Skip to main content

රිච්මන්ඩ් පොඩ්ඩෝ...




ඊයේ (ඔක්තෝම්බර් 27 වන දින) ගාල්ල රිච්මින්ඩ් විද්‍යාලයේ වැඩසටහනකට සහභාගි පැමිණිමේදි නෙත ගැසුණු මේ පොඩිත්තන් නිසා සුලුවෙන් හෝ සටහනක් කරන්නයි මේ වැයම.



මලීගේ අතින් ලියවුණු ඇගේ කුඩා පංතිවල සිදුවීම් කියවද්දි මෙන්නම මෙම පුංචි මල්ලි දැක්කමත් අපව ළමා කාලයට කැදාවාගෙන යනවා.



අධ්‍යාපන කටයුතු අතපසු කරමින් තමන්ගේ පාසලේ මල්ලිලාට දැණුම බෙදාදෙන්න, වැඩසටහනට උරදුන් අපේ කල්ප මලයාටත් ගොඩක්ම පිං.



වැඩසටහන ඉතින් නිදහස් සහ විවෘත මෘදුකාංග [Free and Open Source Software]හදුන්වාදීම තමයි.



හැබැයි විශේෂත්වයක් තියෙනවා, ලොකු ලොකු අයට අපෝ Linux නම් අමාරුයි කිවට 8වසරේ මල්ලිලා ටික ඊයේ අහපු ප්‍රශ්න වලින් වගේම ක්‍රියාවෙන්ද ඔවුන්ගේ උනන්දුව පේන්න තිබුනා. හොදම දේ තමයි හවස 6.30 වන විට දුරකතනය නාදවෙන්න ගත්ත, බලද්දි ගෙදර ගිය ගමන් පොඩ්ඩෝ Fedora සහ Ubuntu දාන්න පටන් අරගෙන.



ඒ වගේම ගාල්ල සුමන්ගලෝදය පාසැලේ ගුරුතුමා තමා මේකටයුත්තට රිච්මන්ඩ් විද්‍යාලයට සහාය දුන්නේ. කොටින්ම දුරකතන ඇමතුම් මඟින් රුහුණ විශ්ව විද්‍යාලය, ලිනක්ස් මිතුරන් යන සැවොම සම්බන්ධීකරණය කළේ එතුමයි. පාසැලේ පරිගණක විද්‍යාගාරයේ කොටස් ගලවගෙන යන ගුරුවරුන් සිටින යුගයක එතුමන් සියලු ගුරුවරුන්ට ආදර්ශයක්. ඔන්න උපහාර SIM දෙනවනම් දෙන්න ඔනා මේ වගේ අයට. එත් මෙවැනි ගුරුවරුන්ට ඉහලින් සිටින අයට මෙම කටයුතු කෙරෙහි මෙතරම් ඇල්මක් නොති බීම අවාසනාවක්.



නම කියන්න බැරි උනත් අධ්‍යාපන අමාත්‍යාංශයේ රටට වැඩක් කරන කැපවෙන මහතෙකු ඉන්න බව යන්තමින් හෝ කියන්න කැමතියි. ඉතින් මේ මට්ටම් දෙක අතර මැද ස්ථරය [කළාප මට්ටමේ අය] පිස්සු නැටුවොත් මේ එකක් වත් හරියට වෙන එකක් නැ.

වැඩසටහනේ පිංතූර ටිකක්: http://www.flickr.com/photos/danishkanavin/tags/richlug/

Comments

  1. අනාගත පරපුරට වින්ඩෝස්‌ වලින් එහා ලෝකයක්‌ පෙන්නන එකේ මාර වටිනාකමක් තියෙනවා. මෙවැනි වැඩසටහන් දිගින් දිගටම කිරීමට යෝධ බල යෝධ ශක්‌තිය ලැබේවා !!

    ReplyDelete
  2. this is really good machan. Hope I will get some free time as well :)

    ReplyDelete
  3. @ shashika: thanks :)

    @ chamara: ha ha your the next target mate!

    @ තිලින: දැනටමත් වින්ඩෝස් වලින් දුරස්වුණු මල්ලිලා නංගිලා ඉන්නවා :)

    ReplyDelete
  4. මේ ලොක්කා ලිනක්ස් වලට යන්න කලින් ඔයාත් කම්පියුටරේ භාවිතා කරන හැටි ඉගෙන ගත්තේ වින්ඩෝස් වලින් නේද?
    පුළුවන් නම් වින්ඩෝස් භාවිතා කරන ගමන් ලිනක්ස් ටිකක් වැඩියෙන් භාවිතා කරන්න පොඩි එවුන්ට උනත් කියලා දෙනවා.

    කන්න දුන්නු අත හපා කන්න එපා මිනිහෝ...

    ඔය කවුරුත් ලිනක්ස් භාවිතා කරන්න කලින් වින්ඩෝස් තමා භාවිතා කලේ. වින්ඩෝස් වලින් ඉගෙන ගෙන තමයි ඔයත් දැන් ලිනක්ස් භාවිතා කරන්නේ. හැමකෙනාම එහෙම තමා. සත්‍යය සගවන්න බැහැනේ.

    තමන් කරන වැඩේ හරියට කරන්න.
    වින්ඩෝස් වලින් මිනිස්සු අයින් කරන්න කලින් පොඩ්ඩක් බලන්න වින්ඩෝස් වල තියෙන යුසර් ෆෙන්ඩ්ලි ගතිය ලිනක්ස් වල තියෙනවාද කියලා.

    පොඩ්ඩක් අඩුයි නේද....?

    මමත් වින්ඩෝස් එක්ක උබුන්ටු පාව්ච්චි කරනවා එත් වින්ඩෝස් තරම් යූසර් ෆෙන්ඩ්ලි ගතියක් මටනම් උබුන්ටු වල නෑ..

    ඒත් මම නම් මගෙන් අහන ඕනම කෙනෙකුට කියන්නේ මුලින්ම වින්ඩෝස් පාව්ච්චි කරන්න එතකොට ලිනක්ස් පාවිච්චි කරන එක ගොඩාක්ම පහසුයි කියලා....

    (හිතට ආපු දේ කෙලින්ම කිවුවා. වැරැද්දක් උනා නම් සමාවෙන්නග)

    ReplyDelete
  5. @Annonymous,
    මේක කන්න දීපු අතක් නෙවෙයි ඇමක්.

    මයික්‍රොසොෆ්ට් එක දන්නවා දුප්පත් රටවල අයට තම නිෂ්පාදන මිළට ගන්න වත්කමක් නැති බව. ඔවුන් කරන්නෙ දුප්පත් රටවල අයට අනවසර පිටපත් පාවිච්චි කරන්න දීල (නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ) කාලයක් තිස්සෙ මිනිසුන්ට මයික්‍රොසොෆ්ට් පුරුදු කරන එක. පස්සෙ මේක පිළිලයක් වගේ පැතිර ගියාම ඔවුන් නීතියෙ පිහිට පතනවා. දැන් මයික්‍රොසොෆ්ට් වලට හුරු වුණ කෙනෙකුට නීත්‍යානුකූල පිටපතක් මුදල් ගෙවල ගන්නව හැර වෙන විකල්පයක් නෑ. හරියටම මේ ගැන විස්තර ඇතුව කියන්න නම් ඉතින් වෙනම බ්ලොග් සටහනක් ඒකට වෙන් කරන්න ඕන.
    Try before you buy. :P

    Annonymous මහත්තයා තව අහනවා පරිගණකය පාවිච්චිය ඉගෙන ගත්තේ වින්ඩෝස් වලින් නේද කියල. ඇත්තටම ඒකෙන් අපි දේවල් ඉගෙන ගත්තෙ හොඳ හරිය හංගලා. Linux වලින් පටන් ගත්තනම් අපි දැන් පොරවල්.

    වින්ඩෝස් වල තියෙන user friendly ගතිය ලිනක්ස් වල නෑ කියනකොට නම් මට පස්ස පැත්තෙනුත් හිනා. ඔයා ලිනක්ස් දැකල නෑ.

    ---

    ඉතිරි ටික මගේ බ්ලොග් එකේ ලියන්නම්.

    ReplyDelete
  6. @ Annonymous,
    අපි කාටවත් වින්ඩෝස් දාන්න එපා කියන්නේ නැ. සල්ලි තියෙන අය ගනිවි. :)

    මෙතන කෙරෙන්නේ දැණුවත් කිරීමක්.
    මේ නිර්ණාමිකව ලියන්නේ හිතේ අමාරුවට සහ වැඩක් දැක්කම ඉවසන්න බැරි නිසා.
    උව මනාවක් තිබේ නම් තමන්ටම තමන් කැමති දෙයක් ගැන වැඩසටහනක් කරන්න පුලුවන්නේ.

    කරන අයට බනින එක තමා මේ වගේ අයගේ කාර්‍යය.

    තවත් දෙයක්, මේ කිසිදු වැඩසටහනකදි ලිනක්ස් විකිණීමක් සිදු වෙන්නේ නැ. දෙන්නේ නොමිලේ.

    තවත් දෙයක්, ඔනම කෙනෙක් මුලින්ම පාසැල් ගෙනියන්න ගත්ත පොත ගත්ත කඩෙන්ම දිගටම පොත් සහ පැන් පැන්සල් ගන්නවද?

    ඒ වගේම හැමොම තාම ලියන්නේ රට හුණු කැල්ලෙන් හෝ ගල් කූරකින්ද?

    කන්න දුන්න අත හපාකැමක් වෙන්නේ, අපි උදව් කළ කෙනෙක්ට එරෙහිව ගියොත්. ඔය කියන සමාගමෙන් අපිට නම් නොමිලේ ඉගැනුවේ නැ.

    අපි ඉගෙන ගත්තේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ උදව් නිසා. අනික නිදහස් අධ්‍යාපනය සඳහා වියදම් කළේ රජයෙන්. පාසැලට පරිගණක ගෙනාවේ මෙසමාගමෙන් නොමිලේ දුන් නිසා නොවේ.

    කියන්නම් වාලේ කියනවා මිසක් හිතලා බලලා කියලා නැ. :)

    පරිශීලකයාට පහසු වීම ගැන කතාව විහිලුවක්. අනික කිසිම පදනම් නැ මුලින්ම වින්ඩෝස් වලින් ඉගෙන ගන්න ඔනා කියන කතාවේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...