පසුගිය වසරේ (2007) ජුනි මස ආසාවට දේශීයකරණය ගැන තිබු අමාරුව නිසා ලියු ලිපියක් ඉමහත් පරිශ්‍රමයකින් යුතුව සිළුමිණ පත්‍රයේ 2007 දෙසැම්බර් මස 09 දින 23 පිටුවේ පළකරවා ගැනීමට හැකි විය. "පරිගණකය අපේ බසට හැරේ" යන සිරස සහිතව පළවිය (මගේ නම රහිතව). මෙම කටයුතු සඳහා සහයදුන් වසන්ත සහ ශානුට ගොඩක් ස්තුතියි. ------------------------------------------------ලිපිය-------------------------------------------------------------------------- සිංහල බසින් ස්වදේශීයකරණය වන පරිගණකය 60 දශකයේ අග භාගයේදී පළමු වරට ලංකාවට පැමිණි පරිගණක තාක්‍ෂණය , අද වන විට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යපෘති මගින් යම්තාක් දුරට ඈත ගම් දනව් කරා ගෙනයාමක් සිදුව තිබේ . එමෙන්ම බොහෝමයක් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනික තොරතුරු දැනටමත් අන්තරජාලයට එක් වී ඇත . එපමණක් නොව , බොහෝ දිනපතා සහ සති අන්ත පුවත්පත් ද මේ වන විට අන්තරජාලයට එක් වී තිබේ නමුත් මෙලෙස අප රටේ පරිගණක තාක්ෂණය වර්ධනය වෙමින් පැවතුණ ද , ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී ඇති අපහසුතාව නිසා බොහෝ දෙනෙකු මෙය උගැන්ම අතපසු කිරීමට හෝ නවතා දැමීමට පෙළඹී ඇත . වෙනත් උසස් අධ්‍යාපනික කටයු...