අලාභ උන වෙලාවෙ තාත්ත හිටි කාමරේ වහළෙ හොඳ වෙලාවට බේරිලා අක්කෙ කිව්වෙ මොන තරම් සතුටකින්ද? අම්මට තාත්තට සලකන දරුවන්ට වරදක් වෙන්නෙ නෑ.. කාගෙන් බේරුනත් අපෙ හෘද ශාක්ෂියෙන් බේරෙන්න බෑ... හරි දුකයි.. තාත්ත ඔයාව අඳුනන්නෙ නැති තත්ත්වෙටත් පත් වෙනවයි කියල ඇහුවම... ඒකටයි ජීවිතේ තියන්නෙ.. අපිටත් උරුමයි.... මම ඔයා වගේ දරුවෙක් ගැන හරි ආඩම්බරයි ඩනිෂ්ක.... මේ මගෙ නැන්දම්මගෙ අන්තිම දවස් ගැන මම ලියපුවා..
    http://thanojar.blogspot.com/2010/05/blog-post_24.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක