Skip to main content

සාගල පුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහන – 2013 මැයි මස 18 දිනට මූල්‍ය තත්වය



හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත.


මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු.
තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව  මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත.
රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ.
  • හර්ෂණ වීරසිංහ
  • ජීවන් සූරිය ආරච්චි
  • බන්දුල රණතුංග
  • තිස්ස දොඩංගොඩ
  • රෝහණ දිසානායක
  • අසංග අමරවංශ
  • සිසි කැළුම්
  • ලක්ෂාන් පෙරේරා
  • ප්‍රවීන් ඉන්ද්‍රණාම
  • කල්ප පැතුම්
  • ඩනිෂ්ක නවීන්
මෙම වයාපෘතියේ සාර්තකත්වයට මූල්‍යමය මෙන්ම ප්‍රචාරණයෙන් සහයෝගය දැක්වූ ඔබ සැමට අපගේ අවංක ස්තුතිය පිරිනමමු. ඔබගේ සියළු සහයෝගයන් අනාගත පරපුරේ නැණ පහන් දැල්වීම සඳහාම වනු ඇත.
මෙම පාසලයේ දරුවන් සහ ගුරුවරුන් සඳහා පරිගණක භාවිත කිරීමට අවශ්‍ය මූලික දැණුම ලබා දිමේ පුහුණු වැඩ සටහනක්  ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්. මේ සඳහා දායක වීමට කැමති අය වෙතොත් අප වෙත දන්වන්න.
 -------------------------------------------------------------------------------------------------------------

ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.

මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.

ගිණුම් අංකය: 8480050534
බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.
ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්
ගිණුම් වර්ගය: ඒකා බද්ධ


COMMERCIAL BANK, UNION PLACE
ACC NO: 8480050534
ACCOUNT HOLDERS
MR BANDULA PUSHPAKUMARA RANATUNGA
OR
MR WELIVITIGODA HEWAGE KALPA PATHUM


මූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය: 0714315426
විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} com
කල්ප පැතුම්:   callkalpa {[AT] } gmail {[DOT]} com 

පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය:  0718217443

Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...