ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා. ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා. මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් ගෙට්ටුවේ සද්දේ නම් හිතුවේ උදැසන සහෝදරයා වැඩට යන්න ඇති කියලා. මම එහෙම හිතතද්දි අම්මලා ලයිට් එක දාලා සද්දේ ආවෙ කොහෙන්නද බලන්න. ඊට විනාඩියකින් තමා ගෙට්ටුව ඇරුනේ. ගෙදර අනිත් අය හිතුවේ මාමා ආවා කියලා. ඇත්තටම වෙලා තිබ්බේ හොරෙක් ඇවිත් පිටුපස ජනේලය බිද ඇතුලට ඒමට සැරසීමයි. එත් ලයිට් දාපු නිසා කිසි කලබලයක් නැතිව ගෙට්ටුවත් ඇරගෙනම ගියා. :D මොනවා උනත් සහෝදරයා කලින් ගියෙ නැත්නම් අම්මා ඔය වෙලාට ඔතන ඉන්නවා උයන්න. එහෙම උනා නම් විසී වුනා වීදුරු වලින් තුවාල වෙන්නත් තිබ්බා. මොනවා උනත් ලයිට් නොදැම්ම නම් ඒ මනුස්සයාගේ දත්ටික අපරාදේ. මොකද ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ. කටින් හපන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. පව් :( එක අතකට එයත් හරි. හොරකමේ එන්නේ තියෙන දෙවල් ගෙනියන්නනේ. බඩු අඩුවෙන් එන්න ඔනා නිසා හිස් අතින්ම එන්න ඇති. විදුරුව බිදින්නත් අරන් තිබුනේ අපේ ගෙදරම එලියේ තිබ්බ විදුරු බෝතලයක්. අගුල තියෙන හරිය අනුමාන කරද කොහෙද බිදලා තියෙන්නේ. මේ පිංතූර දෙක ...