Skip to main content

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා.

කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ..


උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග...



පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය



මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු වෙලා තවත් බාහිර පිරිස් සමඟ මේ වැඩේ අහවර කරගෙන. කොටින්ම ගොඩනැගිල්ලට අවශ්‍ය ගඩොල් දෙමාපියක් එකතු කරලා දීල..
 ගුරුවරුන් පළමු වරට OLPC XO උපාංගය විවෘත කිරීමට උත්සාහ දරමින්...


අගෝස්තු 1දා සවස් වන විට කණ්ඩියපිටවැව නාන්දා පාසලට පරිගණක ගෙන ගිය මොහොතෙ සිට පරිගණක විද්‍යාගාරය නම් කිසිම විටක තනි නොකරන්න පාසලෙ පුංචි පැටව් වග බලාගත්ත. හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයටත් කිහිප දෙනෙක් එක් වුනා විතරක් නෙමෙ රාත්‍රී 9.30 පමණ වන තෙක් අප සමඟ රැදුණු ඔවුන් බලෙන්ම වගේ ගෙවල් වලට පිටත් කරන්න උනේ ඔවුන්ගෙම ආරක්ෂාව නිසයි.


ලග පාත ගෙවල්වල ළමයි ඔක්කොම හවස පාසලට දුවන් ආව...




ඉස්සෙල්ලම වැඩ කරන්න හැමෝම තමන්ගෙ වාරයනතෙක් බලන් ඉන්නව...


ලෙසි නැ ගණන් හදන සෙල්ලම,... බැරිම තැන ඇගිලි ගනිමින්...



හන්තාන ලිනක්ස් 17 (නවතම නිකුතුව) ස්ථාපනය වෙමින්....

අප බලාපොරොත්තු වූ සේම සහයෝගයෙන්, එක්ව අධ්‍යනයේ යෙදීමට පළමු දිනයේ සිටම පාසල් සිසුන් කටයුතු කරන අයුරු දක්නට පුලුවන් උනා..

තමන්දැනගත් දේ අන් අයට කියා දීමටත් වෙනත් කෙනෙක් දන්නා දේ අසා දැනගැණීමටත් ඔවුන් පැකිලුනේ නැ

මේ කාර්යයෙදි ලැප්ටොප් පරිගණක ලබා දුන්නෙ යොහාන් සුමතිපාල, ඔහු සිංහල කතා කිරීමට නොදන්නා වුවත් තමන්ගෙ රට ගැන කැක්කුමක් තියෙන දැනට ඇමරිකාවෙ වාසය කරන අවුරුදු 17ක සිසුවෙක්.  පසුගිය අගෝස්තු මස දෙවැනිදා පැවැත්වුණු උත්සවයට යොහාන් ඔහුගෙ මැණියන්, සහෝදරයා සමඟ සහෝදරිය සමඟ එක් වුනා. ඌව පලාත් අධ්‍යාපන කාර්යයාලයේ, වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යයාලයේ නිළධරින් සහ අවට පාසල් වල විදුහල් පතිවරුන් මෙන්ම ගම්වාසීන් මෙම වැඩසටහනට එක්ව සිටියා.

කණ්ඩියපිටවැව නාලන්ද පාසලෙ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් උණුසුම් පිළිගැණීමක්

පන්සිල් සමාදන්වෙමින්...

පිළිගැණීමෙ ගීතය

 යොහාන් සුමතිපාල  (වෛද්‍ය දීපානි ජයන්තා විසින් යොහාන්ගෙ අදහස් සිංහල බසට පෙරලනලදි)

 ගම්වාසීන්

ලොකු ලොකු අයගෙ හරබර කතා අතරතුරු පොඩිත්තන්ගෙ ලස්සන රැගුම් වැඩසටහන තවත් ලස්සන කලා.





පරිගණක විද්‍යාගාරයේ උපරිම ප්‍රයෝජනය ගුරු සිසු දෙපිරිස ලබා ගන්නා බව කැට තියල කියන්න පුලුවන්.. මොකද ලැබ් එක ඇරපු මුල්ම දවසේ මූලික වැඩසටහනෙන් පසුව සවස 2 සිට සවස 5.30 දක්වා ගුරුවරුන් සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක උනා.. නමුත් වැවට ගිහින් නාගෙන එද්දි ලොකු සර් නිකමට වගේ අහනව අපිට රෑටත් ටිකක් පුරුදු වෙන්න පුලුවන් නේද කියල. ඔහුගෙ උනන්දුව නිසාම අවට නිවෙස් වල සිටි  ගුරුවරු 5 දෙනෙක් මැදියම් රැය වෙනකන් දිවා කාලයෙ ඉගෙන ගත් දැ යලි පුහුණු වීමටත් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා හන්තාන පද්ධතියෙන් වැදගත්වන පාඩම් සොයා බැලීමටත් එක් වුනා.

කණ්ඩියපිටවැව නාලන්දා විදුලේ තොරතුරු තාක්‍ෂණ ප්‍රජාව...

අපිට අවශ්‍ය දේ අපිම ඉගෙන ගන්න ඔනා කියන හැගිමෙන් එක් කෙනෙක් ඉගෙන ගන්න දේ අනිකාටත් කියා දීමට ඔවුන් පසුබට උනෙ නැ.

පහුවදා උදැසන යලිත් පාසල්දරුවන්ට  කෙටි වැඩසටහනකින්  පළමුපුහුණු  වාරය නිම කළේ මේ අගෝස්තු නිවාඩුවෙ යළිත් හන්තාන කණ්ඩායමේ සාමාජිකයෙක් එහි යන දිනයක්දස්තිවරව  පවසමින්.  මෙතෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම සිදු නොකල, එක් පාසලකට මාස  6ක් තිස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් මෙම පාසල ඉලක්ක කරගෙන සිදු කරන්නෙ යොහාන්ගෙ සහ born free මිතුරන්ගෙ, ගම්වාසින්ගෙ, පාසලෙ මහන්සිය අපතෙ නොයා, හැකි උපරිම ඵලදායිතාවයකින් යුතුව පරිගණක විද්‍යාගාරය භාවිතයට මග පෙන්වීමටයි.

මෙම පාසලට සාමාන්‍ය ලැප්ටොප් පරිගණක වලට අමතරව OLPC (One Laptop Per Child) ව්‍යාපෘතිය මඟින් XO පරිගණක දෙකක් ලැබුණු අතර අනෙක් ලැප්ටොප් පරිගණක මඟින්ම OLPC හි ඇති Sugar වැඩතලය ඇති නිසා ප්‍රාථමික සිසුන්ටත් මෙම පරිගණක විද්‍යාගාරයේ ඉඩක් ලැබෙනු ඇත.


දැන් මේ සටහන කිව්ව ඔබහිතනව ඇති මොන හරුපයක්ද, අද මාතෘකාවට දාල තියෙන්නෙ කියල. :D ඇත්තටම කියනව නම් මාතෘකාවෙ කිසි වැරද්දක් නැ...

මොකද මේ වැඩසටහන සිද්ධ උනේ අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනය මේ ගමටත් ගිය නිසා සහ එම ආයතනය කරන වැඩ ගැන පැහැදුනු යොහාන් සුමතිපාල නාලන්දාවෙ දරුවන්ට පරිගණක ලබා දිමෙ කටයුත්තට අත ගැසීමත් සියල්ල සිදු උනේ වල් අලි නිසා නේද? මෙම අහන්නෙ born free ශ්‍රී ලංකා කණ්ඩයම. :)


Born Free මිතුරන් (නිර්මල, වෛද්‍ය දීපානි ජයන්තා, සමීර) 

මීට සවර කිහිපයකට පෙර විසකුරු සතුන් පිළිබඳ මෙම පාසලේදිම පැවැත්වුණු වැඩසටහනකදි සමීරට නයෙක් ගැහුව කියල පස්සෙයි ආරංචි උනෙ.. :-)
කොච්චර බඩගිනිවුනත් පොඩි උන්ටික රැ 9.30ට එලියට යනකන්, උපරිම සහාය දෙමින්, දවල්ටත් නොකා සහයට සිටි සමීර මිත්‍රයට තුති!

Comments

  1. සුපිරි වැඩක් ඈ..
    Keep it up !!

    ReplyDelete
  2. සුපිරි වැඩක් ඈ.....
    Keep it up..

    ReplyDelete
  3. පින් සිද්ද වෙන වැඩක්...

    ReplyDelete
  4. දැක්කද ඒ ළමයින්ගේ හිනාව
    ඒක ඇත්තම හිනාවක්

    ReplyDelete
  5. අපිට මේ හුඟක් දේවල් දීල තියෙන්නේ වල් අලි!
    අපි ඒ ගැන පස්සෙ කථා කරමු.
    මෙම ව්‍යාපෘතියේ තිරසර බව ගැන සැලකිලිමත් වීම ඉතාමත් අගය කරනවා. අඩුම ගානෙ මාස 6ක් යනතුරුවත්. දැන් අපිට තියෙන්නෙ ඒ කාර්යය තව දිර්ඝ කාලයකට ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියයන එක ගැන සැලකිසිමත් වීම. ඒ කියන්නේ මේ නාලන්දාවේ ඵමයි පරිගනක භාවිතය අඛන්ඩව සිදු කරන්නේ කොහොමද කියල අවදියෙන් සිටීමට සුදුස වැඩ පිළිවෙලක් සකස් කිරීම.
    සුභ පැතුම් ඩනිස්ක.
    (මේ වගේ පපුවට වදින වැඩ කරන්න අවස්ථාව ලැබෙනකොට මොකද හිතෙන්නේ? )

    ReplyDelete
  6. අගයමි ඔබේ වෙහෙස මහන්සිය.
    සතුටු වෙමි දරුවන් සතුටුවන දෙස බලමින්.

    මින් ඉදිරියට මේ දරුවන්ට පරිගණක පාඩමක් දෙකක් කියලා දෙන්ට දවසක් දෙකක් කැපකරන්ට මමද කැමැත්තෙමි.

    ReplyDelete
  7. අැත්තටම සුන්දර වැඩසටහනක්. ඩනිෂ්ක අැතුලු සහභාගිවූ සැමට ශක්තිය සහ ෙෙධර්ය පතනවා.

    ReplyDelete
  8. අපූරු වැඩක්..මම අර සිනා සංග්‍රහය පින්තුරෙටත් හරිම ආසයි! :)

    ReplyDelete
  9. හුඟක් වටිනා වැඩක්. පරිඝනක පරිත්‍යාග කළ පොඩි දරුවාටත්, කටයුතු සම්බන්ධීකරණය කළ, ගොඩ නැගිලි ඉදි කිරීමට හවුල් වුණු සැමටත් බොහොම පින්.

    ReplyDelete
  10. ඉතා අගේ ඇති වැඩක් ධනිශ්ක!

    ඇත්තටම හැම දෙනාටම මේ වගේ දෙයකට දායක වෙන්න හැකි නම් කොයිතරම් විශාල කටයුත්තක් කල හැකි වෙයිද

    ReplyDelete
  11. ඔය මහන්සිය අපතේ යන්නැ..සැමට ජය....

    ReplyDelete
  12. ඔය මහන්සිය අපතේ යන්නැ..සැමට ජය....

    ReplyDelete
  13. ඔය මහන්සිය අපතේ යන්නැ..සැමට ජය....

    ReplyDelete
  14. ඉතාම වටිනා සමාජ සත්කර්යයක්.දායකවු සැමට පින්.

    ReplyDelete
  15. කැලයේ පිපෙන මල්වල ඇස් පාදන්න ඩණිෂ්කගේත් ඒ සමග වැඩ කරන අන් සැමගේත් උත්සාහය අගය කරමු! එය මල් පළ ගැන්වේවා!

    ReplyDelete
  16. Great work!!Indeed!!
    "The difference between a helping hand and an outstretched palm is a twist of the wrist."

    ReplyDelete
  17. Great Work!! Indeed
    "The difference between a helping hand and an outstretched palm is a twist of the wrist."

    ReplyDelete
  18. මේ වගේ වැඩ දකින්නත් ආසයි. මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු. ඇත්තටම ලංකාවට ඕනේ මේ වගේ අයයි. අනේ ඔබ වැනි අය රටටම වාසනාවන්.

    ReplyDelete
  19. මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු. අපේ රටට උවමනා ඔබ වැනි අයයි. ඔබ වැන්නන් අනේ වාසනාවන්.

    ReplyDelete
  20. Hi Danishka,
    This is some great work all you guys are doing.
    I could get some assistance from some friends but need the Blog report to be in English.The photos are excellent.
    Please talk to Deepani as I have already told her what is needed.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක