Skip to main content

#10yearchallange නිසා සමාජෙන් කොන් වේවිද?



සමාජ ජාල හරහා මේ දිනවල ඉතා වේගයෙන් යන රැල්ලක් තමයි #10yearchallange  එක. වැඩේ නම් සරලයි වගේ බැලු බැල්මට. මේ සඳහා සසභාගී වීමට ඔනම අයෙක්ට පුලුවන්. කරන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැ, විශේෂ මෙවලම් අවශ්‍යත් නැ. කරන්න තියෙන එකම දේ තමන්ගේ මීට වසර 10ට පෙර ලබා ගත් පිංතූරයක් සසදමින් සමාජ ජාලය හරහා එක් කිරීම පමණයි.



දැන් මේ අහිංසක සතුටක් ලබන වැඩක් නේද මේ? පොඩි කාලේ පිංතුර එලියට අදිමින් ඒ මිහිරි අමිහිරි මතක විදින්නට ඔබත් ඔබේ සමාජ ජාල ආශ්‍රීත හිතමිතුරන් එක් වෙනව නේද?

 කමෙන්ට් කරනව ලයික් කරනව.....
ඒ විතරක් නෙමේ අදාල සමාජ ජාල සේවාවක් ගොඩනගා ඇති සමාගම් වලට නත්තල් වගේ.

ඇයි එහෙම නත්තල්?



ඔබ මීට පෙර Facial Recognition ගැන අසා ඇති, එක්කෝ ඒ ගැන හොඳින් දන්නව වෙන්නත් පුලුවන්. දන්නේ නැති අයෙක් නම්.. යම් පුද්ගලයෙක් පිංතුරයක් හෝ විඩීයෝවක ඇති විඩීයෝ ෆ්‍රේම් එකක් භාවිතයෙන් හදුනා ගැණීම, තහවුරු කරගැණීමට හැකියාවක් මේ Facial Recognition තාක්ෂණයට පුලුවන්.

එක පේළියකින් ලිව්වට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ වැඩේට 1964 වගේ කාලෙකදි හෙලන් චාන් සහ  චාර්ල්ස් බිසන්  දෙදෙනා එක්ව පළමු නිමැවුම කරනව.


මිනිස් මුහුණේ ඇති ගුණාංගසැලකිල්ලට ගනිමින් ඉතා විශාලදත්ත ප්‍රමාණයක් භාවිතයෙන් මේ Facial Recognition පද්දති දියුණු කිරීමට/පුහුණු කිරීමට ලක් කරනව.

Source: wikipedia
Source: wikipedia

ඔබේ මුහුණේ හැඩය පදනම් කරගෙන රටාවන් විශ්ලේෂණය කිරීම මඟින් යම් පුද්ගලයෙක් අනන්‍ය ලෙසම හදුනා ගැණීමේ හැකියාවක් Biometric Artificial Intelligenceයෙදුම් වලට තියෙනව.

ඔබේ මුහුණ මඟින් ඉදිරිපත් කරන ඉරියව්/හැගීම් මනාව විශ්ලේෂණය ඉතා පහසු කාර්යයක් නොවේ.
Source: wikipedia



එහෙම මිනිස්සු හොයන්න පුලුවන් ද? එහෙම ව්‍යාපෘති ලොකෝ දැනටම කරනවද?


2018 වසරේ අප්‍රේල් මස 6 දින ඉංදියාවේ නවදිල්ලී පොලීසිය දරුවන් 45,000කට ආසන්න ප්‍රමාණයකගේ පිංතූර මුහුණු හදුනා ගැණීමේ තාක්ෂණික පද්දතියකට එක් කිරීම මඟින් අතුරු දහන් වූ දරුවන් 2930ක් දින 4ක් තුළ සොයා ගැණීම ඒ දරුවන්ගේ සහ දෙමාපියන්ගෙත් වාසනාවක්. 

මෙහිදි දෙමාපියන් ලබා දෙන පිංතූරයක් සහ නගරයේ ආරක්ෂිත කැමරා මඟින් ලබා ගන්නා විඩීයෝ දත්ත සමඟ ඉහත කී තාක්ෂණය සහිත යෙදුමක් හරහා සැසදීම මඟින් අදාල දරුවන් හදුනා ගැණීම සිදු වෙනව. දරුවන්ගේ දෙමාපියන් ලබා දෙන පිංතූර දරුන් අතුරු දහන් වූ දිනට පෙර දින ලබාගත් පිංතුර නොවන බැවින් අදාල පිංතුරය සහ දරුවන්ගේ වර්තමාන පෙනුමේ සැලකිය යුතු වෙනසක් ඇති නිසා අදාල යෙදුම්/පද්ධති වලට වයස වෙනස් වීම යන සාදකය සඳහා භාවිත කරන ඇල්ගොරිදම් වඩා ප්‍රශස්ත තත්වයක පැවතීම ඉතා වැදගත්.

