Saturday, June 18, 2011

ඇත්තද මේ රාවය කියන්නේ?

<උපුටා ගැනීම>
"අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය."
<උපුටා ගැනීම අවසන්>



ඔබ මේ කතාවට එකඟ ද? ඇත්තද මේ කියන්නේ?

මෙන්න සම්පූර්ණ ලිපිය.

මෙහි උපුටාගෙන ඇති කොටස අයත් ලිපිය ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර නම් වූ ලියුම්කරු විසින් ලියා ඇත.

20 comments:

budhajeewa said...

උං දන්න තරම තමා.

මට මෙන්න මේක පැහැදිළි නෑ නෙ:

"තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත."

මොකක්දමෛ් සංවර්ධනේ කිරිල්ල? අපේ රටට මොකටද අමුතුවෙං ක්‍රමවේදයක්?

budhajeewa said...

"ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු (ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ටේ්‍රටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, *ෆයර්ෆොක්ස්*, ඇක්රොබැට්, බි්‍රජ්ස්)"

ඈ ඩනිෂ්ක, අපිට නොකියම Adobe ල ට Firefox විකුණුව නෙ?

(Firefox - Fireworks වෙනස නොදන්න ගොබිලො තමා FOSS ගැන සංසන්දනේ කරන්න යන්නේ!)

Danishka Navin said...

බුදා: ඔව් ඔව් මේ වගේ අයටම හොද ගානකට මහසෝනා වෛරස් එක උනත් නිකුණ ගන්න පුලුවන්. :D

Akila said...

මේක ලියපු කෙනාගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියනව.
[අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය]

වින්ඩෝස් ලයිසන් කොපි කී දෙනෙක් පාවිච්චි කරනවාද?

ලයිසන් නැති අයට ලැබෙන වගකීම මොකක්ද?

වින්ඩෝස් වල bugs ගැන කරන ලද bug reports කියකට පිලිතුරු ලැබී තිබේද?

RedHat Canonical Novell ආදී ආයතන ඕපන් සෝස් මෘදුකාංගවලට වගකීම් සහතික සහ සේවා ලබාදෙන බව ඔබ දන්නවාද?

[තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත.]

එසේනම් ඔබ වින්ඩෝස් (හෝ අනිකුත් propitiatory මෘදුකාංග) සංවර්ධනය කර භාවිත කරනවාද?

[ ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත.]

opensource communities ගැන ඔබ අසා තිබෙනවාද?

ඒවායේ තීරණ ගැනීම් කෙතරම් විවෘත භාවයකින් සිදුවනවා දැයි ඔබ දන්නවාද?

වින්ඩෝස් (හෝ අනිකුත් propitiatory මෘදුකාංග) සංවර්ධනය කරන නිසි ක්‍රමවේදය ඔබ දන්නවාද?

Akila said...

[තම පරිගණකය මගින් ක‍ෘ තැටියක් නිවැරදිව පිටපත් කිරීම වැනි සුළු කාර්යයවලදී පවා වෙනම මෘදුකාංගයක් පරිගණකය තුළ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ]

අනේ මන්ද නිකම් දෙන සොෆ්ට්වෙයා අම්බානක් මේ වැඩේට තියෙන්නෙ. අනික writer එකක් ගත්තම නිරෝත් නිකම්ම දෙනවනේ :O

budhajeewa said...

@Akila:

"වින්ඩෝස් ලයිසන් කොපි කී දෙනෙක් පාවිච්චි කරනවාද?

ලයිසන් නැති අයට ලැබෙන වගකීම මොකක්ද?"

සිරාවට.

Akila said...

[ තම පරිගණකය සඳහා අනිවාර්යයෙන් ස්ථාපනය කළයුතු වෛරස්ගාර්ඩ් මෘදුකාංගයක සාමාන්‍ය තත්ත්වයේ පිටපතක් ලංකාවතුළ විකිණෙන මුදල රුපියල් දෙදහසකට ආසන්න වේ.]

මෙයා කියන්නෙ නිකම් දෙන්නද දන්නෙ නෑ?
USA වල 59$ වලට දෙන එක මෙහේ 2000ට දීලත් ගාන වැඩී කියනවනෙ.

http://usa.kaspersky.com/store/kaspersky-store

[ ඒ නිසා අපිට ඕපන් සෝස් මෘදුකාංග අරගෙන අපිට ඕනෙ විදිහට ඩිවලොප් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද ඒවා තියෙන විදියටම අරන් පාවිච්චි කරන එක එච්චර ප්‍රායෝගික නෑ.]

දැන් propitiatory ඒවා පාවිච්චි කරන්නෙ තියන විධියට නෙමේද? (ඔව් ඉතින් crack කරල තමා)

ගයාන් තාරක said...

එක්කෝ නොදන්නා දේ කතා නොකල යුතුය..
නැත්නම් දන්නා දේ පමණක් කතා කල යුතුය..

බයිල ගහන්නැතිව මේ නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න අනුග්‍රහයක් අරන් දෙන්න බැරිද?

Anonymous said...

@ Akila - RedHat Canonical Novell ආදී ආයතන ඕපන් සෝස් මෘදුකාංගවලට වගකීම් සහතික සහ සේවා ලබාදෙන බව ඔබ දන්නවාද?

ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?

ඩනිෂ්ක said...

නිදහස් සහ විවෘත මෘදුකාංග මුදලට ගත්තත් නැතත් ඒවා නිසි තත්ත්ව පිරික්සුමකින් යුතුව නිකුත් කරන මෘදුකාංග වන අතරම ඔබට දෝෂයක් පිළිබඳ දැන්වූ විට අදාල මෘදුකාංග සඳහා දෝෂ නිරාකරණය නිසියාකාරව සිදු කෙරෙනවා.

budhajeewa said...

@Anonymous June 18, 2011 11:35 AM:

[said]ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?[/said]

කවුද කියන්නේ? ඒ අයගෙ ආදායම් මාර්ගේ තමයි තමන් නොමිලේ හෝ මි‍ලේ නිකුත් කරන මෘදුකාංග වලට මුදල් සඳහා නඩත්තු කටයුතු ලබා දීම.

ඔය කියන විදියට ඒ අය නඩත්තු කටයුතු ලබා දෙන්නේත් මිලදී ගත් මෘදුකාංග පමණක් නම් ඒ අය කරන්නේ තමංගේ ආදායම් මාර්ග අහුරා ගන්න එක නෙ.

Akila said...

[ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?]

හොදයි මට කියන්න සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයා එකෙයි, නොගෙව ගන්න එකෙයි quality එකේ වෙනස.

බොහෝ විට මේ දෙක වෙනස් වෙන්නේ එකකට එම ආයතනය විසින්ම සේවාවන් සැපයීම එහෙම නැත්නම් customization කිරීම යන කාරනා මත.

නමුත් සාමාන්‍ය පරිශීලකයෙකුට එවැනි සේවාවක් එතරම් අවශ්‍ය වෙන්නෙ නෑ. (හොදයි කියන්න ඔයා කවදාවත් ගෙදර කොම්පියුටරේ වැඩක් කරගන්න මයික්‍රොසොෆ්ට් එකෙන් උදව් ගත්තද?) නමුත් ව්‍යාපාරික කටයුත්තකට එවැන්නක් අවශ්‍ය වෙනව. ඒ වගේම සාමාන්‍ය පරිශීලකයෙකුට අවශ්‍ය සහය නොමිලේම community forum හරහා ලබාගන්නත් පුලුවන්.

තවත් වෙනස් කමක් තමා සමහර සොෆ්ට්වෙයා වල මුදල් ගෙවල ලබාගතයුතු සංස්කරනයේ නොමිලේ දෙන එකට වඩා features අඩංගු වීම (උදා starOffice/openOffice). නමුත් මේ අවස්තාවෙදි උනත් නොමිලේ දෙන්නෙ (windows 7 home basic වගේ) කුණුගොඩක් නෙමේ.හොද තත්වයකින් යුතු මෘදුකාංගයක්.

indi said...

නිර්ධන පන්තිය සතු ප්‍රබලම අවිය සංවිධානයයි..
අපිට මයික්‍රොසොට්, ඇඩෝබි වෙනුවට ලිනක්ස් ආදේශ කරනවනම් ඒකට අර සොෆ්ට්වෙයාර් වෙලෙන්දන්ගෙ ලනුවලට හරියන්න සැපට ගහන්න පුලුවන් වෙන් ඕනි...
මම දන්න විදිහට රාවය පත්තරේ පාඨකප්‍රත්චාර පල කරනව..
මේ ගැන දන්න කෙනෙක් නිකමට ලිපියක් ලියල ඕපන් සෝස් මෘදුකාංග ගැන දැම්මනම් ඒක සම්පූර්ණයෙන් නැත් උනත් කොටසක් හරි පලකරයි..

ඕ එස් නම් වින්ඩෝස්...පොටෝ වීඩියෝ එඩිට් නම් ඇඩෝබි..මේව බිඳින්න නම් මාරම ගේමක් දෙන්න ඕනි...

sapumal said...

කිසිම දෙයක් ගැන වැඩිය කෑගහන්න සුදුසු කාලයක් නෙමෙයි මේක. වැඩිය සද්ද දැම්මොත් "ඕපන් සෝස් ත්‍රස්තවාදය" කියල ලේබලයක් ගහගන්න තමයි වෙන්නේ. දිනමිණ පත්තරේ ඕක වැටෙන්නේ කොහොමද දන්නවද?

"ලංකා‍ව තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් කිරීමේ මහින්ද ච්න්තන වැඩපිලිවෙලට හිතාමතාම අකුල් හෙලීමේ අරමුණින් අධිරාජ්‍යවාදීන්ගෙන් යැපෙන, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාකරන සුලු පිරිසක් කිසිදු ප්‍රමිතියක් හෝ වගකීමක් නොමැති මෘදුකාංග සමාජය තුල ව්‍යාප්ත කිරීමේ වැඩපිලිවෙලක් ගෙනයන බවට ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත. අපාචි, මොසිල්ලා වැනි රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මත ක්‍රියාත්මක වන මෙවැනි වැඩපිලිවෙලවල්වලට අයිබීඑම් වැනි බහුජාතික සමාගම් පවා රහසේ මූල්‍යාධාර සපයන බව එලිවී තිබේ. ජාතියේ මෘදුකාංග තාක්ෂණ දියුණුවට වලකපන මෙම ඕපන් සෝස් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ මැදිහත්‍වීමෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත."

Anonymous said...

මට නම් ඒ ලිපියෙ කියන්න තරම් වැරැද්දක් නෑ.open source මෘදුකාංග කොහොම වුනත් Microsoft මෘදුකාංක වලට ලගින් යන විදියට හදන්න ඕනැ

නදීර සඳරුවන් ලියනගේ said...

ඔය ලිපිය මමත් කියෙව්වා.විවෘත මුදුකාංග ගැන දන්න තරම තමයි ඔය.

Akila said...

මේකත් බැලුව නං http://ansathudinapotha.blogspot.com/2011/06/blog-post_21.html

Anonymous said...

මේ කතාවේ කිසිම හරයක් නම් නැහැ. මම වැඩකරන ආයතනයෙත් මූලිකව ම භාවිත වෙන්නෙ උබුන්ටු. කිසි ගැටලුවක් නැහැ. මීට කලින් වින්ඩෝස් පමණක් භාවිත කරල තිබූ අයත් දැන් හරි හරියට උබුන්ටු වල වැඩ. මඩක් ගහන්න කිසි අරමුණක් නැහැ. නමුත් ඉතිහාසය විෂයයට විශේෂ උපාධියක් තියෙන මේ රචකයාගෙන් මීට වඩා වැඩි යමක් තොරතුරු තාක්ෂණය පිළිබඳ ව බලාපොරොත්තු වෙන්න බැහැ. හරි කණගාටුයි නියම තත්ත්වය මෙයාලා තේරුම් ගන්නේ නැති එක ගැන.

Anonymous said...

me article eka gena comment ekak daana ekath padui. liyapu ekkenage buddhi mattama shok ekata penawa.

meka raavaya wage paththareka thibba hinda wediya awulak ne. mokada oka Victor Iwan-ge gedara kattiyawath kiyawanawada kiyala sure nethi hina :P

Anonymous said...

ෆොස් ගැන දන්නේ කීයෙන් කීදෙනාද? අවුරුදු 10ක් වින්ඩෝස් පාවිච්චි කරපු කෙනෙකුට එකපාරටම ඕපන් සෝර්ස් දුන්නොත් මොකද වෙන්නේ? එහෙම බැලුවොත් මේ ලිපිය වැරදි නැහැ. කඩේකට ගිහින් පැනඩෝල් ඉල්ලන කෙනයි පැරසිටමෝල් ඉල්ලන කෙනයි ගැන හිතල බලන්න. එහෙම සමාජෙකට එකපාරටම වින්ඩෝස් තහනම් කලොත් පරිගණක සාක්ෂරතාව ඔය තියෙන තැනම නවතිනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.