කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ..
උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග...
පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය
මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ. පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු වෙලා තවත් බාහිර පිරිස් සමඟ මේ වැඩේ අහවර කරගෙන. කොටින්ම ගොඩනැගිල්ලට අවශ්‍ය ගඩොල් දෙමාපියක් එකතු කරලා දීල..
ගුරුවරුන් පළමු වරට OLPC XO උපාංගය විවෘත කිරීමට උත්සාහ දරමින්...
අගෝස්තු 1දා සවස් වන විට කණ්ඩියපිටවැව නාන්දා පාසලට පරිගණක ගෙන ගිය මොහොතෙ සිට පරිගණක විද්‍යාගාරය නම් කිසිම විටක තනි නොකරන්න පාසලෙ පුංචි පැටව් වග බලාගත්ත. හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයටත් කිහිප දෙනෙක් එක් වුනා විතරක් නෙමෙ රාත්‍රී 9.30 පමණ වන තෙක් අප සමඟ රැදුණු ඔවුන් බලෙන්ම වගේ ගෙවල් වලට පිටත් කරන්න උනේ ඔවුන්ගෙම ආරක්ෂාව නිසයි.
ලග පාත ගෙවල්වල ළමයි ඔක්කොම හවස පාසලට දුවන් ආව...
ඉස්සෙල්ලම වැඩ කරන්න හැමෝම තමන්ගෙ වාරයනතෙක් බලන් ඉන්නව...
ලෙසි නැ ගණන් හදන සෙල්ලම,... බැරිම තැන ඇගිලි ගනිමින්...
හන්තාන ලිනක්ස් 17 (නවතම නිකුතුව) ස්ථාපනය වෙමින්....
තමන්දැනගත් දේ අන් අයට කියා දීමටත් වෙනත් කෙනෙක් දන්නා දේ අසා දැනගැණීමටත් ඔවුන් පැකිලුනේ නැ
කණ්ඩියපිටවැව නාලන්ද පාසලෙ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් උණුසුම් පිළිගැණීමක්
පන්සිල් සමාදන්වෙමින්...
පිළිගැණීමෙ ගීතය
යොහාන් සුමතිපාල (වෛද්‍ය දීපානි ජයන්තා විසින් යොහාන්ගෙ අදහස් සිංහල බසට පෙරලනලදි)
ගම්වාසීන්
පරිගණක විද්‍යාගාරයේ උපරිම ප්‍රයෝජනය ගුරු සිසු දෙපිරිස ලබා ගන්නා බව කැට තියල කියන්න පුලුවන්.. මොකද ලැබ් එක ඇරපු මුල්ම දවසේ මූලික වැඩසටහනෙන් පසුව සවස 2 සිට සවස 5.30 දක්වා ගුරුවරුන් සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක උනා.. නමුත් වැවට ගිහින් නාගෙන එද්දි ලොකු සර් නිකමට වගේ අහනව අපිට රෑටත් ටිකක් පුරුදු වෙන්න පුලුවන් නේද කියල. ඔහුගෙ උනන්දුව නිසාම අවට නිවෙස් වල සිටි ගුරුවරු 5 දෙනෙක් මැදියම් රැය වෙනකන් දිවා කාලයෙ ඉගෙන ගත් දැ යලි පුහුණු වීමටත් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා හන්තාන පද්ධතියෙන් වැදගත්වන පාඩම් සොයා බැලීමටත් එක් වුනා.
කණ්ඩියපිටවැව නාලන්දා විදුලේ තොරතුරු තාක්‍ෂණ ප්‍රජාව...
පහුවදා උදැසන යලිත් පාසල්දරුවන්ට කෙටි වැඩසටහනකින් පළමුපුහුණු වාරය නිම කළේ මේ අගෝස්තු නිවාඩුවෙ යළිත් හන්තාන කණ්ඩායමේ සාමාජිකයෙක් එහි යන දිනයක්දස්තිවරව පවසමින්. මෙතෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම සිදු නොකල, එක් පාසලකට මාස 6ක් තිස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් මෙම පාසල ඉලක්ක කරගෙන සිදු කරන්නෙ යොහාන්ගෙ සහ born free මිතුරන්ගෙ, ගම්වාසින්ගෙ, පාසලෙ මහන්සිය අපතෙ නොයා, හැකි උපරිම ඵලදායිතාවයකින් යුතුව පරිගණක විද්‍යාගාරය භාවිතයට මග පෙන්වීමටයි.
දැන් මේ සටහන කිව්ව ඔබහිතනව ඇති මොන හරුපයක්ද, අද මාතෘකාවට දාල තියෙන්නෙ කියල. :D ඇත්තටම කියනව නම් මාතෘකාවෙ කිසි වැරද්දක් නැ...