මේ තාක්ෂණය නිතියේ රැහැනින් බේරි සිටින පුද්ගලයින් සොයා ගැණීමටද භාවිත කළ හැකි යාවත් ඇති අතර කිසිදු අපරාදයක් නොකළ අහිංසක මිනිසුන් පවා ආරක්‍ෂක අංශ වලට ගොදුරු වීමේ අවදානමක් ඇත. 
උදාහරණයක් ලෙස ලංකාවේදි නම් විරෝදතාවලට එක්වන අහිංසකයින්ට අබසරණයි!

එනම් විවිධ විරෝදතා සඳහා එක්වන පුද්ගලයින් ඉතා පහසුවෙන් මේ තාක්ෂණය හරහා සොයාගැණීමත් භාවිත කරන  පද්ධතියේ දොසක් නිසා නිවැරදි පුද්ගලයෙක් වුවද අනවශ්‍ය ලෙස කරදරයේ වැටීමක් සිදු විය හැක.


Photo: independent.co.uk


2016  Amazon ආයතනය හදුන්වා දුන් Real-time Facial Recognition සේවාව ඇමරිකාවේ නිතිය ක්‍රියාත්මක කරන සහ වෙනත් රජයේ ආයතන වෙත විකිණීම ඇරඹුවත් පසුව සමාගමේ සෙවකයින් සහ කොටස්කරුවන් මෙම සේවාව ආරක්‍ෂක අංශ වෙත ලබා දීම නවත්වන ලෙස ඉල්ලා සිටින ලදි.


දැන් මම දාපු පිංතූරෙන් මොකද වෙන්නේ?

සාමාන්‍යන් ඉහත සඳහන් කළ පද්ධතියක් නිසි ලෙස ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මකවීම සඳහා, විශේෂයෙන්ම වයස වැඩී වීම සහ හදුනා ගැණීමට අදාල ඇල්ගොරිදම් පුහුණු කිරීමට අවශ්‍ය මිනිස් මුහුණු ප්‍රමාණය ඔබට සිතා ගැණීමටවත් නොහැකි තරම්. 100, 200, මිලියනයක් නොව එය පෙටා බයිට් ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් විය හැක.



ඉතින් මෙහෙම පිංතුර අපි කලින් දාපු පිංතුර වලින් හොයාගන්න පුලුවන් නේද?

දැනට අන්තර්යාලයේ ඔබෙත්, මගෙත් විවිධ පුද්ගලයින්ගේ පිංතුර ඇතත් ඉන් බෝහෝමයක් නිවැරදි ලෙස වයස හදුනා ගත හැකි ලෙස ඇති දත්ත නොවේ. එලෙස ඉතා පහසුවෙන් ගන්න පිංතූර සහ විඩියෝ යළි ඉතා විශාල සම්පත් (කාලය, මුදල්, පරිගණක බලය, දැණුම ) යොදාගනිමින් පෙරා වෙන්කරගත යුතු වෙනව.

නමුත් මේ දිනවල සිදුවන #10yearchallange  රැල්ල හරහා ඉතා පහසුවෙන්ම යම් පුද්ගලයකුගේ වසර 10ක කාලපරාසයක් තුළ ලබා ගන්නා ලද පිංතුර සමාජ ජාල හරහා ඔබ නොදන්නා ව්‍යාපෘති වලට ලබා දී අවසන්.


ඉතින් මම දෙන පිංතූරය කාටවත් ගන්න බැනේ?
ගත්තත් අතුරුදහන් වුන ළමයෙක් හදුන ගන්න දායක වෙනව නේද මමත්?

2018 වසරේ මාර්තු මස කරලියට පැමිණි "Facebook–Cambridge Analytica" අර්බුදයවස්තාවේදි වාර්තාවුනේ මිලියන 87ක පරිශීලකයින්ගේ දත්ත අදාල සිදුවීමට අයත් වූ බව Facebook සමාගම පසුව පිළිගෙන තිබුණි.
ඔබ ලබා දෙන දත්තවල අයිතිය කාටද? භාවිත කරන්නේ කුමණ ආයතනද? කුමණ කාරනා සඳහා ද යනවග ඔබ දන්නවා ද?



මේ සියදිවි හානි කරගැණීමකට අදාලව සජිවීව විකාශය කළ විඩීයෝවක් ඉවත් කිරීමට කළ ඉල්ලීම Facebook බැහැර කළ අවස්ථාවක්. https://www.newstalkzb.co.nz/news/national/concerns-raised-after-video-of-teens-suicide-posted-on-facebook/


අවසාන වශයෙන් මේ සටහන කියවන දෙමාපියන්ගෙන් මා විමසන්නේ ඔබේ දියණියගේ මල්වර උත්සවයේ පිංතුර සමාජ මාද්‍ය හරහා එක් කරන්නේ දරුවාගේ කැමත්ත සහිතවද?

දරුවන්ගේ උපන්දින සහ වෙනත් විශේෂ අවස්ථා සියල්ල හිතපිතුරන් සමඟ බෙදා ගැනිමේදි වරින් වර ඔබේ දරුවාගේ පිංතූර ලබා දෙන්නේ කාටද? 
සමාජ ජාල වෙත ඔබේ පුද්ගලික තොරතුරු (සුවිශේෂි තොරතුරු,  පිංතූර) ලබා දීමට පෙර දෙවරක් හිතන්න.

ජය! 

 





Comments

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක