Skip to main content

ඇත්තද මේ රාවය කියන්නේ?

<උපුටා ගැනීම>
"අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය."
<උපුටා ගැනීම අවසන්>



ඔබ මේ කතාවට එකඟ ද? ඇත්තද මේ කියන්නේ?

මෙන්න සම්පූර්ණ ලිපිය.

මෙහි උපුටාගෙන ඇති කොටස අයත් ලිපිය ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර නම් වූ ලියුම්කරු විසින් ලියා ඇත.

Comments

  1. උං දන්න තරම තමා.

    මට මෙන්න මේක පැහැදිළි නෑ නෙ:

    "තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත."

    මොකක්දමෛ් සංවර්ධනේ කිරිල්ල? අපේ රටට මොකටද අමුතුවෙං ක්‍රමවේදයක්?

    ReplyDelete
  2. "ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු (ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ටේ්‍රටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, *ෆයර්ෆොක්ස්*, ඇක්රොබැට්, බි්‍රජ්ස්)"

    ඈ ඩනිෂ්ක, අපිට නොකියම Adobe ල ට Firefox විකුණුව නෙ?

    (Firefox - Fireworks වෙනස නොදන්න ගොබිලො තමා FOSS ගැන සංසන්දනේ කරන්න යන්නේ!)

    ReplyDelete
  3. බුදා: ඔව් ඔව් මේ වගේ අයටම හොද ගානකට මහසෝනා වෛරස් එක උනත් නිකුණ ගන්න පුලුවන්. :D

    ReplyDelete
  4. මේක ලියපු කෙනාගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියනව.
    [අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය]

    වින්ඩෝස් ලයිසන් කොපි කී දෙනෙක් පාවිච්චි කරනවාද?

    ලයිසන් නැති අයට ලැබෙන වගකීම මොකක්ද?

    වින්ඩෝස් වල bugs ගැන කරන ලද bug reports කියකට පිලිතුරු ලැබී තිබේද?

    RedHat Canonical Novell ආදී ආයතන ඕපන් සෝස් මෘදුකාංගවලට වගකීම් සහතික සහ සේවා ලබාදෙන බව ඔබ දන්නවාද?

    [තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත.]

    එසේනම් ඔබ වින්ඩෝස් (හෝ අනිකුත් propitiatory මෘදුකාංග) සංවර්ධනය කර භාවිත කරනවාද?

    [ ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත.]

    opensource communities ගැන ඔබ අසා තිබෙනවාද?

    ඒවායේ තීරණ ගැනීම් කෙතරම් විවෘත භාවයකින් සිදුවනවා දැයි ඔබ දන්නවාද?

    වින්ඩෝස් (හෝ අනිකුත් propitiatory මෘදුකාංග) සංවර්ධනය කරන නිසි ක්‍රමවේදය ඔබ දන්නවාද?

    ReplyDelete
  5. [තම පරිගණකය මගින් ක‍ෘ තැටියක් නිවැරදිව පිටපත් කිරීම වැනි සුළු කාර්යයවලදී පවා වෙනම මෘදුකාංගයක් පරිගණකය තුළ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ]

    අනේ මන්ද නිකම් දෙන සොෆ්ට්වෙයා අම්බානක් මේ වැඩේට තියෙන්නෙ. අනික writer එකක් ගත්තම නිරෝත් නිකම්ම දෙනවනේ :O

    ReplyDelete
  6. @Akila:

    "වින්ඩෝස් ලයිසන් කොපි කී දෙනෙක් පාවිච්චි කරනවාද?

    ලයිසන් නැති අයට ලැබෙන වගකීම මොකක්ද?"

    සිරාවට.

    ReplyDelete
  7. [ තම පරිගණකය සඳහා අනිවාර්යයෙන් ස්ථාපනය කළයුතු වෛරස්ගාර්ඩ් මෘදුකාංගයක සාමාන්‍ය තත්ත්වයේ පිටපතක් ලංකාවතුළ විකිණෙන මුදල රුපියල් දෙදහසකට ආසන්න වේ.]

    මෙයා කියන්නෙ නිකම් දෙන්නද දන්නෙ නෑ?
    USA වල 59$ වලට දෙන එක මෙහේ 2000ට දීලත් ගාන වැඩී කියනවනෙ.

    http://usa.kaspersky.com/store/kaspersky-store

    [ ඒ නිසා අපිට ඕපන් සෝස් මෘදුකාංග අරගෙන අපිට ඕනෙ විදිහට ඩිවලොප් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද ඒවා තියෙන විදියටම අරන් පාවිච්චි කරන එක එච්චර ප්‍රායෝගික නෑ.]

    දැන් propitiatory ඒවා පාවිච්චි කරන්නෙ තියන විධියට නෙමේද? (ඔව් ඉතින් crack කරල තමා)

    ReplyDelete
  8. එක්කෝ නොදන්නා දේ කතා නොකල යුතුය..
    නැත්නම් දන්නා දේ පමණක් කතා කල යුතුය..

    බයිල ගහන්නැතිව මේ නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න අනුග්‍රහයක් අරන් දෙන්න බැරිද?

    ReplyDelete
  9. @ Akila - RedHat Canonical Novell ආදී ආයතන ඕපන් සෝස් මෘදුකාංගවලට වගකීම් සහතික සහ සේවා ලබාදෙන බව ඔබ දන්නවාද?

    ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?

    ReplyDelete
  10. ඩනිෂ්කJune 18, 2011 at 11:40 AM

    නිදහස් සහ විවෘත මෘදුකාංග මුදලට ගත්තත් නැතත් ඒවා නිසි තත්ත්ව පිරික්සුමකින් යුතුව නිකුත් කරන මෘදුකාංග වන අතරම ඔබට දෝෂයක් පිළිබඳ දැන්වූ විට අදාල මෘදුකාංග සඳහා දෝෂ නිරාකරණය නිසියාකාරව සිදු කෙරෙනවා.

    ReplyDelete
  11. @Anonymous June 18, 2011 11:35 AM:

    [said]ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?[/said]

    කවුද කියන්නේ? ඒ අයගෙ ආදායම් මාර්ගේ තමයි තමන් නොමිලේ හෝ මි‍ලේ නිකුත් කරන මෘදුකාංග වලට මුදල් සඳහා නඩත්තු කටයුතු ලබා දීම.

    ඔය කියන විදියට ඒ අය නඩත්තු කටයුතු ලබා දෙන්නේත් මිලදී ගත් මෘදුකාංග පමණක් නම් ඒ අය කරන්නේ තමංගේ ආදායම් මාර්ග අහුරා ගන්න එක නෙ.

    ReplyDelete
  12. [ඒ අය ඔය කියන වගකීම දෙන්නේ සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වලට පමණක් කියලත් ඔයා දන්නවද?]

    හොදයි මට කියන්න සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයා එකෙයි, නොගෙව ගන්න එකෙයි quality එකේ වෙනස.

    බොහෝ විට මේ දෙක වෙනස් වෙන්නේ එකකට එම ආයතනය විසින්ම සේවාවන් සැපයීම එහෙම නැත්නම් customization කිරීම යන කාරනා මත.

    නමුත් සාමාන්‍ය පරිශීලකයෙකුට එවැනි සේවාවක් එතරම් අවශ්‍ය වෙන්නෙ නෑ. (හොදයි කියන්න ඔයා කවදාවත් ගෙදර කොම්පියුටරේ වැඩක් කරගන්න මයික්‍රොසොෆ්ට් එකෙන් උදව් ගත්තද?) නමුත් ව්‍යාපාරික කටයුත්තකට එවැන්නක් අවශ්‍ය වෙනව. ඒ වගේම සාමාන්‍ය පරිශීලකයෙකුට අවශ්‍ය සහය නොමිලේම community forum හරහා ලබාගන්නත් පුලුවන්.

    තවත් වෙනස් කමක් තමා සමහර සොෆ්ට්වෙයා වල මුදල් ගෙවල ලබාගතයුතු සංස්කරනයේ නොමිලේ දෙන එකට වඩා features අඩංගු වීම (උදා starOffice/openOffice). නමුත් මේ අවස්තාවෙදි උනත් නොමිලේ දෙන්නෙ (windows 7 home basic වගේ) කුණුගොඩක් නෙමේ.හොද තත්වයකින් යුතු මෘදුකාංගයක්.

    ReplyDelete
  13. නිර්ධන පන්තිය සතු ප්‍රබලම අවිය සංවිධානයයි..
    අපිට මයික්‍රොසොට්, ඇඩෝබි වෙනුවට ලිනක්ස් ආදේශ කරනවනම් ඒකට අර සොෆ්ට්වෙයාර් වෙලෙන්දන්ගෙ ලනුවලට හරියන්න සැපට ගහන්න පුලුවන් වෙන් ඕනි...
    මම දන්න විදිහට රාවය පත්තරේ පාඨකප්‍රත්චාර පල කරනව..
    මේ ගැන දන්න කෙනෙක් නිකමට ලිපියක් ලියල ඕපන් සෝස් මෘදුකාංග ගැන දැම්මනම් ඒක සම්පූර්ණයෙන් නැත් උනත් කොටසක් හරි පලකරයි..

    ඕ එස් නම් වින්ඩෝස්...පොටෝ වීඩියෝ එඩිට් නම් ඇඩෝබි..මේව බිඳින්න නම් මාරම ගේමක් දෙන්න ඕනි...

    ReplyDelete
  14. කිසිම දෙයක් ගැන වැඩිය කෑගහන්න සුදුසු කාලයක් නෙමෙයි මේක. වැඩිය සද්ද දැම්මොත් "ඕපන් සෝස් ත්‍රස්තවාදය" කියල ලේබලයක් ගහගන්න තමයි වෙන්නේ. දිනමිණ පත්තරේ ඕක වැටෙන්නේ කොහොමද දන්නවද?

    "ලංකා‍ව තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් කිරීමේ මහින්ද ච්න්තන වැඩපිලිවෙලට හිතාමතාම අකුල් හෙලීමේ අරමුණින් අධිරාජ්‍යවාදීන්ගෙන් යැපෙන, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාකරන සුලු පිරිසක් කිසිදු ප්‍රමිතියක් හෝ වගකීමක් නොමැති මෘදුකාංග සමාජය තුල ව්‍යාප්ත කිරීමේ වැඩපිලිවෙලක් ගෙනයන බවට ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත. අපාචි, මොසිල්ලා වැනි රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මත ක්‍රියාත්මක වන මෙවැනි වැඩපිලිවෙලවල්වලට අයිබීඑම් වැනි බහුජාතික සමාගම් පවා රහසේ මූල්‍යාධාර සපයන බව එලිවී තිබේ. ජාතියේ මෘදුකාංග තාක්ෂණ දියුණුවට වලකපන මෙම ඕපන් සෝස් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ මැදිහත්‍වීමෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත."

    ReplyDelete
  15. මට නම් ඒ ලිපියෙ කියන්න තරම් වැරැද්දක් නෑ.open source මෘදුකාංග කොහොම වුනත් Microsoft මෘදුකාංක වලට ලගින් යන විදියට හදන්න ඕනැ

    ReplyDelete
  16. ඔය ලිපිය මමත් කියෙව්වා.විවෘත මුදුකාංග ගැන දන්න තරම තමයි ඔය.

    ReplyDelete
  17. මේකත් බැලුව නං http://ansathudinapotha.blogspot.com/2011/06/blog-post_21.html

    ReplyDelete
  18. මේ කතාවේ කිසිම හරයක් නම් නැහැ. මම වැඩකරන ආයතනයෙත් මූලිකව ම භාවිත වෙන්නෙ උබුන්ටු. කිසි ගැටලුවක් නැහැ. මීට කලින් වින්ඩෝස් පමණක් භාවිත කරල තිබූ අයත් දැන් හරි හරියට උබුන්ටු වල වැඩ. මඩක් ගහන්න කිසි අරමුණක් නැහැ. නමුත් ඉතිහාසය විෂයයට විශේෂ උපාධියක් තියෙන මේ රචකයාගෙන් මීට වඩා වැඩි යමක් තොරතුරු තාක්ෂණය පිළිබඳ ව බලාපොරොත්තු වෙන්න බැහැ. හරි කණගාටුයි නියම තත්ත්වය මෙයාලා තේරුම් ගන්නේ නැති එක ගැන.

    ReplyDelete
  19. me article eka gena comment ekak daana ekath padui. liyapu ekkenage buddhi mattama shok ekata penawa.

    meka raavaya wage paththareka thibba hinda wediya awulak ne. mokada oka Victor Iwan-ge gedara kattiyawath kiyawanawada kiyala sure nethi hina :P

    ReplyDelete
  20. ෆොස් ගැන දන්නේ කීයෙන් කීදෙනාද? අවුරුදු 10ක් වින්ඩෝස් පාවිච්චි කරපු කෙනෙකුට එකපාරටම ඕපන් සෝර්ස් දුන්නොත් මොකද වෙන්නේ? එහෙම බැලුවොත් මේ ලිපිය වැරදි නැහැ. කඩේකට ගිහින් පැනඩෝල් ඉල්ලන කෙනයි පැරසිටමෝල් ඉල්ලන කෙනයි ගැන හිතල බලන්න. එහෙම සමාජෙකට එකපාරටම වින්ඩෝස් තහනම් කලොත් පරිගණක සාක්ෂරතාව ඔය තියෙන තැනම නවතිනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක