blog.hanthana.org වෙතින්
අලුත්ගම ධර්ගා නගරයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී දෙදින
හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 11 සහ 23 වැන දෙදින පුරා
පැවැත්විණි. මේ වැඩසටහන සඳහා යාපනය, අම්පාර, පුත්තලම, මඩකලපුව, සහ ධර්ගා
නගරය යන ප්‍රදේශවලින් පැමිණ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියෝ විසි
දෙනෙක් සහ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක්
සහභාගී වූහ.
මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙතෙක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද
සිසුන් පිරිසක් සඳහා කළ පළමු වැඩසටහන මෙය වීම යි.
මෙම වැඩසටහනේ දී ලිනක්ස් හදුන්වාදීම, ස්ථාපනය, අධ්‍යාපනික සහ කාර්යාලීය
මෘදුකාංග භාවිතය වැනි කොටස්වලට අමතරව මෘදුකාංග සංවර්ධන අංශය කෙරෙහි ද වඩා
වැඩි අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන් ම ලිනක්ස් මත C++, Java, HTML වෙබ්
පිටු නිර්මාණය වැනි කරුණු මෙන් ම ලොව බහුලව භාවිත වන වෙබ් සේවාදායකය වන
ඇපාචී (Apache) වෙබ් සේවාදායකය භාවිතය ද මෙහි දී ආවරණය කරන ලදි. මීට
අමතරව ජාල සැකසුම් කළමනාකරණය සහ පරිශීලක කළමනාකරණය වැනි අංශ ද සාකච්ඡා
කෙරණි.
මෙම වැඩසටහනේ තවත් සුවිශේෂි කාරණයක් නම් පළමු දින අධ්‍යයන කටයුතුවලට අදාළ
හන්තාන මෙහෙයුම් පද්ධතියේ ඇති කොටස් පිළිබඳ පුද්ගලිකව විමසා සහ
තාක්ෂණික කරුණු සපුරාගෙන පැහැදිලිකර ගත් ආචාර්ය මණ්ඩලයේ සාමාජික දෙපළක්
දෙවැනි දින වැඩසටහනට පෙර වැඩසටහනට අදාළ MySQL වැනි පාඩම් කොටස්
සිසුවියන්ට ඉගැන්වීමට තරම් උද්යෝගීමත් වූහ.
මෙම වැඩසටහන පුරාම වැඩසටහන සංවිධානය කළ රිස්කාන් මහතා සහ එම ආයතනයට සේවය
ලබාදෙන ජයිකා ආයතනයේ නියෝජිත අසුකා ටොමියමා මෙනෙවිය ද අගනා සහායක් ලබා
දුන් අතර ගුරුවරුන්ගේ සහ සිසුවියන්ගේ උනන්දුව නිසා ඉතා වැඩි පරාසයක කොටස්
ආවරණය කළ හැකි විය.
වැඩසටහනින් පසුව සිසුවියන් සඳහා පාසැල් සිසුන්ට මෙම දැනුම ලබා දෙන ආකාරය
ඇසුරින් පැවරුමක් ලබා දීමට රිස්කාන් මහතා කටයුතු කිරිම මෙම වැඩසටහනට තවත්
විශේෂත්වයක් එක් කළේ ය. 2012 වසරේදි සිමාවාසික පුහුණුව ද 2013 වසරේදි
පාසැල් සඳහා පත්වීම් ද ලැබීමට නියමිත මෙම ශිෂ්‍යාවන් යාපනය, මඩකලපුව,
අම්පාර සහ පුත්තලම වැනි දුරස්ථ ප්‍රදේශ කරා නිදහස් සහ විවෘත මෘදුකාංග (FOSS)
පිළිබඳ පණිවිඩය ඉතා විධිමත් ව ගෙන යනු ඇත. යාපනය ප්‍රදේශයේ නිදහස් හා
විවෘත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් පැවැත්වීම සඳහා ඔවුන් අවසානයේ අපට ඇරයුම්
කිරීම ද මෙහි අවශ්‍යතාව මැනැවින් තේරුම්ගත් බවට මනා සාක්ෂියකි.
එම සිසුවියන්ට අනාගතය ජය ගැනීමට අපෙන් සුබ පැතුම්!

Comments
Post a Comment