Skip to main content

බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්


මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ,  සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.

 නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහා
  • Core i3 Processor
  • 2GB RAM
  • 500GB HDD
  • LED Display
  • Keyboard/Mouse 
  • (UPS රහිතව) 
මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න.

දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත.

ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.

මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.

ගිණුම් අංකය: 8480050534
බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.
ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්
ගිණුම් වර්ගය: ඒකා බද්ධ

COMMERCIAL BANK, UNION PLACE
ACC NO: 8480050534
ACCOUNT HOLDERS
MR BANDULA PUSHPAKUMARA RANATUNGA
OR
MR WELIVITIGODA HEWAGE KALPA PATHUM


මූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය: 0714315426
විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} com
කල්ප පැතුම්:   callkalpa {[AT] } gmail {[DOT]} com 

පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:
ජංගම දුරකතන අංකය:  0718217443

කල්ප පැතුම් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන අතර, බන්දුල රණතුංග මහතා පලාත් පාලන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපෘති කළමණාකාර වරයෙකු ලෙසත්, අතුල හේරත් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවේ, පරිගණක දෘඩාංග පිළිබඳ කටයුතු සඳහා සක්‍රීයව දායක වන ගුරුමතකු බවත් ඔබගේ දැන ගැණීම සඳහා මෙලෙස සටහන් කරමි.

සාගලපුර විදුලට මා ගිය විට දුටුවේ 1 වසර සහ 2 වසර එකට උගන්වන බවත් 5 සහ 6 වසර දරුන්ද එක් පංතියක් ලෙස ඉගෙනිමි කටයුතු කරන බවයි. ගුරුවරු හිගයක් ඇති පාසලකට පරිගණක තාක්ෂණය හීනයක් නොවන අතර අපි පරිගණක පහසුකම් පමණක් නොව ගුරුවරුන් සඳහා අවශ්‍ය මූලික දැණුම ලබා දිමෙ මූලික වැඩසටහන් මාලාවක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වවනවා. එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල වල ඉන්න නංගිලා මල්ලිලට උනත් අපිත් සමඟ එක්වෙන්න පුලුවන්.


ඔබට මූල්‍යමයව දායක වීමට නොහැකි වුවත් මෙලෙස උදව් කිරීමට දායක විය හැකිබේ මිතුරෙකුට හෝ ආයතනයකට මෙම තොරතුරු දැන් වීමත් ඉතා පහසුවෙන් කළ හැකි උදව්වක් බව දන්වා සිටිමි. එමෙන්ම තවත් මෙවැනි පාසල් සඳහා ඉදිරියට අප උදව් කිරීමට සැලසුම් කරගෙන සිටිබව සතුටින් දන්වා සිටිමු.

එමෙන්ම මෙම පරිගණක සඳහා භාවිත කරන්නෙ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය බව කරුණාවෙන් සලකන්න. 

පහත විඩීයෝව මීට පෙර පාසලකට ලබා දුන් අවස්ථාවේ එම පාසලෙ ගුරුතුමියගේ, දෙමාපියන්ගෙ සහ විදුහල් පතිතුමාගෙන් අදහස් මෙන්ම දරුවන්ගෙ ක්‍රියාකාරකම් දැක්වෙන විනාඩි 15ක විඩියෝවකි.





මෙම කාර්යයත් එක්තරා ආකාරයක පිනක් බව අද පොහෝ දිනයේ මතක් කර සිටිමි..!


Comments

  1. අනිවාර්යෙනම උදව් කරනවා මචං.

    ReplyDelete
  2. අනේ මටනං කීයක්වත් දාන්න මේ දවස්වල වෙන්නෙ නහැ...කරන අයට පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..

    ReplyDelete
  3. මේක හොඳ වැඩක්. අපිත් එකතු වෙන්නම්.

    ReplyDelete
  4. //"ගුරුවරු හිගයක් ඇති පාසලකට පරිගණක තාක්ෂණය හීනයක් නොවන අතර අපි පරිගණක පහසුකම් පමණක් නොව ගුරුවරුන් සඳහා අවශ්‍ය මූලික දැණුම ලබා දිමෙ මූලික වැඩසටහන් මාලාවක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා"//

    අනිවාර්යයයෙන්ම පින්වන්ත කටයුත්තක්, හැකි සෑම අයුරින්ම උදව් කරන්නම්....

    ReplyDelete
  5. Need to Contact you. Give me your Number Chanux@mail.com

    ReplyDelete

Post a Comment