මොකද මේ වැඩසටහන සිද්ධ උනේ අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනය මේ ගමටත් ගිය නිසා සහ එම ආයතනය කරන වැඩ ගැන පැහැදුනු යොහාන් සුමතිපාල නාලන්දාවෙ දරුවන්ට පරිගණක ලබා දිමෙ කටයුත්තට අත ගැසීමත් සියල්ල සිදු උනේ වල් අලි නිසා නේද? මෙම අහන්නෙ born free ශ්‍රී ලංකා කණ්ඩයම. :)
Born Free මිතුරන් (නිර්මල, වෛද්‍ය දීපානි ජයන්තා, සමීර)
මීට සවර කිහිපයකට පෙර විසකුරු සතුන් පිළිබඳ මෙම පාසලේදිම පැවැත්වුණු වැඩසටහනකදි සමීරට නයෙක් ගැහුව කියල පස්සෙයි ආරංචි උනෙ.. :-)
කොච්චර බඩගිනිවුනත් පොඩි උන්ටික රැ 9.30ට එලියට යනකන්, උපරිම සහාය දෙමින්, දවල්ටත් නොකා සහයට සිටි සමීර මිත්‍රයට තුති!
19 comments:
සුපිරි වැඩක් ඈ..
Keep it up !!
පින් සිද්ද වෙන වැඩක්...
දැක්කද ඒ ළමයින්ගේ හිනාව
ඒක ඇත්තම හිනාවක්
අපිට මේ හුඟක් දේවල් දීල තියෙන්නේ වල් අලි!
අපි ඒ ගැන පස්සෙ කථා කරමු.
මෙම ව්‍යාපෘතියේ තිරසර බව ගැන සැලකිලිමත් වීම ඉතාමත් අගය කරනවා. අඩුම ගානෙ මාස 6ක් යනතුරුවත්. දැන් අපිට තියෙන්නෙ ඒ කාර්යය තව දිර්ඝ කාලයකට ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියයන එක ගැන සැලකිසිමත් වීම. ඒ කියන්නේ මේ නාලන්දාවේ ඵමයි පරිගනක භාවිතය අඛන්ඩව සිදු කරන්නේ කොහොමද කියල අවදියෙන් සිටීමට සුදුස වැඩ පිළිවෙලක් සකස් කිරීම.
සුභ පැතුම් ඩනිස්ක.
(මේ වගේ පපුවට වදින වැඩ කරන්න අවස්ථාව ලැබෙනකොට මොකද හිතෙන්නේ? )
අගයමි ඔබේ වෙහෙස මහන්සිය.
සතුටු වෙමි දරුවන් සතුටුවන දෙස බලමින්.
මින් ඉදිරියට මේ දරුවන්ට පරිගණක පාඩමක් දෙකක් කියලා දෙන්ට දවසක් දෙකක් කැපකරන්ට මමද කැමැත්තෙමි.
great work , keep it up :)
අැත්තටම සුන්දර වැඩසටහනක්. ඩනිෂ්ක අැතුලු සහභාගිවූ සැමට ශක්තිය සහ ෙෙධර්ය පතනවා.
අපූරු වැඩක්..මම අර සිනා සංග්‍රහය පින්තුරෙටත් හරිම ආසයි! :)
හුඟක් වටිනා වැඩක්. පරිඝනක පරිත්‍යාග කළ පොඩි දරුවාටත්, කටයුතු සම්බන්ධීකරණය කළ, ගොඩ නැගිලි ඉදි කිරීමට හවුල් වුණු සැමටත් බොහොම පින්.
niyamayi
ඉතා අගේ ඇති වැඩක් ධනිශ්ක!
ඇත්තටම හැම දෙනාටම මේ වගේ දෙයකට දායක වෙන්න හැකි නම් කොයිතරම් විශාල කටයුත්තක් කල හැකි වෙයිද
ඔය මහන්සිය අපතේ යන්නැ..සැමට ජය....
Great work Machan!.
Great work Danishka...
ඉතාම වටිනා සමාජ සත්කර්යයක්.දායකවු සැමට පින්.
කැලයේ පිපෙන මල්වල ඇස් පාදන්න ඩණිෂ්කගේත් ඒ සමග වැඩ කරන අන් සැමගේත් උත්සාහය අගය කරමු! එය මල් පළ ගැන්වේවා!
Great work!!Indeed!!
"The difference between a helping hand and an outstretched palm is a twist of the wrist."
මේ වගේ වැඩ දකින්නත් ආසයි. මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු. ඇත්තටම ලංකාවට ඕනේ මේ වගේ අයයි. අනේ ඔබ වැනි අය රටටම වාසනාවන්.
සුබ පැතුම් ...!
Post a Comment