Tuesday, September 28, 2010

OpenOffice.org අනාගතය..

OO.org ව්‍යාපෘතිය සඳහා ඔබ දුන් සහාය අගය කරන අතර ඔබ ප්‍රජාසේවයක් වෙනුවෙන් කළ ඒ කටයුත්ත Oracle සමාගමේ ආධිපත්‍යයට යට නොවන බව සතුටින් දන්වා සිටිමි.

පසුගිය දිනවල OpenOffice.org ව්‍යාපෘතියේ අනාගතයට අදාලව වෙනස් කම් රැස්ක සිදුවූ අතර.

අද දින සිට ආරම්ඹ වන The Document Foundation මඟින් මෙතෙක් OpenOffice.org ප්‍රජාව සිදුකළ මෙහෙය Oracle සමාගමේ බලපැමකින් තොරව සිදු කරනු ඇත.

දැනට OpenOffice.org වෙළඳ සලකුණ පවා හිමිකරගෙන ඇත්තේ Oracle සමාගමයි, එනමුත් OpenOffice.org හි කේතය LGPL නිසා කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට කටයුතු කරගත හැකි වේ.

The Document Foundation සඳහා සම්බන්ද වීමට Oracle සමාගමටද ඇරයුම් කර ඇති අතර Red Hat, Novell, Google, Canonical වැනි ආයතන මෙම ක්‍රියාදාමයට ශක්තිය ලබාදෙන අතර නිදහස් මෘදුකාංග ලොවේ දැවැන්තයා වන RMS පවා මෙම නව පියවරට සුභපතන ලදි. RMS ඉල්ලා සිටියේ නිදහස් නොවන ඇඩෝන භාවිතයෙන් වලකින ලෙසයි.

ඉතින් නව LibreOffice වෙත ලොව නන්දෙසින් සුභපැතුම් ගලා එන අතර දැනට OpenOffice.org සඳහා භාවිතා වන යටිතල පහසුකම් එලෙසම භාවිතාවේ. සිංහල ආශ්‍රීත පරිවර්තන සියල්ල මේවන විට ආරක්ෂිතව තබාගෙන ඇත (ඔරකල් පිස්සු කෙලිද දන්නේ නැනේ) ;-)

නිදහස් සහ විවෘත මෘදුකාංග ලොවේ නිවැරදි පියවරක් වූ මෙම කාර්යය සඳහා අපගේ සහාය නොමදව LibreOffice සඳහා ලබාදෙන අතර ඉදිරියේදි නිකුත්වන ලිනක්ස් මෙහෙයුම් පද්ධති මඟින් මෙය පෙරනිමියෙන්ම ලබාගත හැක. තවද මෙහිදි ගුණාත්මක බවෙන් කිසිදු අඩුවීමක් සිදු නිවෙන අතර
පදනමක් යටතේ කටයුතු සිදුවන බැවින් පෙරටත් වඩා හොදින් කටයුතු සිදුවිය හැක.

නිදහස් මෘදුකාංග ලොවේ පදනමක් ලෙස ඉතා විශාල සේවයක් කරන ආයතන දෙකක් ඇත. Mozilla සහ Gnome එම පදනම් දෙකයි. ඉතින් ඒම පදනම් දෙස බැලිමේදි ඔබට කිසිදු චකිතයක් ඇති නොවනු ඇතැයි සිතමි.


නිදහස් සහ විවෘත මෘදුකාංග ප්‍රජාවට ජයවේවා!

13 comments:

budhajeewa said...

හෆ්ෆේ ලොකු දෙයක්. නැත්තං Java පාවිච්චි කළැයි කියලා Google එකට ලොකු ලයින් දෙන්න ගියා වගේ, ඔය Oracle කාරයෝ OO.org පාවිච්චි කරන අපිටත් එක එක කට කැඩිච්ච කතා කියන්න එන ගොඩක් ඉඩ තිබ්බා!

Dasun said...

අපිට කලින් ට්විට් කරන්න නේද අපිට අද උදේ මොනවත් කිව්වෙ නැත්තෙ? :(

Gaveen said...

@Dasun: I think the news broke out in the afternoon or evening, i.e., morning in US. :)

ඩනිෂ්ක said...

දසුන්: උදේ නමත් කීවනේ මම :)
නිළ නිවේදන එලියට එනකන් ලිව්වේ නැත්තේ එකයි. මුලින්ම ලිව්වා කියලා මට හම්බෙන දෙයක් නැනේ :D

ඩනිෂ්ක said...

@gaveen, but OUSL session was before the official news :) that why i gave a small info including the foundation name, and the product name.

Rajeen said...

ෂා, ඇත්තටම ලොකු දෙයක්. මේකෙන් OO.org අනාගතය සුරක්ෂිත වෙයි කියලා හිතන්න පුළුවන්. කොහොම උනත් Oracle පිස්සු කෙලින්නේ නැතිව හිටියොත් ලොකු දෙයක්. :)

Pravin Indranama said...

මේක හොඳ පියවරක්.

Hasitha ජයසූරිය said...

අම්මෝ දැන් බය නැතුව OO.org පාවිච්චි කරන්න පුලුවන්

Prabath Galagamage said...

සමාගමක ආධිපත්‍යයෙන් ගැලවිච්ච එක කෝකටත් හොදයි. හැබැයි තවම අපේ දේශීයකරණය තියෙන්නෙ ඕපන් ඔෆිස් ඇතුලෙ නේද?

ඩනිෂ්ක said...

පරිවර්තන මම ලග තියෙන්නේ. ඒවා කල් ඇතිව කළා TDF එලියට එන්න කලින් ;-)

(පොස්ට් එක ලිවේ නිවුස් බලලා නෙමේ) :D

ධනික | Dhanika said...

සෑහෙන්න වටින දෙයක්. ස්තූතියි මේ ගැන දැනුවත් කළාට!

Bunny ! said...

Oracle හැමදාම පේන කිය කිය ඉදීද ? :P

එළකිරි :D සතුටුයි සතුටුයි :D

ශාකුන්තල said...

පාටියක් දාමු! :D