Skip to main content

අපි විතරද?

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ සිටින සුලු පිරිසක් පමණක් විවෘත සම්මත (Open Standards) සහ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට වලිකන බවයි. මෑත කාලයේ කියුබාව නිදහස් සහ විවෘත මෘදුකාංග වැදලගත් අතර අලුත්ම මුහුණු දෙකක්ද මේ අතරට දැන් එක් වී ඇත.

පසුගිය දිනෙක ඉංදියාව සිය විවෘත සම්මත යන් පිළිබඳ පිළිවෙත (Open Standard Policy) නිම කළ අතර. නොර්වේ රාජ්‍යද ඉතා වේගයෙන් මෙම නිදහස කරා ඇදියන්නට පටන්ගෙන ඇත. නොර්වේ රාජ්‍ය තුළ පාසැල් සහ පලාත් පාලන ආයතන තුළ මේ වන විට OpenOfffice.org සහ අනෙකුත් නිදහස් සහ විවෘතු මෘදකාංග භාවිතය ප්‍රවර්ධනය වෙමින් පවති.

අදාල ලිපිය:

Public administrations in Norway are increasingly turning to open source, says Martin Bekkelund, business developer at Friprog, the country's open source competence centre. This year, all ninenteen county administrations are using open source in some form, compared to 76 percent in 2005.

Uses varies from server operating systems , content management systems to OpenOffice. A recent example is procurement of an open source telephone system based on Asterisk in the county of Akershus. "Moreover, now 75 percent of all 430 municipalities are using this type of software, including for example OpenOffice in high schools and a complete stack of server software."

Five years ago, a little less than 60 percent of municipal administrations used open source. In Norway there are roughly a thousand public offices, which includes government offices, municipalities and counties, now more than 60 percent uses open source, compared to 34 percent in 2005.

Bekkelund says public administrations should work together to reuse data, knowledge and software. Failing to collaborate on this will result in increasing IT costs and mounting bureaucracy. "This in turn leads to decreasing quality and a loss of knowledge."

"On the other hand, forcing public administrations to switch to open source is not the way to go, public sector need to see the benefits of sharing and collaboration for themselves." This explains why Friprog is working on incentives to make open source more attractive. The cente has created a site where public administrations and IT service providers can work together, called Delingsbazaren.

A similar website focusses on sharing documentation, research, case studies and data, Kunnskapsnazaren. Friprog also organises conferences, such as the GoOpen conference taking place in Oslo in March next year. "Free and open source has become a natural part of the market."

Bekkelund presented on Friprog's progress 25 September at the Kosova Software Freedom conference that took place in the city of Prishtina.


ලංකාවේ දැන් සමෘද්ධි සංවර්ධන නිලදාරින් හරහා පවා බලපත්‍ර සහිත මෘදකාංග ප්‍රවර්ධනය සිදුවෙමින් පවති.
http://itpro.lk/node/7864

මේක වැරදියට තෙරුම් ගන්න එපා. බලපත්‍ර සහිත මෘදුකාංග ප්‍රවර්ධනයේ වැරද්දක් නැ ඒ සඳහා යන මුදල් අපිට දරන්නට හැකිනම්. ඉපදෙන්නට ඉන්න ළමයිනුත් ණයකාරයින් වෙලා ඉන්න අපේ රටට ගැලපෙන්නේ මොකක්ද කියලා මොහොතක් හිතන්න.

ඒවගේම සෝබනේට වෙජිටෙරියන් වගේ දැන් සෝබනේට FOSS හැදිලා වගේ. මම භාවිත කරන්නේ FOSS කිමෙන් අමුතු පිළිගැනීමක් නැ. මොකද මේ FOSS හෝ FOSS නොවන ඕනෑම මෘදුකාංග යකින් සමස්තයක් ලෙස වන්නේ අපේ කාර්යය පහසු කිරීම. අවශ්‍ය වෙන්නේ අදාල පුද්ගලයා තම ප්‍රජාව තුළ නිදහස් සහ විවෘත මෘදුකාංග අවකංව ප්‍රවර්ධනය කරනවා ද නැද්ද යන්න.

අනෙක් කාරණය වන්නේ මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග කෙරෙහි කටයුතු කළ යුත්තේ නොමිලේම කියලා හිතන් ඉන්න එක. FOSS භාවිතයට සහාය දෙන හෝ ඒ අශ්‍රීතව කටයුතු කරන අය නොමිලේ නම් ඒ අයගේ ගෙවල් වල අයට කන්න දෙන්නේ ගමෙ ග්‍රාමසේවකද?

ගොඩක් තැන්වල Open Source වලට නිසි සහායක් නැ කියනවා. මේකට හේතුව නොමිලේ සහාය ලබා ගන්න බැලීම. මෘදුකාංග සඳහා බලපත්‍ර අවශ්‍ය නැති උනාට ඒ සඳහා කටයුතු කරන අයගේ කාලය සහ දැණුම අවතකසේරු කරන්න බැ නේද?

Comments

  1. ඕකෙම කව ප්‍රශ්නයක් තියනව.

    ඒක තමයි සල්ලි දීල ඔය මෘදුකාංග හැමෝටම ගන්න පුළුවන්ද කියන එක.

    මම තාම පාසල් හිෂ්‍යයෙක්. GIT වලට කරන දේවල් සේරම මට ගෙදරදි පුරුදුවෙන්න විදිහක් නෑ ඒ මෘදුකාංග ගන්න මට සල්ලි නැති නිසා.

    මේ ප්‍රශ්නෙ දිගටම ඇදි ඇදි යන්න ඕනෙ නෑනෙ.

    ඒ නිසා මමනම් හිතන්නෙ ලංකාවට හොඳ නිදහස් මෘදුකාංග කියල. අඩුම පාසැල් විෂයනිර්දේශ වලටවත් ඇත්ලත් වෙන්න ඕනෙ.

    ReplyDelete
  2. හරියටම හරි! මේක තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? FOSS සඳහා වෙහෙස වෙන අයත් කන්න බොන්න ඕනේ. ඒ සඳහා මුදල් ඕනේ. ඒ අයගේ සේවාවන් ලබාගෙන ඒකට මුදල් ලබා දෙන එක තමයි තියෙන හොඳම දේ. මම ඒ ගැන මගේ පෙර ලිබියකත් සඳහන් කළා. ඩනිෂ්ක මේ ගැන තවත් විස්තරාත්මකව ලියන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete
  3. රාජකාරි මට්ටමින් මේ සඳහා සහාය දෙන සමහර රාජ්‍ය සේවකයන්ටත් බලපෑම් නැතිව නොවේ!

    ReplyDelete
  4. රට ඇතුලේ මේ වෙනකොට තියෙන windows copy ගාණ හැටියට සහ ඒ ආශ්‍රීත මෘදුකාංග වලට මිලක් ගෙවා ගන්න ගියානම් ජීවිතේට ලංකාව මිනිහෙලුට පරිගණකයක් ගන්නවා තබා හිතන්නවත් වෙන්නේ නැහැ. ඉතින් මේ අවැසි බව ලාභ දායක ආකාරයකට සමනය කරගන්න තියෙන එක විදිහක් තමා අපි foss වලට හැරෙන එක. අනික තමා අකමැත්තෙන් හරි හොරකොපි පාච්චිය.
    මම හොඳටම දන්නවා මින් අංක දෙක තමා මේ රටතුල වැඩිපුර පැතිරී ඇත්තේ. ඊට හේතුව මේ රට පාලන පක්ෂය මහා ලොකුවට තොරතුරු තාක්ෂණ වර්ෂ හඳුන්වලා දීලා හිටියට අදාල ක්ෂේත්‍රයේ අභිවෘධිය තකා තවම දැනෙන සේවාවක් කරලා නැති එක.
    කවදා හරි ලංකාවත් කියුබාව වගේ නිදහස් මෘදුකාංග පදනමකට [ http://goo.gl/R83y9 ] යටත්ව සිය පරිපාලන කටයුතු කරන්නට ගත්තොත් මේ ගැටලුවේ අනාගතය මීට වඩා ආලෝක මත් වේවි කියලා මට හිතෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක