Skip to main content

රාජ්‍ය අංශයේ බබා අඩවි...

අද තිලින එක්ක පොඩි කයියක් ගහද්දි එකපාරටම ඇදිලා ආපු මාතෘකාව.
මේක මතක් කළාට තිලිනට ස්තුතියි.




මීට වඩා හොද එකක් 5වසරේ ළමයෙකුත් හදාවි. :)




බලන්නකෝ ගිහිල්ලම. www.meteo.slt.lk



තව එකක්...

Comments

  1. බලාගෙන .. අකුණු වදී එකෙන් .. දුක තමා..

    ReplyDelete
  2. අනේද කියන්නෙ!
    කවදද හැදෙන්නෙ.
    (සමහර විට මේ ආරම්භය වෙන්න පුළුවන්)
    එහෙමනම් ඉක්මනටම හැදේවි කියල ප්‍රාර්ථනා කරනවා!
    කෝකටත් හොයල බලන්නම්, රාජ්‍ය සේවකයෙක් හැටියට.

    ReplyDelete
  3. I am not commenting on any Sri Lankan websites, and don't want to public the reason :P

    If anyone want any advice on websites I am always happy to do that.

    Cheers,
    Chamara

    ReplyDelete
  4. අනේ අම්මපා මෙහෙමත් වේබ් සයිට් කිරීමක්..

    ReplyDelete
  5. I saw this site two years back but no one to tell my comments or send comments to them except me.

    Although we are a Buddhist country, we do not have any website in the Ministry of Buddha Sasana. I spoke to Hon. Bandarawela Wimalananda Thore (Very familiar in IT) about this and nothing happened.

    Make some discussions on this situation.

    Kawshala Kapila Kumara
    Director, IT
    Small Fishers Federation Lanka

    ReplyDelete
  6. මේවාට කියන්නේ බබා අඩවි නෙවේ...

    ළදරු අඩවි!

    ලැජ්ජාවේ බෑ පොඩි එකා... :D

    ReplyDelete
  7. මේ අඩවියේ හොඳ පැත්තකුත් තියෙන්වා නේද?
    අනික් රාජ්‍ය අංශයේ අඩවි වලට වඩා මේක යාවත්කාලීනයි.

    බැරිවෙයිද පොඩි සහයෝගයක් දීලා මේකේ හැඩ රුව ටිකක් හොඳ තත්වයකට ගන්න.

    අනික් කරණය තමයි online weather data feed එකක් ගන්න පුලුවන් නම් ඔය weather ගැජට්ස්, විජට්ස් සහ IM client වලට වුනත් දෙන්න පුලුවන්නේ

    ReplyDelete
  8. මේක හදල දෙන්න තමයි උත්සාහ කරන්නේ.. ප්‍රවෘත්ති වලට යවන කොලේ මේකට ස්‌කෑන් කරල ද කොහෙද දාන්නෙ.. මේවට උදව් කරන්නත් ටිකක්‌ අමාරුයි නෙ..

    ReplyDelete
  9. හැබයි මේක හදන්න ගාස්තුව නම් ඉලක්කම් 6ක එකක් වෙන්න ඇති. එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ ඉන්න අයගෙ හැටියට මෙහෙම එකක් වත් තියෙන එක ගැන මම නම් සතුටු වෙනව

    ReplyDelete
  10. බබා පවු

    ReplyDelete
  11. This is very true..appearance is very poor...but as Prasan mentioned, website is updated & may be useful for someone who really needs to get some information...
    Rather than just criticizing, we should try to constructively think...

    ReplyDelete
  12. ඔය තරම්ම දුර්වල නැතත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල සඳහා ලඟදී දියත් කෙරුනු වෙබ් අඩවියන් තුලද සැහෙන්න තියෙනවා මේ මහනුවර එක පොඩ්ඩක් බලන්න http://www.kandy.ds.gov.lk සිංහල යතුරැ ලියන වැරදි සෑහෙන්න. අනෙක් භාශා දෙකේදී ප්‍රාදේශිය ලේකම්ගේ ඡායාරූපය නෑ. දෙමල එකේ උදෘතයේ සිට වැරදි. වැරදි හොයනවාම නෙවෙයි රජයෙන් සකසා දුන් ආකෘතියට හරියට විස්තර ඇතුලත් කිරීමක් වත් ඔවුන් සිදු කර නැහැ.

    ReplyDelete
  13. නිවැරදි කිරීමක්. සමාවන්න, මෙම ප්‍රාදේශිය ලේකම් කාර්යාල සඳහා වෙබ් අඩවි වල ආකෘතිය රජයෙන් ලබා දුන් එකක් නොව ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සැකසූ මුල් ආකෘතියට අනුව සෑදුවකි.

    ReplyDelete
  14. මගේ යාලුවෙක් මේක දැකලා project proposal එකක් දුන්නා (විශ්ව විද්‍යාල දෙවන වසර ශිෂ්‍යයෙක්).. මම හිතන්නේ Drupal පාවිච්චි කරලා හැදුවද කොහෙද.... ඕකේ තියෙන්නේ පින්තූර.. ඇත්ත වගු නෙමෙයි...

    ReplyDelete
  15. උඹලා ඔක්කෝම මහ ලොකු IT ඔස්තාර්ලානේ? ඉතින් යකුනේ මේ වෙබ් සයිට් එක පල් නම් ලියපල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට ලියුමක්. ඒකේ ලියපල්ලා මීට වඩා දහස් ගුණයක් හොඳ වෙබ් සයිට් එකක් නිර්මාණය කරලා දෙන්නම් කියලා නොමිලේ... ඇයි උඹලාට ලැජ්ජාවෙ බැහැලුනේ?

    යකුනේ, මේ වෙබ් සයිටි එකේ තමයි පැය 6 න් 6 ට චන්ද්‍රිකා ඡායාරූපය අළුත් වෙන්නේ... මේ වෙබ් සයිට් එකේ තමයි අපේ නගර/පළාත් වල කාලගුණ අනාවැකි දෙන්නේ...

    මට කියන්න තියෙන්නේ එක දෙයයි: මේ වෙබ් සයිට් එක සරලයි, නමුත් අනර්ඝයි.

    ReplyDelete
  16. නිකන් බොරුවට නිර්නාමිකව අවිල්ල කෑගහන්න එපා.. මේ වෙබ් අඩවිය හරියට හදල දෙන්න දැනටමත් කටයුතු ආරම්භ කරල තියෙන්න.. නිර්නාමිකව ඇවිල්ල වෙලද දැන්වීම් දාලා නිකන් නෝන්ඩි වෙන්න එපා.. මේ වෙබ් අඩවියේ ප්‍රවුත්ති වලට යවන කොලේ ස්‌කෑන් කරල දානව තමයි.. ඒව හැමදාම යාවත්කාලීන වෙනව තමයි.. ඒත් මොන වැඩේ උනත් පිලිවෙලක්‌ තියෙන්න ඕන.. ආණ්‌ඩුවෙ වෙබ් අඩවියක්‌ ඔය වගේ දෙකයි පනහට තියන්න ඕන නැහැ..

    ReplyDelete
  17. මේ සයිට් එක template එකක්. මට ඒක අවංකවම කියන්ඩ පුලුවන්.
    මොකද මම html ඉගෙනගන්න කාලෙ මම මේ template එකෙන් තමා ඉගෙනගත්තේ background එකක් දාල ඒක repeat කරන විදිහ.
    මේක මහ ලැජ්ජ නැති සයිට් එකක්.
    ගාන නං ලොකුවට ගිහින් ඇති.

    මේක අප්ටු ඩේට් තමා.
    මොකද අතින් නේ අප් කරන්නේ :P

    anonymous ඇවිත් ලොකු කමෙන්ට් දැම්මට වැඩක් නෑ.
    http://www.w3schools.com/
    එකට ගිහින් html ඉගෙන ගන්නවා.

    අනිත් එක සයිට් එකේ
    color matching, font sizing අන්තිමයි.
    ඒවා හදාගන්ඩ.
    සයිට් එකක් අතින් අප්ඩේට් කරන එක මහ ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්ඩ එපා.

    ReplyDelete
  18. රාජ්‍ය ආයතනයකට ඉදිකිරීමක් සිදුවන විට නිසි ප්‍රමිතියකට නේද හදන්නේ?

    කිසියම් දෙයක් මීලදි ගන්නාවිට විගණන කටයුතු වලටත් ලක්වනවා නේද?

    ඉතින් 21 වන සියවසේ දි රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියක් ප්‍රමිතියෙන් තොරව එලිදැක්වීම හරිද?

    ReplyDelete
  19. අහ් මේ ඉන්නෙ... "නිර්ණාමික මහතා" :) පුහුල් හොරා කරෙන් දැනේ කියන්නෙ මේවට තමයි...

    ReplyDelete
  20. ශ්‍රී ශානු, තරිඳු, කරුණාකරලා මාතෘකාවට අදාලව කතා කරන්න.

    මම නිර්නාමිකව ඉදිරිපත් වෙන එක ගැන නෙමෙයි ඩනිෂ්ක මහත්තයා මේ සටහන ලියලා තියෙන්නේ. එතුමා කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දුර්වලයි කියලයි. අනික එතුමා තීරණය කරලා තියෙනවා තමුන්ගේ බ්ලොගයේ නිර්නාමික අදහස් වලට ඉඩ දිය යුතුයි කියලා. ඒකනේ මට ඒක කරන්න හැකිවෙලා තියෙන්නේ. ඒක නිසා ඒක ගැන ඔහෙලා කලබල වෙන්න එපා.

    තවත් මේක ගැන කියනවා නම්, ඩනිෂ්ක මහත්තයා ලියන ලියන සෑම දෙයකටම "එසේය", "එසේය" කියලා අදහස් දක්වන එක නෙවෙයි වැඩේ. එතැනදි සංවාදයක් ඇති වෙන්නෙ නැහැ. ඔය ශ්‍රී ශානුලා තරිඳුලා ඇත්තටම කරන්නේ ඩනිෂ්ක මහත්තයාට හතුරු කමක්. ඇයි, එතුමා ලියන සෑම දෙයකටම "එසේය" කියන කොට එතුමාගේ තර්ක කිරීමේ හැකියාව මොට්ට වෙනවා.

    මම කියන්නේ මෙච්චරයි: මට මම පදිංචි වෙලා ඉන්න කොළඹ නගරය සඳහා කාලගුණ අනාවැකිය දැනගැනීමට අවශ්‍යයි. ඒ වාගේම අළුත්ම චන්ද්‍රිකා ඡායාරූපය දැකගැනීමට අවශ්‍යයි. මගේ අවශ්‍යතාවන් තත්පර 5 ක් වැනි සුළු කාලයකින් මට ලබා ගත හැකිවන්නේ මේ කියන වෙබ් අඩවියෙනුයි. මේකට නොයෙකුත් විච්චූරණ (introduction වැනි) දැම්මහම මොකද වෙන්නේ? මම කලින් කියපු කාරණා ලබා ගන්න සෑහෙන වෙලාවක් යනවා. මතක තියාගන්න ලංකාවේ අන්තර්ජාල සබඳතා හරිම මන්දගාමීයි. සමහර සේවා සපයන්නෝ කිලෝබයිට් ගාණට මුදල් අයකරනවා; නැතිනම් නොමිලේ දෙන ගිගාබයිට් කෝටා එකෙන් කපනවා. ඉතින් ඒ හේතුව නිසාම වෙබ් සයිට් එකේ විච්චූරණ වැඩි වුනාම වැඩියෙන් මුදල් ගෙවන්න ඕනෙ. Dial-up සබඳතාවක නම් චිච්චූරණ එන්නෙත් හෙමිහිට - ඒ නාස්තිකාර කාලය සඳහා මුදල් ගෙවන්නත් ඕනි. මේ ආර්ථික අහේනි කාලේ කාටද ඔය තරම් සල්ලි විසි කරන්න පුළුවන්? මෙතන මට බැනලා comments ලියන IT උදවියට නම් තමුන් වැඩ කරන කොම්පැනියේ කොම්පියුටරයෙන්ම නොමිලේ අන්තර්ජාලයට යන්න පුළුවන්නෙ? ඉතින් එහෙම නැති අපි වගේ අයගේ අපහසුව මේගොල්ලන්ට තේරෙන්නෙ නෑ.

    අපි පය ගහලා ඉන්නේ මේ ලංකාවේ ගෙන්දගම් පොළවේ. අපි හිතෙන් ඇමරිකාවේ ජීවත් වෙන අය නෙමේ. අපේ වෙබ් සයිට් තියෙන්න ඕනෙ අපේ අන්තර්ජාල වේගයන්ට සහ අපේ මුදල් පසුම්බියට සරිලන ආකාරයට.

    පැහැදිලි, සරල වෙබ් අඩවියක් අප හට ඉදිරිපත් කිරීම වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මල් මිටක්!

    ReplyDelete
  21. මේ වෙබ් අඩවිය දුර්වලයි කියන එක දෙකක් නැහැ . හොඳ වෙබ් අඩවියක් කියන්නේ අනං මනං ගොඩක් තියෙනව කියන එකක් නෙමෙයි. ඉතාම සරලව තියෙන තොරතුරු ටික පිළිවෙලට ඉදිරිපත් කරන එකක් කියල මට හිතෙන්නේ. අනිවාර්යයේන්ම මේක මීට වඩ හොඳට ඉදිරිපත් කරන්න පුළුවන් ඉක්මනින්ම පිටු බලන්න පුළුවන් වෙන විදිහට.

    ReplyDelete
  22. මේ ඇනොනිමස්‌ මහතා හිතාගෙන ඉන්නෙ හොද වෙබ් අඩවියක්‌ කියන්නෙ රූප දාල තියෙන විච්චූරන තියෙන එකක්‌ කියලා. එහෙම එකක ගැන නෙවෙයි මෙතන කතා කරලා තියෙන්නේ. මේ වෙබ් පිටුව මීටත් වඩා වේගයෙන් පූරණය වෙන්න සහ පැහැදිලිව කැත නැතුව විස්‌තර බලාගන්න විදිහට හදන එකයි වැඩේ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක