Skip to main content

හන්තාන ලිනක්ස් මත ජුම්ලා ස්ථාපනය


මෙම සටහන Fedora/CentOS/RHEL මත ජුම්ලා ස්ථාපනයට භාවිත කළ හැක.

පරිගණකයට පිවිසිමේන් අනතුරුව ටර්මිනල් එක විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

[danishka@localhost ~]$ cd Downloads/
[danishka@localhost Downloads]$ wget http://joomlacode.org/gf/download/frsrelease/18323/80368/Joomla_3.1.1-Stable-Full_Package.zip

 

ජුම්ලා නවතම නිකුතුව අවශ්‍ය නම් පහත සබැඳිය භැවිත කළ හැක.
http://www.joomla.org/download.html



මෙම ස්ථාපනය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ පද්ධතියේ apache, php සහ mysql ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. හන්තාන 14 නිකුතුවේ සිට සියලුම නිකුතුවන් පෙරනිමියෙන්ම apache, php සහ mysql ඇතුළත් වේ.

නමුත් වෙනත් පද්ධතියක් සඳහා ස්ථාපනය කරන්නෙ නම් පහත විධානය ලබා දෙන්න.

root පරිශීලක ලෙස පිවිසීමට su  විධානය ලබා දෙන්න.

[danishka@localhost ~]$ su
Password:
[root@localhost danishka]#
yum -y install httpd php mysql mysql-server php-mysql

හන්තාන ලිනක්ස් පද්ධතිය තුළදි ඉහත දැක්වෙන විධානය ලබා දීම අවශ්‍ය නොවේ

පහත විධාන මඟින් mysql සහ apache සේවාවන් ඇරඹීම සිදුවන අතර පරිගණකය ආරම්ඹ කිරීමේදි ස්වයංක්‍රීයව එම සේවා ක්‍රියාත්මක වනු ඇත.

[root@localhost danishka]# service httpd start

[root@localhost danishka]# chkconfig httpd on
[root@localhost danishka]# service httpd start
[root@localhost danishka]# chkconfig httpd on

දැන් අපි ජුම්ලා ස්ථාපනය කරගන්න අවශ්‍ය බහලුමක් සදා ගෙන එම බහලුමට අදාල මෘදුකාංගය පිටපත් කරගනිමු. එමෙන්ම zip කළ ගොනුව myweb ලෙස සාදාගත් බහලුමට extract කරගමු.

[root@localhost danishka]# mkdir /var/www/html/myweb
[root@localhost danishka]# cp -v Joomla_3.1.1-Stable-Full_Package.zip /var/www/html/myweb/
[root@localhost danishka]# cd /var/www/html/myweb/
[root@localhost danishka]# unzip Joomla_3.1.1-Stable-Full_Package.zip
[root@localhost danishka]# chown -R apache:apache /var/www/html/myweb/


දැන් අපි Joomla ස්ථාපනය සඳහා භාවිත වන MySQL තුළ අවශ්‍ය වන සැකසුම් හදාගනිමු.

[danishka@localhost ~]$ mysql -u root -p
Enter  Passwor:

mysql> create database Joomla;
mysql> GRANT ALL PRIVILEGES ON Joomla.*  TO hanthana@localhost IDENTIFIED BY 'hanthana123';
mysql> flush privileges;
mysql>  \q

ඉහත විධාන වල Joomla යනු ජුම්ලා වැඩසටහන සඳහා භාවිත කරන Database එක වන අතර hanthana යනු database එකෙ පරිශීලකවන අතර එම පරිශීලක සඳහා මුරපදය hanthana123 වේ.


 දැන් ඔබේ පරිගණකයේ ඇති Firefox වෙබ් බ්‍රවුසරය විවෘත කර, http://localhost/myweb ලිපිනය විවෘත කරන්න.

දැන් අපි අවශ්‍ය තොරතුරු ලබා දෙමින් ජුම්ලා ස්ථාපනයට අවශ්‍ය මූලික තොරතුරු ලබා දෙමු.


Database එක අවශ්‍ය සැකසුම් පහත පරිදි ලබා දෙන්න... ඉන්පසුව දකුණු පස ඉහළ කෙලවරේ ඇති Next බොත්තම ඔබන්න.


FTP සැකසුම් ලබා දීම අවශ්‍ය නොවේ.
දකුණු පස ඉහළ ඇති Next බොත්තම ඔබන්න


 දැන් ස්ථාපනය බොහෝ දුරට අවසන්... ඔබ ජුම්ලා සඳහා නවකයෙක් නම් වෙබ් අඩවියට සාම්පල දත්ත ඇතුළත් කර එය පසුව වෙනස් කර ගැනීම වඩා යෝග්‍ය වනු ඇත. ඒ සඳහා ඕනෑම සාම්පල දත්තයක් තෝරා දකුණු පස ඉහළ ඇති Install බොත්තම ඔබන්න.


දැන් ඔබේ පද්ධතියට ජූම්ලා ස්ථාපනය වනු ඇත.


 ජුම්ලා ස්ථාපනය අවසන්!!


ඔබේ ස්ථාපනය අවසන් වූ විට යම්හෙයකින් ස්ථාපන ගොනු ඔබ විසින්ම ඉවත් කළ යුතුනම් පහත විධාන දෙන්න.

[root@localhost danishka]# cd /var/www/html/myweb/
[root@localhost danishka]# mv installation/ /opt/

දැන් යළිත් Remove Installation Folder මත ක්ලික් කළ විට ස්ථාපන බහලුම ඉවත්කරන ලෙස කරන නිවේදනය දිස්වන්නෙ නැත.

දැන් යළිත් ඔබට අවශ්‍ය ලෙස Site හෝ Administration බොත්තම් දෙකෙන් එකක් එබිය හැක.
Site යනු ඔබේ වෙබ් අඩවියට අදාල මුල් පිටුව වන අතර Administration හරහා ඔබේ අඩවියේ අවශ්‍ය පරිපාලන සැකසුම් කරගත හැක.

Extra steps: Instal languages යටතේ ඔබට ජුම්ලා මුහුනත ඉංග්‍රීසි බස හැර සිංහල සහ දමිළ බසින් භාවිතයට අවශ්‍ය පහසුමක් සලසා දේ. ඉංග්‍රීසි බසින් භාවිතය ඔබට වඩාත් පහසු විය හැක!





වෙබ් අඩවියට පිවිසීමට: http://localhost/myweb/
කළමණාකරන මුහුණතට පිවිසීමට: http://localhost/myweb/administrator/index.php

localhost යන්න අදාල අවස්ථාවෙන් පසු ඔබෙ domain නාමය අනුව සැකසුම් තුළ දි වෙනස් කරගන්න.

සුභ පැතුම්! :)

මෙම සටහන මිතුරකුගේ ඉල්ලීමක් මත ඉතා ඉක්මනින් සැකසූ නිසා අඩුපාඩු තිබිය හැකි අතර. ස්ථාපනය විනාඩි 30කට අඩු කාලයකදි සිදු කළ හැක. විධාන ලබා දිමේදි කලු පැහැති අකුරින් ඇති කොටස් පමණක් පිටපත් කරගන්න.

උදා:  පහත විධානයෙදි ඔබ පිටපත් කරගත යුත්තෙ mkdir /var/www/html/myweb කොටස පමණි.
[root@localhost danishka]# mkdir /var/www/html/myweb

Comments

  1. ලිනක්ස් ඉගන ගැන්මට මහත් ඇල්මක් ඇත. තාම හසුරුවාවත් නැත. මට මුලික දැනුම එනම් ඔපරේටින් සිස්ටම් එක හෝ ඉගන ගැන්මට කොළඹ අවට තැනක් සොයා දෙන්න.
    ndilruksha@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක