Skip to main content

Top 7 countries for SW Piracy - සිරිලංකාවත් ඉන්නවා නොවැ!

  1. Georgia
  2. Bangladesh
  3. Armenia
  4. Zimbabwe
  5. Sri Lanka
  6. Azerbaijan
  7. Moldova

these countries are with piracy rates of 90 percent or higher

The lowest-piracy countries are the US, Japan, New Zealand, and Luxembourg, all near 20 percent


source: Study finds software piracy growing

ඔන්න හැමදේටම අපේ රට මුලින්ම ඉන්නවා වගේ මේකටත් හොඳම තැනක ඉන්නවා. :)
අපරාදේ කියන්න බැ ආසියාවෙන් නම් අංක 2..

ඉතින් මේකට වගකිව යුත්තේ ගෙදර ඉන්න ඔබ නොවේ!

මේවා පාලනය කරන අය.....

මිනිහෙකුට කන්න සල්ලි නැත්නම් හොරකම් කරලා හරි කනවා.

ඒවගේම තමා අස්ප ගණන් වලට ලංකාවේ විකුණන මෘදුකාංග ගන්න තියා සාමාන්‍ය ජිවිතය ගෙනියන්න බැරි මිනිස්සු හොරෙන් තමා භාවිත කරන්නේ.

නිතිය විතරක් වැඩක් නැ.. මිනිස්සු ලග මුදල් නැත්නම්..
අධ්‍යාපන ආයතන වලට නොමිලේ පිටපත් දුන්නට වැඩක් නැ...

ඇයි බලධාරින් නිසි පිලියම් සහ විකල්ප වලට ඉබිගමනින් යන්නේ?

** යන බව දන්නවා එත් ගමන හිමින් **

අපේ රටට මේ වසරේ යම් සංවිධානයක සභහපති කමත් ලැබුනා...
ඒ මදිවට මේ අපේ රටේ තොරතුරු තාක්‍ෂණ වසර... ඉතින් ලොකේ පුදුම 7ට නැති අපි මෙහෙම හරි වසර අවසානයට පෙර ඉදිරියට ඒම කොච්චර පැසසිය යුතු කරුනක් ද?

වාසනාවන්... ඉංදියාවේදි මේ ගැන නිකුත් කළ වාර්තාවේ මුල්ම රටවල් 4 විතරයි තියෙන්නේ.. ලංකාවේ නම සහ අනිත් රටවල් දෙක නම් නැ.. :)

ඒ වගේම ඉංදියාව මුල්ම රටවල් 25ටවත් නැ. හේතුව ඔවුන්ට දරන්න පුලුවන් මිලකට මෘදුකාංග ලබා ගැනීමට හැකි වීම. නමුත් පකිස්තානය [10 වන තැන 86% ලබා] සහ චීනය [ 24 වන තැන 80% ලබා] මුල් 25 අතර ඉන්නවා.

තවත් දෙයක්....

සුද්දෝ අපිව මන්කොල්ල කැවා මීට වසර ගණනකට පෙර.
දැන් උන් අපිව ලැයිස්තුගත කරනවා අපී උන්ගේ එවා හොරට පාවිච්චි කරනවා කියලා.

අපේ රටේ කොතල හිබුටු ටික හරි අපේ අයිතියේ තියාගත්ත නම් අඩුම ගානේ ජපන් රටට හරි සද්දයක් දාන්න තිබ්බා.
ඒ විතරක් යැ.. අත් ට්‍රැක්ටරේ හදපු එක..

අපේ රටේ විරයොය් උන් උස්සන් ගියා...
රාහුල හාමුදුවන්ගේ දේහය තවමත් ගෝවේ පල්ලියේ..
සමාවෙන්න රජතුමා/පුද්ගලයා මතක නැ.. කාගෙද අර හිසත් රැගෙන ගියා කියනවනේ එංගලන්තෙට.

එත් ඒ ආධිකාලේ දැන් කරන්න දෙයක් නැ.
අපි යැපෙන්නේ එයාලගෙන්.

ඉංදියාව නම් කොයිර් දියමන්තිය ඉල්ලලා සද්දයක් දැම්මා.
එත් අපේ රටෙන් සද්ද වෙනුවට තව එකතුකරලා මොනවා හරි දෙයි.

මම මේ කිව්වේ මට හැගුනු දේ මිස මා අදහස් කරන්නේ නැ ඉස්සර අපෙන් ගත්ත දේට හිලව්වට අපිට නම්බුනාමයක් දෙන්න කියලා. කියන්න අවශ්‍ය උනේ අපි 2500 වසරක ඉතිහාසය ගැන පාරම්බානවා අපේ මුතුන්මිත්තන්ගේ කෙරුවාව පිහිටෙන්, එත් අද අලුතින් යමක් කරලද අපි?

අමතක උනානේ කියන්න..
වාර්තාවන අන්දමට මේ හොරට මෘදුකාංග භාවිතය නිසා ලංකාව තුළ 2008 වසරේ දි අහිමිව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 97 ලෙසයි සටහන් වෙන්නේ එය 2007 වසරේදි ඇමෙරිකානු ඩොලර් මිලියන 93 කි.

ඉංදියාවට 68%ක ප්‍රමාණයක් ව්‍යාජ මෘදුකාංග භාවිතයක් නිසා 2008 වසරේ දි ඇමෙරිකානු ඩොලර් මිලියන 2,768 ක මුදලක් අහිමිව ඇත.

Comments

  1. අපි ඉතිං හැමදාම ඉදිරියෙං නේ. හික් හික්.

    ReplyDelete
  2. ලංකාවේ අපිට සුද්දො දෙන ගණන් වලට හැමදේම ගන්න බැහැ. හැබැයි මේකට විසඳුම් තියෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ ගහන පොත් අඩු මිළ සංස්කරණ විදියට දකුණු ආසියාවේ අලෙවි කරනවා. මෘදුකාංග වලටත් මේ වගේ විසඳුමක් දෙන්න පුළුවන් නම් ලංකාවේ නම අර ලයිස්තුවෙ පහළට දාගන්න පුළුවන් වෙයි. මොකද අපි හොර කොපි පාවිච්චිකරත් එහෙම කරන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයිනෙ.

    ReplyDelete
  3. කිවව හැම දෙයක් ම සහතික ඇත්ත. වීර කැප්පෙටිපොල වීරයාගේ සිරස නම් ලංකාවට ගෙනවා එත් නොගෙනාවනම් තමයි හොද, ඇයි දන්නවද?
    එහේ තිබ්නානම් නම් ගෞරවයක් නැතත් හැමොටම බලගන්න වන්දනාමාන කරන්න හරි තිබුනා, මොකද එ ජාතියේ විරවරයෙක් නිසා,
    එත් එතුමාගේ සිරස ලංකාවට ගෙනත් ශ්‍රි දළදා මැදුර අභියස නිකන්ම නිකන් වළ දාලා තියෙනවා,
    එත් මිට වඩා එය මිනිසුන්ට දැක බලා ගන්න අතිතය සිහිපත් කරවන්න කමයක් සැලසුවාන මීට වඩා ජාතික අභිමානයක් රටෙ ජනතාවට ඇති කරවන්න තිබුන.
    මෙ ගැන මිට වඩා හොදට විස්තර ඇතිව කතා කරන්න තිබුනා වෙනම පොස්ට් එකක් පටන් ගත්තා නම්.

    ReplyDelete
  4. SW වලට නම් කියන්න තියෙන්නේ,
    හැමොම කැමතියි තමන් සල්ලි දිලා අරගෙන තමන්ගෙම කියාලා දේවල් තියාගන්න.
    තමිර කිවුව විදියට, මිළ අඩු සංස්කරණ වගේ ක්‍රම,
    එත් ඊටත් වඩා හොද නැද්ද පාසල් මට්ටමින්ම පටන් ගෙන නිදහස් හා විවෘත මෘදුකාංග වලට රට පුරුදු කරන එක.
    දැනට විශාල මුදලක් වියදම් කරගෙන රජය ගුරුවරුන්ව පුරුදු පුහුනු කලේ මෙකි නම නොකියන කඩුලු මහතාගේ ජනෙල සංස්කරණ වලටය.
    දැන් මෙ ගුරුවරුන් ව යළිත් FOSS වලට පුරුදු කරන්න තවත් සැහෙන මුදලක් වියදම් කරන්නත් වෙයි, සමහර පාසල් වල නම් මෙ ඉගෙන ගත්ත ගුරුවරු කරන දෙකුත් නැ, එක මම පෞද්ගලිකවම දන්නවා,
    අපේ රටෙ මිනිස්සු නිකන් දෙනවා නම් දෙමළ පත්තරෙත් ගන්නවනේ.
    වගකිමක් නැති, අනාගත දැක්මක් නැති, කඩුළු මහතාගෙන් මුදල් ලබන, මීට ඉස්සර පරිගනක කඩ වල දැනුම වෙනුවට බොරු විකුනපු නිළදාරින් ලොකු පුටුවල ඉන්න නිසා අපේ රටේ තොරතුරු තාක්ෂණයේ කළ දසාව ගැන නම් අනාවැකි කීමට නොහැකිය.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Chrome profile එක මැකීම

සාමාන්‍යන් අපි භාවිත කරන වෙබ් ගවේශක, එහෙම නැත්නම් බ්‍රවෘසර් වල ප්‍රොයිල් එකක් තියෙනව. කලක් භාවිත කරද්දි සමහර වෙලාවට මේක ක්‍රැශ් වෙන්න පුලුවන්. එක්කෝ අප්ග්‍රේඩ් කරද්දි ඉතා කලාතුරකින් වෙන්න පුලුවන්. අද හිතවත් ගුරුමහතෙක් වන ලක්ෂමන් තිලකරත්න සර් මේ කිහිප දෙනෙක්ට ක්‍රෝම් යාවත් කරාට පස්සේ ක්‍රෝම් නිසි ලෙස වැඩ නොකරන බව සඳහන් කළා. ඉතින් ලෙසිම විදිය පරණ ප්‍රොෆයිල් එක (පැතිකඩ) මකල දාන එක. පහත සඳහන් කරලා තියෙන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය අනුව ක්‍රෝම් ප්‍රොෆයිල් එක තිබෙන තැන. Windows 7, 8.1, and 10: C:\Users\ \AppData\Local\Google\Chrome\User Data\Default Mac OS X El Capitan: Users/ /Library/Application Support/Google/Chrome/Default Linux: /home/ /.config/google-chrome/default උදාහරණයක් ලෙස මේ මගේ (Linux) පරිගණකයේ ක්‍රෝම් ප්‍රෆයල් එක තිබෙන තැන. /home/danishka/.cnfig/google-chrome/Default මේ සඳහා ක්‍රෝම් ඇඩ්රස්බාර් එකෙ chrome://version/ ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න.  එවිට ලැබෙන තොරතුරු අතරේ Profile Path ලෙස Chrome හි profile එක තිබෙන තැන දිස්වේ.  දැන් ඉතින් මේක මකල දාන්න. වින්ඩෝස්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික