Tuesday, January 11, 2011

උරුමයක් ද? කරුමයක් ද?

අද ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ පැවැත්වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග පුහුණු වැඩසටහනක් සඳහා එහි ගිය විට දුටුවේ විදුලි බල්බ සහ විදුලි පංකා සහිතව අකුරු කරන දැරියන් පිරිසකි.

ඉතා සීමිත ඉඩකඩක මෙලෙස දරුවන් හිරවීට සිදුව ඇති එක් හේතුවක් නම් ගාලු උරුමය මඟින් ගාලු කොටුව තුළ නව ගොඩනැගිලි ඉදිරි කිරීමට යොදා ඇති සීමාවන් නිසයි. ගාරා වැටුනු පරදෙසක්කාරයින් තැනු උරුමය කරෙතියන් යන ඔවුන් මේ දරුවන්ට කරුමයක් වී ඇති බවයි මට තේරුනේ.

අල්ලපු වැටේ තියේන සියලු ශාන්තුවරයින්ගේ පාසැලේද මෙවැනිම තත්ත්වයක් ඇත. සුද්දෝ ඇවිත් කොටුවේ සිරි බලයි, මේ පොඩ්ඩෝ කොටුවේ සිරවි අකුරු කරයි. එලියෙන් බලන අයගේ නෙමේ මේ පැරණි ගොඩ නැගිලි කඩන් වැටෙන්නේ ඇතුලේ ඉගෙන ගන්න දරුවන්ගේ.

ඉතා කුඩා පංති කාමර තුළ විදුලි බල්බයක් නොමැතිව අකුරු කරන්න බැ. හුලන් පොදක් නැ ඉතින් විදුලිය නැති විට ඒ ළමයි විදින දුක උරුමය රකින්නන් දන්නවද දන්නැ?

ඇත්තටම මේ ගාලු උරුමයක් ද? කරුමයක් ද?

5 comments:

Pavithra said...

කවුරු හැදුවත් ගාලු කොටුව පෞරාණික වටිනාකමක් ඇති ලෝක උරුමයක්. යුනෙස්කෝ සංවිධානයට පිස්සුවක් නෑනෙ තේරුමක් නැති දේයකට ලෝක උරුම ලේබලය ලබාදෙන්න. ඉඩ නැතිනන් කරන්න තියෙන්නෙ ඉඩ තියෙන තැනක පාසලේ තවත් කොටසක් හදන එක.
ඔබ ති‍යන්නෙ ගාලු කොටුව කඩාදාන්න කියලද?

budhajeewa said...

පරදේසක්කාරයො හැදුවට කොටුවත් වටින බාන්ඩේ නේ. ඉස්කෝලෙට ඉඩ මදි නං කොරන්න තියෙන්නේ කොටුවෙං එළියෙ අලුත් ඉස්කෝලයක් හදලා ඉඩ මදි ඉස්කෝල වල කස්ටිය ඒකට දාන එක.

Danishka Navin said...

කඩන් වැටෙන්න තියෙන ඒවා නම් කඩාගෙන වැටිලා දෙතුන් දෙනෙක් මැරෙන්න කලින් කැඩුවට කමක් නැ. ඔය වගේම පෞරානික බවෙන් උමතු උනු අදහස් තිබ්බා ගාලූ පාර 90 මැද භාගයේ කොරියානු සමාගමක් හදද්දි. ඕලන්ද නිර්මාණයක් වූ ආරුක්කු සහිත පාලමක් කඩන්න එපා කියලා මැරෙන්න හැදුව සමහරු. දැන් ඒක තිබ්බ නම් කිදෙනෙක් මැරිලද දන්නැ.

හොද වෙලාවට කොටුව ඔය සයිස් එකට හැදුවේ. නැත්නම් වෙන්නේ පෞරානිකත්වය කරේ තියන් කැලේකට වෙලා ජිවත් වෙන්න. :)

budhajeewa said...

පාරක් වගේ අනිවා එතනම හදන්න ඕන දේකට නං කැඩුවට කමක් නෑ. ඒත් ඉතිං ඉස්කෝලයක් හදන්න ගාල්ලෙ ඉඩං නැතුවයැ?

Bunny said...

ඔය ඉස්කෝල දෙකම එකක් කරලා වෙන තැනක හැදුවා නම් එළ.. ඔය ළමයින්ට තියෙන එක එක රෝගත් හොද වෙන්නැතැ.. :-)

ගාලු කොටුව කඩන එක නම් අනුමත කරන්න බැ..